’’ජනතාවගේ හැසිරීම හොඳ නෑ’’ සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 May 2021
කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත . 25 May 2021
සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කරයි දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 24 May 2021
නවක මන්ත්‍රිවරුන්ට ගෙවීමේ පදනම මත අලුත් වාහන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 24 May 2021
විපක්ෂ නායකට සහ බිරියට කොරෝනා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතය යැයි සජිත් පේ‍්‍රමදාස මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ. 23 May 2021
‘‘ජනාධිපතිට නොකියා මාධ්‍යයට කීම ප්‍රහේලිකාවක්‘‘ රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන ඇතැම් වෛද්‍ය සංගම් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී ඒ ගැන කතා නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 23 May 2021
‘‘වරාය කෙටුම්පත පිළිබඳ ඡන්ද ගණනයේදී වරදක් වීදැයි සොයනවා‘‘ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි තමා සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 22 May 2021
‘‘වරාය නගරයට තුනෙන් දෙක ලැබුණත් ගැන්නේ වැරදියට‘‘ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද 150ක් ලැබුණු බවත් එය 148ක් ලෙස ගණනය වී ඇත්තේ කිසියම් දෝෂයක් නිසා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 21 May 2021
කොරෝනා එන්නත් පල්ලේකැලේ හදයි සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත. 21 May 2021
වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය. 20 May 2021
‘‘වරාය නගර ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කළොත් රටම ගොඩ‘‘ වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 20 May 2021
කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ 1000 රෝහල්වල කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්යක්ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. 19 May 2021
කෝවිඩ් - 19 මර්දන එන්නත මෙරටදීම නිෂ්පාදනයට කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. 19 May 2021
ගර්භනී මවුවරුන්ටත් කොරෝනා එන්නත දෙන්න කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. 18 May 2021
වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) පැවසීය . 18 May 2021
දිස්ත්‍රික්ක අටක් දැඩි අවදානම් වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 18 May 2021
මෙම සති අන්තයේ සිට දින පහක් යළි සංචරණ සීමා කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත. 17 May 2021
සතුන් මැරීමේ ආදීනව පෙන්නා දුන් හිමිනමට පහරදී මරලා ඇළේ සිටින මාලුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි උරණ වී 85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 17 May 2021
ලක්සල, සළුසල සභාපති කොවිඩ් ආසාදිත වී මියයයි ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ මියගොස් ඇත. 17 May 2021
පළමු වසරට ඇතුළත් කර නොගත්තාට සිසුවියට ලක්ෂ පහක වන්දි ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුල් නොකිරීමේ සිද්ධියක් හේතුවෙන්,වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබීමෙන් සිදුවූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අගතියට පත් එම සිසුවියට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත. 16 May 2021
දීමනා කැපුවැයි ක්‍රිකට් පාලකයෝ හා ක්‍රීඩකයෝ ගැටෙති වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබේ. 16 May 2021
පැලත් එක්ක සැඩපහරට හසු වූ අම්මා පැය හතරකට පසු බේරා ගනී අත්තනගල්ල නගරයේ අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාත්කවුරුත් නැති කන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන යද්දී පැය හතරක මෙහෙයුමකින් පසු දිවි බේරා ගත් පුවතක් නිට්ටඹුව පොලිසියෙන් වාර්තා වෙයි 15 May 2021
නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත. 15 May 2021
කොරෝනා ආසාදනය වී නිවෙස්වල මිය යන සිරුර රහසිගතව භූමිදානයට කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි. 15 May 2021
සරුංගලයෙන් ආ මාරයා තිදෙනකු බිලි ගනී ගාල්ල මකුලුවේ තෙමහල් නිවසක වහලය මතට නැගී සරුගල් අරිමින් සිටි තිදෙනකු වහලයේ තහඩුවක් කඩාගෙන බිමට වැටිමෙන් අද සවස මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 14 May 2021
අපනයන පාලකවරයාගේ උපදෙසින් රසායනික තොගයක් නිදහස් කරයි රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ආනයනික රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරන ලෙස ආනයන සහ අපනයන පාලකවරයා උපදෙස් දී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 14 May 2021
යුද හමුදාව රුවන්වැල්ලේ කොටුවූ පිරිසක් බේරාගනී නොකඩවා ඇද හැළෙන තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ කොටුව සිටි කුඩා දරුවන් 14 දෙනකු යුත් පිරිසක් බේර ගැනීමට යුද හමුදාව කටයුතු කළේය. 14 May 2021
‘ එන්නත නොලැබේවි යැයි බිය වෙන්න එපා‘ එන්නත නොලැබේවියයි කිසිවකු බිය විය යුතු නැතිබවත් කොරෝනා මර්දන එන්නත ලබාදී යුතු සියලු දෙනාට එන්නත නිසි වේලාවට ලබා දීමට කටයුතු කරන බවත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 13 May 2021
කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අද අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ ඇති ඇතිවූ පොලිස් වෙඩි හුවමාරුවකදි මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 13 May 2021
හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා සංචරණ සීමා හෙට (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි. 12 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026