
(ඩයනා උදයංගනී)
අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.
එම ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක පරිදි නිකුත් කර ඇත.
ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර තිබේ.
ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර ඇත.
විදේශ අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ආයතිනක හා නෛතික රාමුව මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මෙමගින් සංශෝධනය කර තිබේ.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් නුදුරේදීම රිවස් යයිද දන්නෑ.
හිස කැක්කුමට කොට්ට මාරුකරනව වගේ. ගැසට් නිකුත් කරනවා, ආපහු අවලංගු කරනවා, සංශෝදන කරනවා.
හොඳටම තදවෙලා.
ඔය මොනා මාරු කරත් වෑඩක් නෑ ඕවා බාරව ඉන්න හෑට පෑනපු ඈමතියයි, නියෝජ්ය ඈමතිලයි, කොන්ද පන නැති නිලදාරියොයි, යල් පෑනපු අදහස් තීයෙන ලේකම්ලයි, හෑම තිස්සෙම වර්ජනය තර්ජනය උපවාස අපහාස හිතේ තියාගෙන ඉන්න අයිස් ගහන සේවකයො සෙට් එකයි මාරු කරන්නේ නෑතුව. අලුත් අදහස්, අලුත් ක්‍රියාමාර්ග, සේවක අතිරික්ත අඩු කරලා, ඩිජිටල් කරනය කරලා තමයි මේව හදන්න පුලුවන්.. ඉන්න පබයන්ගේ ඈදුම මාරූ කරලා හරි යන්නෙ නෑ
මොනවා රාමු කලත් අවසාන ප්‍රතිපලය මුදල් කාබාසිනියා වැඩක්.
එහි නම්, නීති රීති සහ නීති වෙනස් කිරීම තේරුමක් නැත. නිවැරදි පුද්ගලයන් බඳවා ගන්න. මුලින්ම බලන්න ඔබේ යටතේ අමාත්‍යාංශ සහ අනුබද්ධ ආයතන වැඩ කරන අය ගැන.
එක්කො මේ නිව්ස් එක හෙටම බලනවා. හෙටනේ රිවස් ගැසට් එක එන්නෙ....
මෙහෙම ගැසට් ගැහිලි ආණ්ඩුවක් අපි මේ දැක්කමයි .
තමන්ගෙ වාසියට මොනවහරි හදාගෙන ඇති. කොහොම වුණත් මේව ගැන හොඳට දැනුවත් වෙන්න ඕන ගැඹුරින්, මෙයාලව තුට්ටුවකට විශ්වාස නෑ
මේවා විසඳුම් නෙමේ,මොනවා කෙරුවත් ඔබත් ෆේල් මේ ආණ්ඩුවත් ෆේල්
ආපසු හැරවීම ආසන්නයි, පුරුද්දක් ලෙස!
අප රටේ පුරවැසියන් වැඩිම වැඩි පිරිසක්( සියලුම පක්ෂවල දේශපාලුවන් ඇතුළුව) පට්ට හොරුන් නිසා ටයිටේනියම් වලින් රාමු හැදුවත් වැඩක් නැත. හොදින් මධ්‍යස්තව රටේ දේශපාලනය දෙස කිසිවෙකු තම නෙත් යොමු කරන්නේ නම් බලයේ ඉන්න "හරකුන්" සහ උන්ගේ අනුගාමිකයන් බලන්නේ කෙසේ හෝ බලය රැකගෙන හොරා කෑමටය . බලය නැති "මීහරකුන්" තම අනුගාමිකයන් සමග අර උද්ගෝෂණ මේ වැඩවර්ජන කරන්නේ උන්ටත් හොරාකන්න අවස්තාව සලසා ගැනුමට නොවේද...????
මේක පැහැදිලි මදි .මොකද්ද වෙන්නේ කියලා කෙසේ උනත් යම් සංශෝධනයක් කරනවා නම් ඒ සම්බන්ද මහජන කතිකාවතක් ඇති වීමෙන් පසු එය ක්‍රියාත්මක උනොත් වැඩි ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් .ඒ වගේම මේක සංකීර්ණ වැඩි සරල රාමුවකට ඇතුලත් කර ගැනීමට ක්‍රම වේදයක් අවශ්‍යයි .අනෙක් අතට ව්‍යුහාත්මක වෙනසක් සියලුම ආයතන වලට අවශ්‍යයි