IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සරසවි ඇදුරන් 25ක් කෝටි හයක් කාබාසිනියා කරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පශ්චාත් උපාධි හැදෑරීම සදහා ප්‍රතිලාභින් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට 2009 සහ 2017 අතර කාලයේදී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලබාදී තිබුණද ඔවුන් උපාධි පාඨමාලා අතරමග අතහැර දමා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව)පවසයි.

එසේම 2017 වසරේදී විශ්ව විද්‍යාල අටක කථිකාචාර්යවරුන් 12 දෙනෙකු 2017වර්ෂයේදී රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන ඒවා එම පරීක්ෂණ සඳහා යොදා ගෙන නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.

ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනකු පසුගිය කාලයේදී විශ්ව විද්‍යාලවලින් ඉවත්වී ඇති බවටද තොරතුරු අනාවරණයවූ බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

මෙලෙස රජයේ මුදල් අවභාවිතා කළ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කෝප් කමිටු සභාපතිවරයා එම කමිටු රැස්වීමේදී පෙන්වා දුන්නේය.

 



අදහස් (14)

සරසවි ඇදුරන් 25ක් කෝටි හයක් කාබාසිනියා කරලා

මෝ Saturday, 11 December 2021 03:17 PM

බලපුවාම අහිංසක දුප්පතා හැර, අනික් ඇති භැකි හැම කෙනාම හොරු. ඔවුන්ගෙන් කීපදෙනෙක්වත් වියත් මගේ අය විය යුතුයි...

:       31       27

GamunuSaturday, 11 December 2021 06:57 PM

උගතුන්, විද්වතුන්, වියතුන් කොපමණ සිටියද රටේ ආර්ථික අර්බුදයට... කෘෂිකර්මාන්තයේ අර්බුදවලදී, ගෑස් සම්බන්ධ අර්බුදවලදී සමස්තය වශයෙන් රටේ මතුව තිබෙන අර්බුද සඳහා විසඳුම් ලබාදීම සහාය ලබාදෙනවා වෙනුවට අති බහුතරයක් මොවුන් නිහඩව සිටියි. මහජන මුදලින් දේශීය මෙන්ම විදේශීය අධ්‍යාපනය ලබා.., මහජන මුදලින් එක මසකට පමණක් ලක්ෂ ගණනින් වැටුප සහ වරප්‍රසාද ලබන මොවුන් පිළිබඳව මහජන කතිකාවක් ගොඩනැගිය යුතු කාලය එළඹ තිබේ. මොවුන් මසකට ලබන්නා වූ වැටුප මහජනතාවට දැනගැනීමට අවශ්‍ය වන්නේ මොවුන්ගේ වැටුප් ගෙවන්නේ මහජනතාව නිසාවෙනි.

:       2       23

RaveendraSunday, 12 December 2021 06:02 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය....මේ උගතුන් කියන ගොයියන් නේද අධ්‍යාපනයට වෙන්කරන මුදල් මදියි කියමින් "ජේප්පන්ගේ පෝස්ටර් එල්ලගෙන" උද්ගෝෂණ කරමින් පාරවල් දිගේ රස්තියාදු වෙන්නේ ..එමගින් අදහස් කරන්නේ තමන්ට හොරා කන්න මහජන මුදල් වැඩිපුර දීපියව් යන්න නොවේද ? අපි හරි අවංකයි කියන කලුකුමාරයා ප්‍රමුක ජෙප්පන්ද රටේ මහජන මුදල් හොරා කෑමට උදව් මෙන්ම අනුබල දෙන බව නොවේද?

:       0       2

lalSunday, 12 December 2021 05:18 AM

අටපාස් නැති අය කොහොමත් රටක් පාලනය කරන්න හොද නැති බව අපි කවුරුත් දන්නවානේ. ඒවගේම උගත් යයි කිව්වට සත පහක වැඩක් නැති හොරු, රට පාවාදෙන්නන්, සල්ලාලයින් පවා ඉන්න බවත් අපි කවුරුත් දන්නවනේ. ඒ නිසා රට පාලනය කරනන් නම්උගත්කම ඇති. එයට අමතරව හොරකම නැති, ප්‍රාෙයා්ගික දක්ෂ උගතුන් පමණි. එය කාලා බලලා හොයාගන්න බැරි නිසා කලක සිට අප දන්නා හොරකම නැති, රටට ආදරය කරන, දක්ෂයින් පාලකයින් ලෙස තෝරාගත යුතුව තිබේ.

:       0       2

මැක්ස් Saturday, 11 December 2021 05:24 PM

මේ උගතුන්ද? මෙයාලටද රට කරන්න දෙන්න ඕන? 8 සමතුන් යයි සමච්චලයට ලක්කරන මිනිසුන්ට වඩා මේ අය කොච්චර අන්තද?

:       5       41

අගුපිලගේ Sunday, 12 December 2021 04:49 AM

ඇයි 2019/2020 උගතුන් බුද්ධිමතුන් කියාගත් කියත්මගේ උන්දැලාට දීලා වෙච්චි දේ තේරෙනවා නේද අධ්‍යාපන සහතික වලටම ඔක්කොම කොරන්න බැහැ පලපුරුද්ද ඉතා අවශ්‍ය වෙනවා බලන්නකො අටවත් පාස් නැතුව සමහරක් අය ඇමති කම් කරන්නෙ කොහොමද කියලා හැබැයි ඒ අයත් වැඩි දවසක් නොගොස් ආචාර්යවරු වේවි

:       0       1

Raveendra Saturday, 11 December 2021 05:38 PM

මේ උගතුන්ට සියල්ල වියදම් කර ඇත්තේ ඔබ, අප මෙන්ම සියලුම පුරවැසියන් වුවත් එහි ප්‍රතිඵල ශුන්‍ය වී ඇත. කිසිවක් විමසුවොත් මේ උගත් මෝඩයින්ගෙන් තුන්ලෝකෙටම පන්ඩිතයෝ.. නමුත් තමන් උපන් රටට වංචාකර තිබෙනවා නොවේද? කරුණාකර මේ උගත් බූරුවන්ගේ නම් ලැයිස්තුව මාධ්‍යයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

:       5       20

Ruwan Saturday, 11 December 2021 06:50 PM

බොරු කියන්න එපා...

:       13       7

රටවැසියා Saturday, 11 December 2021 07:00 PM

මෙහෙම දේවල් සඳහා මුදල් දෙන්නේ ගිවිසුමක් නැතුවද? එහෙනම් ගෙවීම් කිරීමට අදාලව කටයුතු කළ බලය දීම අනුමත කිරීම සහතික කිරීම හා ගෙවීම් කළ සියලු දෙනාටම වරද පැටවෙනවා. කාර්යය ඉටු නොකළානම් ලබාගත් සියලු මුදල් ආපසු අයකිරීම්, ගෙවීම් නිලධාරින්ගේ වගකීමක් වහාම මේ ජනතා මුදල් අයකර ගතයුතුයි.

:       2       20

යෝගා Saturday, 11 December 2021 07:39 PM

හුඟක් උගත්තුන්ට තියෙන්නේ බුද්ධිමත්කම නෙමෙයි කපටි කෛරාටිකකම...

:       3       23

ගමේ එකාලා Saturday, 11 December 2021 08:53 PM

උගත් හොරු, දේශපාලුවන් වගේම හොර වැඩත් දන්නවා...

:       0       1

MO77 Saturday, 11 December 2021 09:01 PM

ලෝකේ අනිත් රටවල විශ්ව විද්‍යාලව සඳහා ආචාර්යවරුන් ලෙස බඳවා ගන්නේ PhD උපාධිය ඇති අය. නමුත් ලංකාවෙ තවමත් පලමු උපාධියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස බඳවා ගන්නවා. මුන්ට අධ්‍යන නිවාඩු ලබා දෙනවා. උන්ගේ පශ්චාත් උපාධි සඳහා වියදම් දරන්නේ ආණ්ඩුවෙන් ඔවුන්ගේ වැටුපත් ඒ කාලවල දී ගෙවනු ලබනවා. දැන් වයස සීමාවකින් තොරව ආචාර්ය උපාධි ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාලයේ සඳහා බඳවා ගන්නවා නම් හුඟක් වියදම් අඩු කරන්න පුළුවන්

:       0       2

ravi Saturday, 11 December 2021 09:33 PM

අයියෝ ඔය ටිකයි අහුවෙලා තියෙන්නේ. අනිත් ඒවා දැක්කොත් ජනතාවට තරු පෙනෙයි

:       0       1

Nuwa Sunday, 12 December 2021 06:59 AM

මේ රටේ බහුතරයක් හොරු සාමාන්‍ය මිනිස්සුත් එකයි දේශපාලඥයත් එකයි උගතත් එතකයි නූගතත් එකයි බුලත් විටකින් හරි ගසා කන්න තියේනම් ඒකෙනුත් ගසා කනවා.. මේ රට හදන්න බෑ.. මේ රටේ ඉඳල වැඩකුත් නෑ. ජ වි පෙ ආවත් ඔච්චරයි..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 54 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 14 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1192 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 192 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 555 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 765 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site