
(එම්.සුසිල් ප්‍රියන්ත)
රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් තිබුණා. එය මහත් අඩුපාඩුවක්. එය අපි පිළිගත යුතුයැයි වැවිලි කර්මාන්ත හා රජයේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සීනිගමදී පැවසීය.
සීනිගම දේවාලයේ පැවැති නැවුම් කුරුදු මංගල්‍යයට සහභාගීවෙමින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පතිරණ මහතා එසේ කීවේය.
එහිදී තව දුරටත් කතා කළ පතිරණ මහතා මෙසේ ද කීවෙය.
රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු තිබුණු බව පිළිගන්නවා.ඒක අපේ රජය කාලයේ විතරක් නෙමෙයි පසු ගිය වසර තිහ හතලිහ කාලයක පටන් පැවති රජය කාලයන්වලත් ගෑස් නියාමනය පිළිබදව ගැටළු තිබිණා. අපි නිහතමානීව පිලිගන්න අවශ්‍යයි වැරද්දක් වුණානම් ඒ වැරැද්ද පීලිගන්න අවශ්‍යයි.ගෑස් පාරිභෝජනය සම්බන්ධයෙන් නීති පද්ධතියේ අඩුවක් තිබිලා තියෙනවා.
හැබැයි දැන් ගෑස් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව පිළිබදව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.විශේෂයෙන්ම ඒ සදහා නීති පද්ධතිය සැකසෙමින් පවතිනවා.ජනතාවගේ මතු ආරක්ෂාව වෙනුවෙන් නීති අණපනත් ගෙනත් ඊට අවශ්‍ය කටයුතු කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් තත්ත්වය කෙසේ වෙතත්,මේ විදිහට දිගට හරහට ගෑස් පිපිරීම් ඇතිවුනේ නැහැනේ.ඒ කාලයේ මේ විදිහට සංයුතිය වෙනස් කරෙත් නැහැනේ.ඒ නිසා මේ ගෑස් සමාගම් කරපු මේ වරදවල් වලට දැඩි දඬුවම් දී ඔවුන්ව ඉවත්කොට හොඳ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දෙන්න. ඇත්ත නැත්ත අප දන්නේ නැහැ.ගෑස් සමාගමක අයිති කාරයෙක් වියත්මගේ ලොක්කෙක්ලු.ඕකලු මෙයට රජය නිසි පියවර නොගන්නේ.කියවුණේ පාර්ලිමේන්තුවේදී .. අප කිව්වා එහෙම නෙමෙයි.
ගෑස් විතරක් නොවෙයි හැම දෙයකම බරපතල අඩුපාඩු තියනවා. මේ රජය ඉතාමත් හොදින් කළේ එන්නත් වැඩපිළිවලයි මංත්‍රීවරුන්ට සුඛ විහරන දීමයි පමණයි.
ආණ්ඩුවේ වැඩවල අඩුපාඩු නැත්තේ කොතැනද? පාරිභෝගික අධිකාරියේ පන්නපු ලොක්කා කල් ඇතුව පැවසූ අවදානමට ඔබලා මොනවාද ගත් පියවර? රාජ්‍ය ආයතන තියෙන්නේ වැඩ බැරි හෙන්චයියන්ට රක්ෂා දෙන්නද?
ගිය ආණ්ඩුව කරපු වැරදි කරන්න තමුන්නැහේලා ගෙනාවෙ නෑ ආයුබොවන්. කොහොම වුනත් ඔහෙලා ගෑස් ප්‍රශ්න යට ගහන්න පුදුම විදිහට දත කෑවා. දැන් කෙලම වුනාට පස්සේ ෂේප් වෙන්න අවංක ටෝක් දානවා. හැබැයි පුතෝ තව අවුරුදු දෙකකට පස්සේ තමුන්නැහේලාට විතරක් නෙවෙයි ඔහෙලගේ හත්මුතු පරම්පරාවටම ජනතාව බැෂ්ටිය දෙන්න ඉන්නේ. එදාට සෙට් එකටම යන්න දේවාල මදි වෙයි.
මේවට අහුවෙන්න එපා . ප්රෝපෙන් සංයුතිය වෙනස් කරලා පාරිභෝගිකයන් බිල්ලට දීල අධික ලාබ ලබන්න උත්සහ කරලා වැඩේ අහුවුනාට පස්සේ දැන් මේගොල්ලත් එක එක්කෙනා ඇවිල්ල මිනිස්සුන්ව රවට්ටන්න හදනව
ඉන්න, හිටින්න රටක් දෙන්න ආපු ආණ්ඩුව... සර් ෆේල්..!!
මෙතකම් බලයට පත්වූ කිසිම රජය පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හෝ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරලා නැහැ. කොච්චර අණපනත්, නීති ගේනවයි කියන එක වැඩක් නැහැ. දැනට තියන නීති රීති ඕනේ තරම් ඇති අවංකව පාරිභෝගිකයන් වෙනුවෙන් කටයුතු කරනවා නම්. නමුත් නීති කඩල හෝ නවල හෝ සමාගම් ලොක්කල ආරක්ෂා කරනවා.
දැන්ද ඕක කියන්න මතක්වුණේ...? මෙච්චර කල් කෙබරම ඇද බාලා දැන් එනවා සූදනා වෙන්න... අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරේ, ඒක මතක තියා ගන්න....
ආණ්ඩුවේ වගකීම අඩුපාඩුවලින් මිනිස්සුන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න වෙලා තියෙනවා. වෙන රටක නම් ඇමැතිලා මෙලහකටත් අයින් වෙලා...
අද එක් කාන්තාවක් දරුවො හතර දෙනෙක් තනි කරලා මෙලොව අත හැරලා ගියා. මීලග නාට්‍යය පිටපත වන ‘ගුටි කෑමට නියමිතයි’ එක්කෝ පාලකයන්ට ලියන්න බැරිනම් ජනතාව ලියන්න ඉඩ තියෙනවා. ඒ නිසා රට අරාජික නොකර සැහැල්ලුවට කියන කථා නවතා වගකීමෙන් කථා කිරීම සුභවාදී කාගේත් අවවාදයයි.