(සමල් සෝමරත්න)
"ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක කොරෝනා වයිරසය ලෝකයෙන් තුරන්ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා යැයි ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
අපි හිතන්නේ නෑ එහෙම වුණොත් සිව්වැනි මාත්‍රාවක් ගැන කතා කළ යුතුයි කියලා. එවැනි අනපේක්ෂිත තත්ත්වයක් උදා වුණොත් ඒ සඳහාත් අපි ළඟ සැලසුම් තියෙනවා."
ඇත්තට පොඩි කණ්ඩායමක් ඉන්නවා මුල ඉඳලාම එන්නත්කරණයට අකුල් හෙළපු.ලංකාවට එන්නත් ගේන එකට විරුද්ධ වුණ.එන්නත් ලබා දෙන එකට විරුද්ධ වුණ.
ඒ වගේම එන්නත් ලබා දෙන එක කඩාකප්පල් කළා.එන්නත්කරණ මධ්‍යස්ථානවල ඔබට මතක ඇති විවිධ ප්‍රශ්න ඇති කළා. ඒ වගේම මේ එන්නත්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් මහන්සි වුණ අපේ ප්‍රාදේශිය දේශපාලඥයොන්ට විවිධ කරදර කරන්න අපහාස කරන්න විවිධ තාඩන පීඩන කරන්න කටයුතු කළා.ඒ එක්කම සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ ප්‍රචාර රැගෙන ගියා.
එන්නත්කරණය නිසා විවිධ රෝගා බාධ, අතුරු ආබාධ, අතුරුඵල ඇති වෙනවා කියලා.හැබැයි කොහේවත් රටේ එහෙම ගැටළුවක් පැන නැඟිලා නැහැ.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එප්පාවල රජයේ රෝහලේ මිලියන 55ක වියදමින් ඉදි කරනු ලබන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමට හා එප්පාවල රජයේ රෝහලට අත්‍යාවශය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔමික්‍රෝන් එක්ක උඹලත් මක බෑවිලා යනවා
මෙහෙම දෙයක් බලාපොරොත්තුවන්න පුළුවන්. මේ උපකල්පනය මුහුණු පොතේ වෛද්‍ය සුමනසීල මහතාද මීට මසකට පෙර සඳහන් කරල තිබුණ.
ප්‍රාදේශීය දේශපාලුවො කරපු කෙහෙල්මලක් නැහැ එහෙම කලානම් මෙලහකටත් එන්නත් දීලා අවසන් කරන්න තිබුනා .කටයුතු කලේ බහුකාර්‍ය ලොක්කොත් නොවෙයි සෞඛ්‍ය වයිද්‍ය නිළධාරි කාර්‍යාලවල ස්තිර කාර්‍ය මණ්ඩල නැත්නම් කවදාවත්ම ඔය ටිකවත් කරන්න බැහැ .අපේ අත්දැකීම් අපි කියන්නෙ කොරෝනා නැතිව යාවිනම් බූස්ටරයට අවශ්‍ය නැහැ නේද
නාථ දෙවියන්ගෙන් එස්.එම.එස් එකක් ලැබුනා... මිලියනයක් එක්ක බෙදා ගත්තොත් කොරොනා නැති වෙනවා. එයා ඒක කරනවා..
මේ මේ උන්නැහේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයෙක්ද
මෙතුමා මොනතරම් දේවල් කියලා තියෙනවද? කාටද විස්වාස කරන්ඩ පුලුවන් ?
අහෝ චන්න අමාත්‍යයෙනි කියව කවුද තොප හට එන්නත් ගෙන ඒමට අකුල් හෙළුවේ. ඒ තොපගේම ජාවාරම් කාර සහචරයන් මිස අන් කවරෙක්ද? එන්නත ඔය තරමින් හෝ විද හමාර කිරීමට බොහෝ උදව් කළෝ හමුදා සාමාජිකයන් මිස තොපගේ සහචර දේශපාලුවන් නොවන බව පසක් කර ගනුව.
හරියට අනාවැකි කාරයෙක් වගේනේ. ඔබතුමා සැරෙන් සැරේ ඇද බාපු ගජබින්න දිහා බැලුවාම කොහොමද විශ්වාස කරන්නේ..?
කොරෝනා වල බොරුවේ කාලය ඉවරයි
කවුද නාත දෙවියෝද කිවුවේ?
ආණ්ඩුව තමයි විද්‍යාත්මක පියවර අනුගමන නොකල කොරෝනා එන්නත්කරණය වෙනුවනට අර දම්මික පැණියට ප්‍රමුකත්වය දුන්නේ. තවද පවිත්‍රා මුට්ටි ගඟට හලලා තවත් මෝඩ වැඩ කළා. අපේ විමල් දම්මික පැණි නිෂ්පාදනය වෙනුවෙන් මැෂින් එකකුත් දුන්න. දැන් ජනතාවට දොස් පවරන්නේ.
මේ වගේ පේන බලලා, බොරු බලාපොරොත්තු මත තීරණ අරං, එන්නත් පිළිබඳ, රටේ නොතිබුණු භීතියක් සාමාන්‍ය මිනිස්සු තුළ ඇති කරලා, එන්නත් විරෝධී මතවාදය ලංකාවට හඳුන්වාදෙන්න මුල්වෙච්ච කෙනාම, එන්නත්කරණය කඩාකප්පල් කල වරදකරුවන් හොයනවා... දැනුත් මේ කරන්නෙ, 4 වෙනි මාත්‍රාවට සූදානම්වීම, ප්‍රමාද කිරීම. මාර්තු වෙන විට, වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත නව එන්නත් කාණ්ඩ ඇණවුම් කිරීම දැන්ම ඇරඹිය යුතුයි! ඒ මොහොත අතපසු කරගෙන, කුමක් හෝ එන්නතක් ගසා, එන්නත්කරණය කලා යැයි පාරම්බෑම පලක් නැත!
මෙයා දම්මික පැනිය උස්සලා තිබ්බෙත් ඔය ටිකම කියලා නේන්නම්
පැණිය ප්‍රොමෝට ්කළේ ආන්ඩුවෙම අය නේද? යන්ත්‍රත් දුන්නේ පැනි හදන් කියල. දැන් මොනවද මේ කියන ගොන් කතා
නැත දෙයියෝ,පැන් මුට්ටිය.දැන් මොකක් බලලද ඒ ගමන මේ පේන කියන්න හදන්නේ ?අනේ මෙහෙමත් ගොන් හරක්.ආවේ වියත් මගෙන් ද විපත් මගෙන්ද කියලා ප්‍රශ්නයක්