IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය

(ඩයනා උදයංගනී)

ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කර තිබූ ගෑස් නෞකා තුනෙන්, දෙකක ඇති ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව ගෑස් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය.

මෙම නෞකා දෙකෙහි ඇති ගෑස් නිසි ප්‍රමිතියෙන් යුත් බවත්, ඒවායෙහි ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය මෙන්ම ගන්ධය ඇතිකරන ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍යය ද නිසි පරිදි ඇතුළත් බව ද ලේකම්වරයා කීවේය.

අනෙක් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය නියමිත පරිදි ඇතත්, ඊතයිල් මර්කැප්ටන් අවශ්‍ය ප්‍රමාණය නොතිබීම නිසා එය ගොඩබෑමට අවසර දිය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

ජයන්ත ද සිල්වා මහතා මේ බව පැවසුවේ “ගෑස් දමන ගෑස්” යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට ගොඩබෑමට අවසර නොදුන් නෞකාවේ ඇති ගෑස් නියමිත ප්‍රමිතියට ගෙන එන තුරු ගොඩබෑමට අවසර නොදෙන බවත්, නිසි ප්‍රමිතියට ගෙන ආ පසුත් ප්‍රොපේන්, බියුටේන් පරීක්‍ෂණයන් ද නැවත සිදුකර පරීක්‍ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම නැව් තුනෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන් සංයුතිය සියයට 30 ඉක්මවා නැතැයි ද ලේකම්වරයා කීවේය.

ගෑස් වෙළඳපලට නිකුත් කිරීම නැවැත්විය නොහැකි බව කී ජයන්ත ද සිල්වා මහතා ජනතාවට සුරක්‍ෂිත ආකාරයෙන් ගෑස් ලබාදීම සිදුකළ යුතු බව ද ප්‍රකාශ කළේය.



අදහස් (0)

ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site