
( තිළිණි ද සිල්වා )
මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටී.
ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
නොබෝදා දියත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරු ගහනවා බලය ගන්නකන්. ඊට පස්සේ ලෝකෙන් හිඟා කනවා රට ණය කරලා යනවා
මෙහෙමත් හිඟාකෑමක්... 69ට දැන් මොනවද හිතෙන්නේ කියලා අපිටත් දැනගන්න පුළුවන්ද?
චන්දෙට කලින් නම් කයිවාරු ගැහුවේ "අපට දෙන්නකෝ අපි කරන හැටි පෙන්වන්නම්" කියලයි. දැන් හොම්බෙන් යනවා. එක පවුලකට නම් රජ සැප. ඔන්න එක්කෙනෙක් හදිසියේම සින්ගප්පුරුවටත් ගිහිල්ලලු.
ඉන්න හිටින්න රටක් තියෙනවනේ... ඒ නිසා සැප තමයි.
ඕකට හරියන්න ලංකාවේ මොනවද ඉන්දියාවට වික්කේ?
චීනෙට අයිති නව ඉන්දියානු ප්‍රාන්තයක්! රාජපක්ශලා කොමිස් බරට ගත්ත ණය තමයි මේ ගෙවන්නේ.
ඉන්දියාව ඩොලර් මිලියන 500ක ණයක් දෙන්න යනවලු තෙල් ගේන්න. තව ඩොලර් බිලියනයක ණයක් ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ගේන්න. ප්‍රධාන කොන්දේසියක් තමා ඔය ඔක්කොම දේවල් ඉන්දියාවෙන් විතරයි ගන්න පුළුවන්. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඩීල් එකත් ඔය අස්සෙ ඇති. අනේ අපේ රටට වෙච්ච දෙයක්.
ඉන්දියන්කාරයා කවද්ද අපිට හදවතින්ම උදව් කරේ. වහල් බයියන්ට ඕවා තේරෙන්නේ නැත..
පෙරදිග ධාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද දකුණු ආසියාවේ හිඟන්නා වෙලා
වැටිලා ඉන්න වලේ හැටියට යක්ෂයාගෙන් හරි ආධාර ගන්න වෙනවා තමයි
ඉන්දියාවෙන් මුදල් දෙන්නේ නැහැ. ගන්නේ හොරු කියල දන්නා නිසා. දෙන්නේ එහෙ තියෙනේ කුණු කන්දල්
ණයට කියන අලුත් නම අධාර පැකේජ
දැන් බලාගෙන යනකොට චීනෙට රත්වෙලා ඇති. ඒ අය අපේ රටට ආධාර වගේ පෙන්නලා ගිනි පොලියට ණය දෙන්නේ.