IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ලිට්‍රෝ’ සමාගම රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරුවා‘‘

(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

රජයේ සමාගමක් වන ලිට්‍රෝ සමාගම පසුගිය කාලයේ රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

එම සමාගම රජයේ විගණනයට එරෙහිව උසාවි ගොස් නීතිඥා ගාස්තු සඳහා පමණක් එම සමාගමේ මුදලින් රුපියල් කෝටි 2 ක් වැයකර ඇති බවත් එය ඉතාම බරපතල තත්වයක් බවත් මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේය.

රජයට කොටස් සියයට 50 ක් නොව සියයට 98 ක් පමණ හිමි ව්‍යාපාර රජයේ විගණනයෙන් ඉවත්වීමට උත්සාහක කළ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ඇති බවත් ලිට්‍රෝ සමාගම 2021 වසරේ විගණකාධිපතිවරයාගේ විගණනයට එරෙහිව උසාවියෙන් වාරණ නියෝගයක් ලබාගත් බවත් මහාචාර්ය චරිත හේරත් මහතා කීය.

 



අදහස් (9)

‘ලිට්‍රෝ’ සමාගම රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරුවා‘‘

de silva Wednesday, 26 January 2022 06:58 PM

සර්ගේ බම්බු නීතිය මේකේ සභාපතිව හිරේ දමලා මදි, එයාගෙන් කෝටි 200ක් අයකර ගන්න ඕනේ... මේ විදිහට මහජන මුදල් විනාශ කරපු නිසා අද අපට කන්න බොන්න බැරි තත්වයක් උදාවෙලා...

:       0       0

Demuni Uduwara Thursday, 27 January 2022 04:49 AM

මේ ප්‍රශ්නය සහ පාර්ලිමේන්තු සැසිය කල්දැමීම ගැන සඳහන් ලින්ක් එකක් තිබ්බාද?

:       0       0

Demuni Uduwara Thursday, 27 January 2022 04:54 AM

කොන්ද කෙළින් තබාගෙන නීතිවිරෝධී සහ අවිධිමත් වෑයම වළකමින් ඊට එරෙහිව ක්‍රියාකළ ඔබට ස්තුතියි.

:       0       0

Jomappuhamy -Kobeygane Thursday, 27 January 2022 08:17 AM

සමාගමේ හිටපු සියලු නිලධාරින්ගෙන් මේ කෝටි ගණන අයකරගන්න මහන්සි වෙන්න දෙයියෝ...

:       0       0

Bunny Preena Thursday, 27 January 2022 08:37 AM

විගණනයෙන් ඉවත්වීමට උත්සාහ කළා කියන්නේ සමාගමේ ලොකු ලොක්කෝ ටික ඔක්කොම සමාගමේ වත්කම් හොඳට හොරාකාලා විතරක් නෙමෙයි, හූරගෙනම කාලා කියන එකයි. මොවුන් එකෙක් නෑර දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

Senarath Thursday, 27 January 2022 11:47 AM

ඕනෙම ආයතනයක විගණනයක් කිරීම නරක දෙයක් නෙවෙයි. එහෙම විරුද්ධ වෙනවා නම් එතැන මොකක්හරි වරදක් වෙනවා ඇති. ඒ නිසා ඔවුන් විගණනයට එරෙහිව වියදම් කළ මුදල ඔවුන්ගේ පුද්ගලික මුදලින් ආපසු අයකරගත යුතුයි.

:       0       0

Charlotte Thursday, 27 January 2022 03:19 PM

දේශපාලනයේ ඉන්න විශිෂ්ඨ මංකොල්ලකාරයෝ නිසා මේ රට අපායට ගිහින්. මේ අය තමන්ගේ හිතුමතේට මහජන මුදල් අවභාවිත කිරීම ඉතාම කනගාටුදායකයි. අපේ නීති පද්ධතිය නටන්නේ දේශපාලනයේ මේ මංකොල්ලකාරයන්ට අනුවය.

:       0       5

Nimal Thursday, 27 January 2022 06:06 PM

මේ හොරු රැල අයින් කළ යුතුමයි. අපි කොච්චර සතුටු වුණාද ෂෙල් සමාගම පවරා ගන්න කොට. එදා ඉඳන්ම ආණ්ඩු දෙකම මේකෙන් හොරකම් කර ඇති බවයි මේකෙන් අපිට හිතාගන්න වෙන්නේ. හොරකම් කරන් නැත්නම් මොකටද විගණනයට බය වෙන්නේ...?

:       0       2

Ud jayawardna Saturday, 29 January 2022 09:08 AM

විදුලි බල මණ්ඩළයට හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කොටස් මංකොල්ල කෑව... LTL පාලකයින් සම්බන්ධව විගණනයක් කරන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site