IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තෙල් සංස්ථාවෙන් විදුලියට දිනකට ඩීසල් ටොන් 1500 ක්

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්ට්‍රික්ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද (14) පෙරවරුවේ පැවසීය.

එම ඩීසල් ප්‍රමාණය අද (14) සිට ලබාදෙන බව කී නීතිඥ සුමිත් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වෙන බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයට තව දුරටත් ඉන්ධන ණයට ලබාදීමේ හැකියාවක් තෙල් සංස්ථාවට නොමැති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩි දුරටත් කීය.



අදහස් (3)

තෙල් සංස්ථාවෙන් විදුලියට දිනකට ඩීසල් ටොන් 1500 ක්

dewa Friday, 14 January 2022 03:23 PM

මේක මොන විහිලුවක්ද .මෙහෙම රටක් දුවන්න පුලුවන්ද .18 දාට පසු අපිට මොකක්ද වෙන්නේ .මෙයාලාට ඕන වෙලාවට අපි කරුවලේ ඉන්නද

:       0       0

siripala Friday, 14 January 2022 08:10 PM

පුද්ගලික කරණය කළ යුතුම ආයතන 2ක්...

:       0       4

chandima Saturday, 15 January 2022 04:29 AM

ඔය මණ්ඩලයේ කාමරවල බංකු දාලා ඒවත් පිරෙන්න ඉංජිනේරුවෝ ඉන්නවා කියනවා නේද? ඉතින් ලැබෙන ආදායමෙන් ලයිට් කණු ගාණට ඉන්න ඉංජිනේරුවන්ට පඩි ගෙවපුවාම ආයෙත් පහුවදාට තෙල් ගන්න වෙන්නේ ණයට තමයි. ඉන්දියාව විදුලි ඉංජිනේරුවෝ බිහිකරලා මැදපෙරදිග රැකියාවලට යවනවා... අඩුපඩියට. ඒ විදේශ විනිමය ලැබෙන නිසා. අපේ රටේ විශ්ව විද්‍යාලයෙන් එළියට එන එන කෙනා මේ මණ්ඩලේට රිංගාගෙන බංකුවලට වෙලා ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site