IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගෑස් සම්බන්ධයෙන් අපේ අඩුපාඩු තිබුණා

(එම්.සුසිල් ප්‍රියන්ත)

රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් තිබුණා. එය මහත් අඩුපාඩුවක්.  එය අපි පිළිගත යුතුයැයි වැවිලි කර්මාන්ත හා රජයේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සීනිගමදී පැවසීය.

සීනිගම දේවාලයේ පැවැති නැවුම් කුරුදු මංගල්‍යයට සහභාගීවෙමින් අනතුරුව මාධ්‍යවේදීන්  නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පතිරණ මහතා එසේ කීවේය.

එහිදී තව දුරටත් කතා කළ පතිරණ මහතා මෙසේ ද කීවෙය.

රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු තිබුණු බව පිළිගන්නවා.ඒක අපේ රජය කාලයේ විතරක් නෙමෙයි පසු ගිය වසර තිහ හතලිහ කාලයක පටන් පැවති රජය කාලයන්වලත් ගෑස් නියාමනය පිළිබදව ගැටළු තිබිණා. අපි නිහතමානීව පිලිගන්න අවශ්‍යයි වැරද්දක් වුණානම් ඒ වැරැද්ද පීලිගන්න අවශ්‍යයි.ගෑස් පාරිභෝජනය සම්බන්ධයෙන් නීති පද්ධතියේ අඩුවක් තිබිලා තියෙනවා.

හැබැයි දැන් ගෑස් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව පිළිබදව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.විශේෂයෙන්ම ඒ සදහා නීති පද්ධතිය සැකසෙමින් පවතිනවා.ජනතාවගේ මතු ආරක්ෂාව වෙනුවෙන් නීති අණපනත් ගෙනත් ඊට අවශ්‍ය කටයුතු කරනවා.

 



අදහස් (14)

ගෑස් සම්බන්ධයෙන් අපේ අඩුපාඩු තිබුණා

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 December 2021 08:38 AM

කලින් තත්ත්වය කෙසේ වෙතත්,මේ විදිහට දිගට හරහට ගෑස් පිපිරීම් ඇතිවුනේ නැහැනේ.ඒ කාලයේ මේ විදිහට සංයුතිය වෙනස් කරෙත් නැහැනේ.ඒ නිසා මේ ගෑස් සමාගම් කරපු මේ වරදවල් වලට දැඩි දඬුවම් දී ඔවුන්ව ඉවත්කොට හොඳ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දෙන්න. ඇත්ත නැත්ත අප දන්නේ නැහැ.ගෑස් සමාගමක අයිති කාරයෙක් වියත්මගේ ලොක්කෙක්ලු.ඕකලු මෙයට රජය නිසි පියවර නොගන්නේ.කියවුණේ පාර්ලිමේන්තුවේදී .. අප කිව්වා එහෙම නෙමෙයි.

:       0       36

Sunil Sunday, 12 December 2021 08:44 AM

ගෑස් විතරක් නොවෙයි හැම දෙයකම බරපතල අඩුපාඩු තියනවා. මේ රජය ඉතාමත් හොදින් කළේ එන්නත් වැඩපිළිවලයි මංත්‍රීවරුන්ට සුඛ විහරන දීමයි පමණයි.

:       3       29

නිමල් Sunday, 12 December 2021 10:59 AM

ආණ්ඩුවේ වැඩවල අඩුපාඩු නැත්තේ කොතැනද? පාරිභෝගික අධිකාරියේ පන්නපු ලොක්කා කල් ඇතුව පැවසූ අවදානමට ඔබලා මොනවාද ගත් පියවර? රාජ්‍ය ආයතන තියෙන්නේ වැඩ බැරි හෙන්චයියන්ට රක්ෂා දෙන්නද?

:       0       27

ගිලෙන නැවේ මීයෝ Sunday, 12 December 2021 11:06 AM

ගිය ආණ්ඩුව කරපු වැරදි කරන්න තමුන්නැහේලා ගෙනාවෙ නෑ ආයුබොවන්. කොහොම වුනත් ඔහෙලා ගෑස් ප්‍රශ්න යට ගහන්න පුදුම විදිහට දත කෑවා. දැන් කෙලම වුනාට පස්සේ ෂේප් වෙන්න අවංක ටෝක් දානවා. හැබැයි පුතෝ තව අවුරුදු දෙකකට පස්සේ තමුන්නැහේලාට විතරක් නෙවෙයි ඔහෙලගේ හත්මුතු පරම්පරාවටම ජනතාව බැෂ්ටිය දෙන්න ඉන්නේ. එදාට සෙට් එකටම යන්න දේවාල මදි වෙයි.

:       0       32

Akila Sunday, 12 December 2021 11:41 AM

මේවට අහුවෙන්න එපා . ප්රෝපෙන් සංයුතිය වෙනස් කරලා පාරිභෝගිකයන් බිල්ලට දීල අධික ලාබ ලබන්න උත්සහ කරලා වැඩේ අහුවුනාට පස්සේ දැන් මේගොල්ලත් එක එක්කෙනා ඇවිල්ල මිනිස්සුන්ව රවට්ටන්න හදනව

:       3       24

චන්දන Sunday, 12 December 2021 01:59 PM

ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ සමහර රටවල් 100%ක්ම භාවිතා කරන්නේ ප්‍රොපේන්... සමහර රටවල සෘතු වෙනස් වනවිට එම ප්‍රතිශතය වෙනස් කරනවා. මෙතන ගැටළුව ඒක නෙවෙයි. උපාංග නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීමයි. ගෑස් සංයුතිය වෙනස් වනවිට උපාංග නිසි ප්‍රමිතියකින් යුක්ත නම් හානි වෙන්නේ නැහැ. අඩුමුදලට ලාබ බඩු වෙළඳපලට එනඑක නතර කළ යුතුයි. ප්‍රමිති ආයතනයක වගකීම ඒකයි....

:       17       5

AkilaSunday, 12 December 2021 06:18 PM

එතකොට සමාගම පාවිච්චි කරන්නෙත් බාල උපාංගද? මොකද ගෑස් ලීක් වෙන්නේ ගෑස් ටැංකියෙන්මයි...

:       0       6

Lalith M Monday, 13 December 2021 07:13 AM

සමාගමට කඩේ යනවද නැතිනම් සමාගමේ නිල නොවන ප්‍රකාශකද?

:       1       4

චන්දන Monday, 13 December 2021 12:56 PM

ඔව්... ආරංචියක් තිබෙනවා ඉවත්කර රෙපෙයාර් කරන්න දාපුවා නැවත ගත්තා කියලා. ඒක එම ආයතන කළ බරපතල වැරැද්දක්... එයාලා ගෑස් ටැංකිවලට පුරවන්න කලින් ටැංකි පරීක්ෂා කළයුතුයි...

:       0       3

fairoos Sunday, 12 December 2021 01:27 PM

ඉන්න, හිටින්න රටක් දෙන්න ආපු ආණ්ඩුව... සර් ෆේල්..!!

:       5       18

Hafeel Sunday, 12 December 2021 02:56 PM

මෙතකම් බලයට පත්වූ කිසිම රජය පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හෝ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරලා නැහැ. කොච්චර අණපනත්, නීති ගේනවයි කියන එක වැඩක් නැහැ. දැනට තියන නීති රීති ඕනේ තරම් ඇති අවංකව පාරිභෝගිකයන් වෙනුවෙන් කටයුතු කරනවා නම්. නමුත් නීති කඩල හෝ නවල හෝ සමාගම් ලොක්කල ආරක්ෂා කරනවා.

:       0       10

ජගත් ලියනගේ Sunday, 12 December 2021 05:24 PM

දැන්ද ඕක කියන්න මතක්වුණේ...? මෙච්චර කල් කෙබරම ඇද බාලා දැන් එනවා සූදනා වෙන්න... අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරේ, ඒක මතක තියා ගන්න....

:       0       7

Perera Monday, 13 December 2021 02:08 AM

ආණ්ඩුවේ වගකීම අඩුපාඩුවලින් මිනිස්සුන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න වෙලා තියෙනවා. වෙන රටක නම් ඇමැතිලා මෙලහකටත් අයින් වෙලා...

:       0       3

විමර්ශන Monday, 13 December 2021 09:01 PM

අද එක් කාන්තාවක් දරුවො හතර දෙනෙක් තනි කරලා මෙලොව අත හැරලා ගියා. මීලග නාට්‍යය පිටපත වන ‘ගුටි කෑමට නියමිතයි’ එක්කෝ පාලකයන්ට ලියන්න බැරිනම් ජනතාව ලියන්න ඉඩ තියෙනවා. ඒ නිසා රට අරාජික නොකර සැහැල්ලුවට කියන කථා නවතා වගකීමෙන් කථා කිරීම සුභවාදී කාගේත් අවවාදයයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 568 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1701 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site