IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක්

( තිළිණි ද සිල්වා )

මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටී.

ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

නොබෝදා දියත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස්  වැඩිදුරටත් වාර්තා කර සිටී.



අදහස් (21)

ඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක්

Ranji Monday, 13 December 2021 02:20 PM

කයිවාරු ගහනවා බලය ගන්නකන්. ඊට පස්සේ ලෝකෙන් හිඟා කනවා රට ණය කරලා යනවා

:       15       114

අජිත්Tuesday, 14 December 2021 10:05 AM

රාජපක්ෂ පවුලට නම් ඉන්දියාවට උනත් ණය දෙන්න තරම් සල්ලි තියෙනවා.

:       0       10

Rexi Monday, 13 December 2021 02:37 PM

මෙහෙමත් හිඟාකෑමක්... 69ට දැන් මොනවද හිතෙන්නේ කියලා අපිටත් දැනගන්න පුළුවන්ද?

:       10       95

gamageMonday, 13 December 2021 05:01 PM

හිඟාකන්න හරි රටක් ඉතුරු වුණේ මහින්ද මහත්තයා නිසා...

:       74       22

fairoosMonday, 13 December 2021 06:05 PM

මේ ඇවිල්ල ඉන්නේ නියම බයියෙක්. මේ දවස්වල හොයාගන්න හරි අමාරුයි

:       8       49

ගමේ එකාලාMonday, 13 December 2021 06:45 PM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු රටක් ඉතුරු වෙලා තියෙනවා. දූෂිත පවුල් පාලනේ අය, දුෂිත දේශපාලුවන් හොරාකාලාම රට හිඟමනට පත්කරලා හමාරයි...

:       0       1

විපරමා Monday, 13 December 2021 07:01 PM

රටේ කෑලි කෑලි විකුණනවා. බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ රටත් ඉතුරු කරන එකක් නැහැ.

:       3       35

JagathMonday, 13 December 2021 07:18 PM

මේ වගේ මෝඩ බයියලා හින්දා තමයි අපේ රට දිනෙන් දින ප්‍රපාතයට යන්නේ.

:       0       4

පිටිගල මිලානෝ Monday, 13 December 2021 07:54 PM

කවුද දන්නේ නෑ යුද්දේට බයේ ඇමරිකාවට පැන්නේ....

:       1       13

anaMonday, 13 December 2021 09:55 PM

මොනාටද දන්නේ නැ මේ එන්න හදන්නේ

:       0       10

Ranjit Monday, 13 December 2021 02:50 PM

චන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ "අපට දෙන්නකෝ අපි කරන හැටි පෙන්වන්නම්" කියලයි. දැන් හොම්බෙන් යනවා. එක පවුලකට නම් රජ සැප. ඔන්න එක්කෙනෙක් හදිසියේම සින්ගප්පුරුවටත් ගිහිල්ලලු.

:       9       96

fairoos Monday, 13 December 2021 05:17 PM

ඉන්න හිටින්න රටක් තියෙනවනේ... ඒ නිසා සැප තමයි.

:       7       33

Nuwan Monday, 13 December 2021 06:09 PM

ඕකට හරියන්න ලංකාවේ මොනවද ඉන්දියාවට වික්කේ?

:       2       32

පිටිගල මිලානෝ Monday, 13 December 2021 06:21 PM

චීනෙට අයිති නව ඉන්දියානු ප්‍රාන්තයක්! රාජපක්ශලා කොමිස් බරට ගත්ත ණය තමයි මේ ගෙවන්නේ.

:       5       31

Rashmi Monday, 13 December 2021 07:20 PM

ඉන්දියාව ඩොලර් මිලියන 500ක ණයක් දෙන්න යනවලු තෙල් ගේන්න. තව ඩොලර් බිලියනයක ණයක් ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ගේන්න. ප්‍රධාන කොන්දේසියක් තමා ඔය ඔක්කොම දේවල් ඉන්දියාවෙන් විතරයි ගන්න පුළුවන්. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඩීල් එකත් ඔය අස්සෙ ඇති. අනේ අපේ රටට වෙච්ච දෙයක්.

:       0       6

Lal Monday, 13 December 2021 07:26 PM

ඉන්දියන්කාරයා කවද්ද අපිට හදවතින්ම උදව් කරේ. වහල් බයියන්ට ඕවා තේරෙන්නේ නැත..

:       1       14

Perera Monday, 13 December 2021 10:46 PM

පෙරදිග ධාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද දකුණු ආසියාවේ හිඟන්නා වෙලා

:       1       19

chandima Tuesday, 14 December 2021 12:19 AM

වැටිලා ඉන්න වලේ හැටියට යක්ෂයාගෙන් හරි ආධාර ගන්න වෙනවා තමයි

:       2       2

sharm warn Tuesday, 14 December 2021 08:42 AM

ඉන්දියාවෙන් මුදල් දෙන්නේ නැහැ. ගන්නේ හොරු කියල දන්නා නිසා. දෙන්නේ එහෙ තියෙනේ කුණු කන්දල්

:       0       1

Prasheen Tuesday, 14 December 2021 11:28 AM

ණයට කියන අලුත් නම අධාර පැකේජ

:       0       7

Nandalal DE SILVA - France Tuesday, 14 December 2021 05:13 PM

දැන් බලාගෙන යනකොට චීනෙට රත්වෙලා ඇති. ඒ අය අපේ රටට ආධාර වගේ පෙන්නලා ගිනි පොලියට ණය දෙන්නේ.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site