(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ජයමාල් චන්ද්‍රසිරි)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් තිස් දෙකක් වන අතර ගමන් කාලය විනාඩි 25 ක් ලෙස ගණන් බලා ඇත. මීරිගමින් ඇතුළු වී කුරුණෑගලින් හෝ යග්ගපිටියෙන් පිටවන රෝද හතරේ වාහනයක රුපියල් 250ක් ද, රෝද හයේ වාහනයක් සඳහා රුපියල් 350ක් ද, රෝද හයට වැඩි වාහනයක් සඳහා 550ක් සඳහා අය කරන බව අධිවේගී මාර්ග පරිපාලනය කියයි.
මෙම කොටසේ අන්තර් හුවමාරු ස්ථාන පහකි.පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි මාර්ගය ඉදිකර ඇත්තේ නාගරික ප්‍රදේශ මග හරිමින් ය.
මීරිගම, නාකලගමුව, දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ක් වේ. ඇතුගල්පුර පිවිසුම විවෘත කිරීමේ ජනහමුව සවස 5.00 ට කුරුණෑගලදී පැවැත්විණි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේකේ ණය ගෙවීම අද හවස සිට අපිට බාරයි කියන එක නේද?
යහපාලන කාලේ අනවශ්‍ය ලෙස පමා කරපු දේවල් දැන්වත් ඉක්මණට හැදෙන එක හොඳයි.
ඉතාමත් වැදගත් පියවරක්. 2014 පටන්ගෙන යහපාලනෙන් නවත්වා අනාගත්ත එක අවුරුදු දෙකෙන් නිමකිරීම. අපි ගෙවන ගාස්තුවලින් මෙහි ණය ගෙවීම ඉතාමත් හොඳයි. ඒ අදායමත් අපේ රටට...
අධික ලෙස මුහුදු කෑමට ලක්ව ඇති මීගමුව සිට හලාවත දක්වා වන තීරයේ වෙරළට සමාන්තරව අධිවේගී මාර්ගයක් හදන්න. ප්‍රශ්න කීපයකටම සාර්ථක උත්තරයක් වෙයි..
ජනතාවගේ මුදල්වලින් පාරවල් හදලා, ඒකෙන් කොටසක් හොරාකාලා ඊට පස්සේ ජනතාවට අයිතිය පවරනවාලු... විකාර විවෘත කිරීම්...
අධිවේගී මාර්ග නැතත් කමක් නැහැ. ලෝකෙට ණය නොවී ඉන්නවා නම් අපිට ඇති..
වැඩක් කළත් සමහර අයට පේන්නේ වැරැදිම තමයි.
ඔය අධිවේගී මාර්ග හදද්දී ගහපු කොමිස් වලින් ගහපු, ගැහිලි වලින් මුලු රටේම පාරවල් හදන්න තිබුණා....
අත දික්කරලා හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන 3% බබ්බුත් ඉන්නවා...
මෙහි නිතර අදහස් දක්වන කන්න නැති සෙට් එකේ අදහස් පේන්න නැත්තේ ඇයි? ඒ අය බඩගින්නේ මැරිලද?
කඩවත මීරිගම කොටස ප්‍රමාද වීමට සත්‍යම හේතුව කියන්න. ඒ පිලිබඳ දැනගැනීමට අයිතියක් අපට ඇත. කොළඹ ඉඳල මීරිගමට කොට කොටා එනකොට හොඳ ගණන්. කරුණාකරලා නිට්ටඹුව ඉඳල පස්යාල දක්වා මංතීරු 4 ක් කරන්න.
කොහොමද බැසිල් මැතිතුමාගේ වැඩ
මධ්‍යම අධිවේගය මහින්දලා කුට්ටිය පිටින් චීනට දීලා තිබුනේ.යහපාලන ආණ්ඩුව ඇවිත් ඒ කොන්ත්‍රාත් එක අවලංගු කලා.අවලංගු කරලා ආපහු ටෙන්ඩර් කරලා ලන්කාවේ බැන්කු වලින් ණය අරගෙන 100% දේශීය සමාගම්වවල දායකත්වයෙන් කරගෙන යන්න තිබුනා.2019 මේ ආණ්ඩුව එනකොටත් 90%ක් විතර ඉවර වෙලා තිබුනේ.ඉතුරු 10% හදන්න මෙයාලට අවුරුදු දෙකක් ගියා.දැන් ගෝඨාභයලා ලකුණු දාගන්න දගලනවා.එයාලා කලානම් අද මේකත් විවෘත කරන්නේ චීන මහකොමසාරිස් එක්ක.මේ කරුණු කවුරුත් කියන්නේ නෑ.ඉතින් මිනිස්සු හිතනවා කොවිඩ් එක්ක ලොකු දෙයක් මේ වැඩ බැරි ආණ්ඩුව කලා කියලා.
දැන් ඉතින් ඇඹුල් තියල් කුරුණෑගලට ගෙනියන්න පුළුවන්
බරපතල වහල්ලු හරිම සතුටින්
ජනතාවගේ මුදලෙන් ගොඩ නගන දේවල් උන් හරියට විවුර්ත කරන්නේ උන්ගේ අම්ම අප්පාගේ බුදලෙන් ඉදි කරා වගේනේ? ජනතාවගේ බදු මුදලෙන් හදපු දේවල් ජනතාවට අයිති දේවල් මිසක් ආයේ අමුතුවෙන් ජනතා අයිතියට පත් කිරීම අපට නම් විගඩමක් වගේම විකාරයක්??
රටක ජනාධිපති අගමැති ඇවිත් පාරවල් විවෘත කරන එකම රට ලංකාව වෙන්න ඇති.මෙයාලට පුළුවන් පාරවල් හදන්න විතරයි...රටේ අනෙක් අංශ ඔක්කොම කඩා වැටිලා...
මේ හොරාකෑමේ තවත් වැඩසටහනක්. බොලා යන්නේ අපායට.
මට අතේ සතේ නැහැ. කන්න බොන්න ණයට ඉල්ලගෙන. මම තවත් ණයවෙලා ගිනි පොලියට ලොකු වාහනයක් ගත්තා. මට හරි ආඩම්බරයි මං ගැන.
මෙතන අධිවේගී මාර්ගවලට විරෝධාකල්ප දාපු අය කවදාවත් ඒවයේ ගිහිල්ල නැතුවද? නිකං බොරුවට කොමෙන්ට් දානවා. විනෝද වෙමින් මේ මාර්ගවල ගමන් කරනවා. මේ වගේ අයට හොඳ 1970 ගණන්වල තිබුණ පාරවල් ගොං හැත්ත. රටක දියුණුව කියන්නේ මොකක්ද කියල දන්නේ නැහැ. හිතං ඉන්නේ නිකං කන්න බොන්න දුන්න නම් හොදයි කියල. එයාල බලාපොරොත්තු වෙන්නේ ඒක.
ජනාදිපති තුමාට රටේ අනිත් ප්‍රශ්න හොයල බලන්න වෙලාවක් නැති උනාට පාර වල් විවෘර්ත කරන්න උත්සව වලට සහභාගි වෙන්න නම් ඕනේ තරම් කාලේ තියනව
ඕකට වියදම් කලෙත් බේබි ආච්චිගේ මැණික් මල්ලේ මැණික් විකුනලාද?අපේ පඩි වැඩි කරන්නෙත් ඒ සල්ලි වලින් භාගයක් භාණ්ඩාගාරයට දීලා.කව්රුවත් ගහ මරා ගන්න ඕනි නැහැ ඒ ගැන
ජනතාව රජයක් පත් කරන්නේ රටට වැඩ කරන්නයි .අපේ රටේ ඉන්න මෝඩ පැලැන්තිය හිතන්නේ මේක රජා ගේ කෙරුවාව කියලා
උද්දච්ච නූගත් දේශපාලුවන් විසින් ශ්‍රී ලාංකික දුප්පත් දුපත් වාසින්ගේ උපන් නුපන් දරුවන් පවා උගසට තබා රටක් කෙල වටක් ණයකාරයන් කර ගත් ණය වලින් කොමිස් ගසා ඉතුරු වූ මුදලින් පාරවල් ද තනා පස්වනක් ප්‍රීතියෙන් ඉපිලී ගොස් පිත්ත පටිද කපා ඔන්න තොපි ගෙවපල්ලා අපි කොරා යන තේමාවෙන් ඉතාමත් උස්ත්වත් ශ්‍රීයෙන් ජනතා අයිතියට පත් කොරන ලදී ... රාජපස්ස වරු කොහොමත් ණය අරන් පාරවල් කොරන්න දස්සයෝ ... (කාලකන්ණි රටක් , ඉන්න හිතෙන රටක් - ලකේ පංකා )
දෙමුද කට්ටියම එකතු වෙලා හොඳ හූවක්..හූහූහූ
@chaminda, කොහෙද ජීවත් වෙන්නෙ. අධිවේගී මාර්ගයෙන් එන ආදායමෙන් මේ ගත්තු ණය ගෙවනව කියන අය, අනේ මන්ද. අධිවේගීයට ලංකාවෙ අය ගෙවන්නෙ ඩොලර්ස් වලින්ද. ලෝක ආර්තිකේ ගැන දන්නෙ නැත්නම් කතා නොකර ඉන්න.
ජොන්ස්ටන් වැඩක් කලොත් සුපිරිම තමයි
@ විපරමා.. ඇත්ත නේන්නං... කිරිඇල්ල උන්නැහේව මතක් වුනේ විපරමාට පමණයි. ඔය මාර්ගය හදන්න බැරි උනේ කිරිඇල්ල ගෙ ගැහිලි නිසා කියලා කතාවක් මටත් ඇහිලා තියෙනවා.
පටි තද කර ගන්න ඊළඟ අවුරුදු 3 ට අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් එනවලු .ජනතාව සහන වලින් හෙම්බත් වෙලා මරන්ඩයි හදන්නේ
දැන් නම් දකින්නත් අප්පිරියයි
ජනතා අයිතියට.ඒකද යන මිනිස්සුන්ගෙන් අය කරන්නේ.මුන්ගේ සල්ලි වලින් හදලා වගේ .මුන් වගේ පට්ට පල් බොරු කාර කොමිස් ගහන සාටකේ දාගෙන හොරාකන හොර මුලක් ලෝකෙම නැතුව ඇති
මේවාට හුරේ දාන්නේ බත් කන හරක්
මොන මර්සියක් හරි දාගෙන කාලය කා දමමින් පවුලේ සුබසිද්ධිය ඉෂ්ඨ කරගන්නවා.
මිනිස්සු අධෛර්යමත් කරන්න එපා. ධනවාදීව හිතන්න.