
(සුජිත් හේවාජුලිගේ )
වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
එසේම ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටද ලබන වසරේදී අවසර ලබා නොදෙන බව හෙතෙම සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බත්තරමුල්ලේදී අද (9) පැවති කිරි ගොවි සම්මේලනය අමතමිනි.
සමහර රජයේ ආයතනවල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයන් සිටින බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කොතරම් සේවකයන් සිටිනවාදැයි කියනවා නම් සමහරුන්ට ඒවායේ ඉඳගැනීමට පුටු පවා නොමැති බව ප්‍රකාශ කළේය.
ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ධීවර ක්ෂේත්‍රයෙන් මෙන්ම පශු සම්පත්වලින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් විදේශයෙන් කිරිපිටි ආනයනය කිරීම නවත්වා ගැනීමට හැකිනම් එය ආර්ථිකයට ලොකු උදව්වක් බවත් මුදල් අමාත්‍යවරයා කීවේය.
ලබන වසරේ මුල් මාස කිහිපයේදීත් විදේශ මුදල්වල අමාරුකම් ඇතිවිය හැකි වුවත් සාගතය කියන වචනයවත් කියන්නේ නැතුව රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.
එසේම අමාත්‍යාංශවලට වසරේ අතරමැද කාලයේදී මුදල් ලබා ගැනීම සඳහා වැය ශීර්ෂ ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
විදේශ විනිමය ප්‍රශ්නයට රට බැරෑරුම් ලෙස මුහුණදී සිටින බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන ගෙන්වීමට සහ ණය වාරික හා පොලිය ගෙවීමට ඩොලර් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී ඇති බවද කීවේය.
සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය වසර දෙකේදී ලැබුන මුදල අහිමි වූ බවත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුදලද මේ වසරේදී අඩු වුන බවත් හෙතෙම සඳහන් කළේය.
කුමන ආර්ථික ප්‍රශ්න තිබුණත් රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම ඉතා වැදගත් බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ආහාර සුරක්ෂිතතාව නැති වුවහොත් රටේ ස්ථාවරත්වය විනාශවීමෙන් ලොකු ප්‍රශ්නයක් මතුවනු ඇති බවද ප්‍රකාශ කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977 ට පෙර යුගය මතක් වුනා
එතකොට රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්න ඇමැති සංඛ්‍යාව අඩු කරන් නැද්ද? එතකොට රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු... ඔය තනතුරු වලින් රටට ඇති ප්‍රයෝජනය මොකද්ද...?
හොඳ තත්වයේ පවතින වාහන ලෝකයේ දියුණු රටවල තලාපොඩි කොට විනාශකොට දමන අයුරු යූටියුබ් එකේ තියෙන වීඩියෝ වලින් බලාගන්න පුළුවන්.... දුකේ බැහැ. අපේ රටේ විශාල ගණනක් වෙන මේ වාහන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ක්‍රියාත්මක වී, අපේ රටේ මිනිසුන්ට ලබාදෙන ක්‍රමයක් ඇතිකරනවා නම්, කොතරම් අගනේද?
බොහොම හොඳ තීරණයක්... මන්ත්‍රීයන්ට බදුරහිත වාහනත් නවතා දමන්න. රජයට ගෙන්වන වාහනවලටත් වටිනාකමේ සීමාවක් පනවන්න. ඉස්කෝලේ යන කාලේ කබල් බයිසිකලයක්වත් නොතිබ්බ ගොයියන් රජයේ සේවයට බැඳුණාට පස්සේ යන්න හොයන්නේ බී.එම්.ඩබ්ලියු...
එහෙම කරන්න එපා... ජනතාවගේ මුදලින් හරි පොඩ්ඩක් එහා මෙහා කරලා වාහන ටික ගමු.. ජනතාව සඳහානේ මේ ඔක්කොම කරන්නේ...
තුනෙන් දෙකේ 69 ලක්ෂයට සැපද දැන්?
සීමාවාසික වෛද්‍යවරුන් සඳහා ස්ථිර පත්වීම් ලැබෙන එකකුත් නැද්ද?
කිරි බොන්න හොඳ නැහැ නේද මුදල් ඇමැතිතුමා...? ලෙඩ හැදෙනවලු නේද? මෙදාපාර ඉන්දියාවේ ගිහිල්ලා හොයාගෙන තියෙන්නේ...
එහෙම බැලුවොත් මහජන මුදල් නිකරුණේ කාබාසීනියා කරන දේශපාලුවන් කොච්චර ඉන්නවාද..? දේශපාලුවන්ගේ නෑයින්, හිතවතුන්, නිකම් ඉඳන් හැම වරප්‍රසාදයක්ම භුක්ති විඳින්නේ...
ජනතාවගෙන් බලය ඉල්ලනකොට ඕවා කිව්වේ නෑ. අපට බලය දෙන්න. කරන හැටි අපි කරලා පෙන්නන්නම් කියලා එදා කිව්වේ...
2021 වෙලත් රෑ 9 ය වෙනකොට ප්‍රධාන පාරවල් වලවත් බස් දුවන්නේ නැති රටේ, මම කල්පනා කළේ... වාහනයක් නැති ගෙවල් වල මිනිස්සු කොහොමද එදිනෙදා වැඩකටයුතු කරගන්නේ කියලා..?, මේ වගේ එක තැන පල්වෙන රටක් වෙන ලෝකේ කොහෙවත් තියනවාද?
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන්නා වූ ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින් අලුතින් බඳවා ගැනීම නවතා දැමීම පමණක් නොව අවශ්‍ය ප්‍රමාණයට වඩා සිටින සේවකයින් සියල්ල ඉවත් කිරීම සහ රජයේ සේවකයින්ගේ වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට රජයට සිදුවනු ඇත. සේවකයා ලබන වැටුපෙන් 15% සිට 50% දක්වා ( 30.000 - 100000 up ) ප්‍රමාණයක් අඩුකළ යුතුවේ. අනාගතයේදී රාජ්‍ය සේවය පුද්ගලික අංශයේ සේවාවක් මෙන් කාර්යක්ෂමව කටයුතු කිරීමට සැලසුම් සකස්කළ යුතුව ඇත. ලංකාවේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන ආකාරයට දේශපාලකයින් විසින් සහ දේශපාලන බලපෑම් මත රජයේ සේවයට සේවකයන් බඳවා ගෙන ඇත. ලෝකයේ දියුණු රටවල තිබෙන්නා වූ ක්‍රමවේද ලංකාවට හඳුන්වාදිය යුතුවේ...
වාහන ගෙන්නනෙ නැති එක ගැන කිසි ප්‍රශ්ණයක් නෑ. ඒත් ලංකාවෙ දැන්වත් වාහන හදන්න පටන් ගන්න ඕන. වාහන හදන්න පටන් ගන්න නම් ඉස්සෙල්ලම ඒකට උපකාරී කර්මාන්ත පටන් අරන් ඉන්න ඕන.
අලුත් වාහන කෙසේ වෙතත් කුඩා දරුවන්ගේ කිරිපිටිත් නවත්වනන හදන්නේ අනේ මෙහෙමත් රජයක්
පොදු ප්‍රවාහනයක් තියෙනවා නම් ඔච්චර වාහන ඕනෙ වෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ පොඩි රටකට 225ක් ඕනෙත් නැහැ. අන්න එතැනින්ම අඩු කරන්න පටන් ගත්තා නම් නියමෙටම නියමයි..
සංචාරක කර්මාන්තයෙන්ම යැපෙන මාලදිවයින, තායිලන්තය වගේ රටවලට මේ ප්‍රශ්න නැති එකනේ පුදුමේ. සමහරවිට ඒ රටවල් 5000 කොළ ගගහා බෙදන්න නෑ...
ආ... මේ මොකෝ මේ..? මොල 7ක් තියාගෙන ආවේ රට සුඛිත මුදිත කරන්න නේද? ඇයි දැන් මේ නැතිවාදම් කියන්නේ..? රජයේ ඉන්න පොල්ලෙලි ඇමැතින්ගේ ගණන අඩුකරන්න මතක් වෙන්නේ නැද්ද? විශ්‍රාම වැටුපයි, මන්ත්‍රී වැටුපයි ගන්න ලොකු අයියාගෙන් පඩියක් අඩුකළා නම්... වගේ දේවල් මොල 7න් එකකටවත් ආවේ නැද්ද? පව් ඉතින්... පීඩනය වැඩිවෙද්දී ආයෙමත් ඇමෙරිකාවට ගිහින් පෙට්‍රල් ගහන්න ඕනෑ කියලා හිතෙන්නත් පුළුවන්..
මැතිවරණ කාලයේදී බොරු පොරොන්දු දෙන්න නම් අපේ නායකයින්ට වඩා දක්ෂ නායකයෝ ලෝකයේ කිසිම රටක නැහැ. නමුත් බලයට ආවට පසු හැම එකටම නැහැ බැහැ කියනවා.
මොක කටින්ද ඔය කතා කියන්නේ... පුටු නැහැ ඉඳගන්න. හැම ඡන්දයකින් පස්සේ බුරුතු පිටින් හෙන්චයියන්ට ආණ්ඩුවේ රැකියා දුන්නේ කවුද? ඔයාලා නේද?
අර මොළ හතෙන් කියන්න තියෙන්නේ මේ ටිකද? මේවා අපි දැනගත්තේ මීට මාස ගණනකට කලින්.
මොවුන් ටික එකතුවෙලා ඩොලර් ටික ගිල්ලා... රට බැංකුවලට දැම්මා..
මෙයාට නේද බයියෝ රැලක් මොළ හතක් තියෙනවා කියල කිව්වේ?
ගෙදර ඉන්න බල්ලාට, පූසාට යනකම් තාන්න මාන්න තනතුරු බෙදාහදාගෙන... දැන් එනවද නරිවාදන් කියවන්න..?
බංග්ලාදේශයේත් ඔයවගේ වාහන ගෙන්වන එක නවත්තලාද? මොකද බංග්ලාදේශය කියන්නේ දුප්පත් රටක්නේ..
ප්‍රශ්නයක් නැහැ. පවුලේ අයට අලුත් වාහන තියෙනවනේ...
මොන ආහාර සුරක්ෂිතතාවයක්ද? දැනටමත් හාල්, එළවළු ගිනිගණන්. පෝර නැති නිසා අස්වැන්න නෑ. මෝඩ තීරණ අරන් රට ඇතුළේ වවන් කන ටිකත් නැතිකරන්නේ මෙයාලා තමයි.
මාසෙකට කෝටිගණන් වියදම් කරලා නඩත්තු කරන 225 අඩු කරන්න. 50% අඩුකරා කියලා රටට වාසියක් මිසක් හානියක් නෑ.
අපේ පරණ වාහන අලුත්වැඩියා කරගෙන දුවන්න අමතර කොටස් සඳහා යම්කිසි බදු සහනයක් ලබාදෙන්න..
මොනවා කළත් මේ හරක් රොත්ත ඔක්කොම ෆේල්...!
මේ ඔක්කොම අතීසාරයට අමුඩෙ ගහන කාලකන්නි... අසරණ මිනිස්සු විඳින දුක නොතේරෙන කාලකන්නි දෙවියන්ගෙන් හෝ දඬුවම් ලැබෙයි...
පයින්ගිය, පාර්ලිමේන්තුවේ හොරනඩයට දෙන්න ඕනෙ කාර් නෙමේ පුන්නක්කු... මොනවා වුණත් දෙවියන් වහන්සේ ඔවුන්ට නියම දඬුවම හරියටම දේවි..!!!
කිරිපිටි ආනයනය නවත්වමු. ඇමරිකාවෙන් ගෙන්වපු කෙනෙක් ඉන්නවා. එළදෙන්නු ටිකක් තමා ඕන කරන්නේ... අපිට ඇල්ටෝ එකක්වත් එපා.. ඔයාල V8 වාහන ටිකක් ගෙන්වා ගන්නකෝ.. අපිට හෙනම ගහන්න ඕන..