
(ඩයනා උදයංගනී)
ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇත.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වනුයේ රුපියල් 207කි.
ඩීසල් ලීටරයක නව මිල වනුයේ රුපියල් 121ක් සහ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87කි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් හරී ශැපයි. ගිණිපෙටිටියේ ඉඳල මිනී පෙට්ටිය දක්වාත්, ඉදි කටුවෙ ඉදඳල මෝල් ගහ දක්වාත් භාණ්ඩ මිල ඉහලට. එතකොට ශැපේ ශැපයි. හපේ විතරක් ඉතුරුවෙයි.
ඉතාම හොඳයි. පොදු ප්‍රවාහනය හොඳටම තියෙන රටක, මිනිස්සු පුද්ගලික වාහන පාවිච්චි කරන එක එන්න එන්නම වැඩිවෙන නිසා, මේක ඉතා හොඳ තීරණයක්. දැන් මිනිස්සු පොදු ප්‍රවාහනයට යොමු වේවි. ආදර්ශයක් විදියට, මැති ඇමැතිලාගේ වාහනවලට දෙන ඉන්ධන දීමනාව එහෙම කපා හැරලා, ඇල්ටෝ වගෙ පොඩි වාහනවලින් එන්න කිව්වා නම් හරි... මොකද එයාලත් සේවකයින් මිසක් ඔච්චර දෙවල් දෙන්න ඕනෑ කොට්ඨාශයක් නොවේ... අඩුම ගානේ අධ්‍යාපනික සුදුසුකම්වත් නැති බහුතරයක් තමයි ඔතන ඉන්නේ...
වැසිකිලි වළ පිරෙන කොට අපේ සෑර්ගේ විසදුම නොකා ඉන්න එක. හම්මෝ මිල වැඩි කරලා, ඉල්ලුම අඩු කරලා, ඩොලර් ඉතුරු කරනවා.
ඔය කරල තියෙන්නේ උදේ පාන්දරම. රටත් බංකොලොත් අපිත් බංකොලොත්.
මේ අයුරින් තෙල් ඇතුළු සියලු දේ මිල ඉහළ යන්නේ නම්, රටේ රජයක් කුමටද? රට මෙසේ අගාධයට ඇද වැටී තිබෙන අවස්ථාවක, මැති ඇමැතිවරු රට සවාරි යනවා. ඒ විතරක් නොවෙයි හමුදාව පිරිවරාගෙන යුද උන්මාදය සමරනවා. පක්ෂ විපක්ෂ සියලුදෙනා එක්වී ජනාධිපතිගේ අගමැතිගේ ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලකයින්ගේ වියදම් සීමාකළ යුතුයි. රටත්, ජනතාවත් ගින්නෙන් දැවෙනවා. ඒත්, දේශපාලකයින් ඔවුන්ගේ සුඛ විහරණය වැඩිකළා මිස බිඳක් හෝ අඩුකොට නැහැ. මේවා දෙවියන්ටම පෙනීයන්...
එහෙ බහිනකොට මෙහෙ නඟිනවා..
මේ රටේ මිනිස්සු නැතිම කරනවා. බලේට එන්න පෙර කිව්ව කතා කෝ දැන්..?
නත්තලටයි, අලුත් අවුරුද්දටයි මේ තෑග්ග විතරක් මදි වගේ... තව අමතර මොනවක්වත් දෙන්න බැරිද? පුදුමාකාර සනීපයක් දැනෙන්නේ දැන්...
ඉතාමත්ම හොඳයි. ඉන්ධන මිල තවත් වැඩිකළ යුතුයි. කරත්තකාරයින්ව කරත්තයට නැවත හුරුකළ යුතුයි. වට්ටක්කා හොද්ද සමග කිරිබත් කෑල්ලක රස විඳිමින් කරත්තයක නැගී ගමන් කිරීමෙන් කොතරම් නම් දේශීයත්වයක් පිළිබිඹු වෙනවද? මේ රටේ බුද්ධිමත් ජනතාව ඉල්ලූ ඒ වෙනස නියමෙටම ලැබී තිබෙනවා... ඒ සතුට බෙදා ගැනීම සඳහා අපි සැම එකට එක්වී කිරිබත් කමු....!!
මෙහෙම ගියොත් ඉදිරියේදී කිරිබත් උයන්නත් බැරිවේවි..!.
සෞභාග්‍යයට ළඟාවෙමින් පවතින බව පෙනෙමින් ඇත...
ඉන්ධන මිල ඉහළ යාමට මුල් කාරණය අරාබි රටවල් ලංකාවට සහනයක් නොදුන්නු එකක්. ගම්මන්පිලව ඔය ඇමැතිකමෙන් අයින් කරලා ජාතිවාදය නැතිකර හරි ඔය ඇමැතිකම දීලා, අරාබි රටවල් වලින් සහනයක් ඉල්ලුවා නම් අනිවාර්යයෙන් සහනයක් හම්බ වෙයි...
අපි උදය ගම්මන්පිල ඇමැතිතුමාට කියමු මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් කටයුතු ඉක්මන් කරන්නයි කියලා.. එතකොට මුදල් ප්‍රශ්න බොහෝමයක් නිරාකරණය කරන්න පුළුවන් වෙයි.
දැන් ෂැපද කියලා තමයි අහන්න තියෙන්නේ. අනේ මේ ඔහේලාට ආණ්ඩුව ජනතාවට දුක් නොදී කරගෙන යන්න... බැරිනම් පුලුවන් කෙනෙකුට කරන්න දීලා හොඳ හිතින් ඉල්ලා අස්වෙලා ගෙදර යන්නකෝ...
රටට අබ සරණයි.දැන් නම් මාර සැප
අමාරුවෙන් තටමල බළල මල්ලෙන් එලියට දාගත්ත හොර රැල. අවුරුදු 2ට පරම්පරා 2 කට වත් හම්බකරලා ඇති දැන්.
මේ තාම පටන් ගත්තා විතරයි.ගෝටාභය සහ රජයට ඉල්ලා අස්වෙන්න බල කරනු.නැත්නම් අපිට රටක් ඉතුරු වෙන්නේ නැත
සියලුම බර ජනතාවගේ කර මත ,දැන් සපද .....ඉල්ලපු සුපිරි වෙනස ඉල්ලුවාට වඩා ජයටම ලැබෙනවා වගෙයි
නත්තල් තෑග්ග වෙලාපහින්ම ලැබිලා.
දැන් ඉතින් දේශපාලුවො සහ රජයේ ඉහළ පෙලැන්තියෙ උතුමෝ සහ උත්තමාවියො සදහා ලබාදෙන ඉන්ධන ලීටර් ගණන වැඩි කරාවි ඒවාට මාසෙකට රුපියල් දාහක් ගෙවල ඉන්ධන සමගම වාහන පුද්ගලිකව පාවිච්චියට ගනීවි (තීරුබදු සහන වාහනයට අමතරව ) වැඩිකිරීමේ පාඩුව අසරණ අපෙන් පමණයි ශ්‍රීලංකාව 1948 සිට අවුරුදු 74 ක්ම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටකි.
නූගත් දේශපාලකයෝ අපේ රට විනාශ කරලා. අපේ රට යථා තත්ත්වයට පත් කිරීමට තවත් වසර පනහක් ගත නොවනු ඇත. මේ මොහොතේ කළ යුතු හොඳම දෙය නම් බොහෝ ආනයන නතර කර දේශීයව ස්වයංපෝෂිත වීමයි.
බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ කියන සින්දුව කියමින් බයිසිකලේ යමු.යාපනේ ළමයි පාසල් යන්නේ කුලී වෑන් වල නොවෙයි .රංචුව පිටින් බයිසිකල්වල. ඒ කාලේ දුර බැහැර ළමයි පාසල් ආවේ බයිසිකල් වලින්. එදා පුළුවන් නම් අද මොකද බැරි?