රිය අනතුරක් සිදු කළ බව කියන පා.මන්ත්‍රී පුතෙක් අල්ලයි වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතකු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අද (20) අත් අඩගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 5 years ago
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න - ඉන්දියාව ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු යැයි ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් අවධාරණය කර ඇත. 5 years ago
රවීට ඇප දුන්නාට නීතිපතිගෙන් ඇපෑලක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතු`ථ විත්තිකරුවන් 08 දෙනාට ඇප නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණයට එරෙහිව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19) අභියාචනයක් ඉදිරිපත් කළේය. 5 years ago
පක්ෂ නායක රැස්වීමට පක්ෂ 10ක් නෑ පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අරලියගහ මන්දිරයෙ අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම පක්ෂනායකයන් කීහිප දෙනකු විසින් වර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි. 5 years ago
ඇමති ජී.එල්.පීරිස් ගෙන් අතරමැදි පෙත්සමක් ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට එරෙහිව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහත්වරුන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් ගොනු කර ඇත. 5 years ago
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ අද රැස්වේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. 5 years ago
‘‘ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේ නෑ‘‘ ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 5 years ago
ගෑස් ‘ගෑස් පෙන්වන්න’ යයි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 5 years ago
සෞදියේ සිර කර සිටින ගෘහ සේවිකාවෝ ඉක්මනින් මෙරටට සෞදි අරාබියාවේ රියාද් නුවර පිහිටි රැදවුම් කදවුරක රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 41 හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 5 years ago
‘‘ආනයනික ආහාර ගැන පරීක්ෂණයක් කරන්න‘‘ පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබෙිදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) දැනුම් දුන්නේය. 5 years ago
යාපන තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1600 දෙනකු පමණ පසුගිය මාස තුනේදී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 5 years ago
වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago