IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘‘ආහාර හිඟයක් අත ළඟ‘‘

(යොහාන් භාසුර)

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බවත් ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ ප්‍රකාශයේ වෙනසක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා ඊයේ (23) පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරය අතහැර නාදුණන වෙනත් අයෙකුට භාරදුන් බවත් එම සිද්ධියට හේතුව තමන්ට ද මේ දක්වා පැහැදිලි නොමැති බවත් මාහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා කීය.

වංචාවක්, දූෂණයක් හෝ අල්ලසක් වැනි හේතුවක් හෝ එකී මෙකී නොකී වෙනත් හේතුවක් තිබේ නම් කවුරුන් හෝ දැනගත යුතු නිසා එවැනි හේතුවක් නොමැති බවට විශ්වාස කරන බව ද මහාචාර්යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට වෙනත් කෙනෙකු පත්කළේ යැයි පමණක් තමන් දන්නා බවත් ලේකම් ධුරයෙන් ඉවත් කළ බව ලිඛිතව දැනුම් දී නොතිබුණ ද නව ලේකම්වරයා පත් කළ ලිපිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා තමන්ට යොමුකළ තිබූ බවත් පැවසීය.

ලේකම් ධූරයෙන් ඉවත් කර ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂකවරියක් දුරකථනයෙන් දැනුම් දුන් බව කී ජයසිංහ මහතා ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් නොවන බවත් වර්තමානයේ වගාබිම් දෙස බැලීමේදී අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇතිවන බව කිව හැකි බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් නොමැති සහ එවැනි දෙයක් සිදු වුව ද එය සැඟවිය යුතු බවට අදහසක් තිබෙන පුද්ගලයෙකුට එම ප්‍රකාශය ආන්දෝලනාත්මක විය හැකි බවත් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

 



අදහස් (31)

‘‘ආහාර හිඟයක් අත ළඟ‘‘

Sunil Thursday, 23 December 2021 05:13 PM

ඇත්ත ප්‍රකාශ කල ඔබට ස්තුතියි.ආහාර හිඟයේ තරම ළඟදීම දැක ගන්න ලැබෙයි

:       0       0

මහසෙන් Thursday, 23 December 2021 05:28 PM

නිලදාරීන් පත් කිරිම,හිටි හැටියේ මාරු කිරිම,ගැසට් ගැසීම,ගැසට් රිවස් කිරිම,කමිටු පත් කිරිම, ඒ දේවල් කලහම ඇති වී තිබෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුලුවන් කියලා හිතන ආන්ඩුවක් මේක.දැන් ඔය පුටුවට කී දෙනෙක් ආව.ගියා ද.ඒ උනාට ඇමති එතන.කාබනිකත් නෑ රසායනික ත් නෑ.අන්තිමට රට්ටුටුන් කන්නත් නෑ.සල්ලිත් නෑ.හරිම සනීපයක් දැනෙනවා.

:       0       1

සඳුන් Thursday, 23 December 2021 05:34 PM

ලෙඩදෙන කෝච්චි එන්ජිම මාරු නොකර පෙට්ටි මාරු කළා වගේ වැඩක්....

:       0       1

saman Thursday, 23 December 2021 05:34 PM

රටේ සැබෑ උගතුන් යටපත් කර මී හරක් මතුවන තත්වයක්...

:       0       1

bejing Thursday, 23 December 2021 05:41 PM

ඇඟදිහා බලනකොට නම් ඒ වගේ පේන්න නැහැ. මේ කවුරු ගැනද කියන්නේ?

:       54       131

Prabha Thursday, 23 December 2021 11:08 PM

ඇඟවල් ,බඩවල් නොබලා මොලවල් බලන්න නුවන පහල වේවා

:       0       0

ගොවිරාළ Thursday, 23 December 2021 05:44 PM

මහාචාර්යතුමෝ, ඔබතුමා කියන්නේ 2022 වනවිට ආහාර හිඟයක් ඇතිවෙනවා කියලා... ඒක කියන්න ගොවිතැන දන්නා ඕනෑම කෙනෙකුට පුළුවන් ඒක ඇත්ත... ඔබතුමා මතක තියගන්න 2023දී ආහාර හිඟයට අමතරව රෝග බියකුත් ඇතිවෙන්න පුළුවන්...

:       1       47

Bamunuarachchi Thursday, 23 December 2021 05:58 PM

හලෝ සිංහල කියමනක් තිබෙනවා අඟේ ඉඳන් කන කනවා කියලා. ඔහේ කරලා තිබෙන්නේ එහෙම වැඩක්. ඔහේගේ ගෙදර අඩුපාඩුවක් ඔහේගේ බිරිඳ ළිඳ ළඟ සංගමයේදී කිව්වොත් කොහොම හිටීද? තනතුරකට පත්වුණාට වැඩක් නැහැ... එහි වගකීම දරන්න බැරිනම්. ඔහොම බේරිලා ගෙදර ගියා ඇති...

:       121       126

සඳුන්Thursday, 23 December 2021 07:34 PM

අපරාදේ... එහෙයි සර් කියාගෙන හිටියා නම් ජනාධිපති ලේකම් වෙලා නවතින්ත තිබුණා. පින නෑ කියන්නෙ ඕකට...

:       35       54

KamalThursday, 23 December 2021 08:09 PM

ඒ මනුස්සයා මුලින්ම මහ ජනතාවට වගකියන්න ඕන. අමාත්‍යාංශ ලේකම්ට ඇමතිගේ අවසර ඕන නෑ ප්‍රශ්නයක් රටට කියන්න. එළියේ කියන ඇතුලේ කියන ඒවා පෞද්ගලික ප්‍රශ්න... මෙච්චර කල් වෙච්ච ලොකුම ප්‍රශ්නය තමයි රටටම අදාල ප්‍රශ්නයක් තියෙද්දී හංගන්න හදන එක. ඊටපස්සේ ප්‍රශ්නය අතින් අතට මාරු වෙලා මාරු වෙලා ප්‍රශ්නය අවජාතක වෙලාම යනවා. තමුන් ගෑස් පෝලිම් වල හිටියද ගෙදර ගෑස් එක පිපුරුනේ නැද්ද? මේ දෙකම දැක දැක පාරිභෝගික සේවා අධිකාරිය කටවහගෙන හිටියා. මෙච්චර දෙයක් වෙලා තාම කට හොල්ලන්නේ නෑ. එතකොට ඒකත් හරිද?

:       42       47

BamunuarachchiSaturday, 25 December 2021 05:17 PM

කොහෙන්ද ඔයටික ඉගෙන ගත්තේ? අන්න ගූගල් කරලා කියවන්න අමාත්‍යංශ ස්ථිර ලේකම් කෙනෙකුගේ ඩියුටිය මොකක්ද කියලා. වටිනාම කොටස විතරක් සිංහලෙන් ලියන්නම් ටු ප්‍රොවයිඩ් සපෝට් ඇන්ඩ් ඇඩ්වයිස් ටු ද මිනිස්ටර්... නැතුව ලණුව කඩාගත්ත ගොන් මැට්ටෙක් වගේ හතරවටේ ඇන ඇන යන්න නොවෙයි. ඇමතියා වෙනස් වෙන හැම වතාවේම ස්ථිර ලේකම් වෙනස් වෙන්නේ නැත.. එ්කයි එයාට ස්ථිර ලේකම් කියන්නේ...

:       0       1

බණ්ඩාThursday, 23 December 2021 10:37 PM

මේ බමුණුආරච්චි, රටේ මිනිස්සු විඳින දුක දන්නේ නැතිව රාජපක්ෂ හොර හැත්තට හිටු කියලා කඩේ යන කෙන‍ෙක්... පිටරට ඉඳන් ණයට කහින්නේ නැතුව වරෙන්කෝ ලංකාවට....

:       0       0

BamunuarachchiTuesday, 28 December 2021 05:24 PM

මම දැන් ඉන්නේ ලංකාවේ. මොකක්ද ප්‍රශ්නය? ලංකාව මගේ රට, මට එන්නත් පුළුවනි, යන්නත් පුළුවනි. හම්බයින් මෙහාට ආවේ හිස් අතින්. අපිට නම් ඒ අය අජීර්ණයි.

:       0       0

NandachithraFriday, 24 December 2021 06:05 AM

බමුණා කිව්වොත් කියන්නේ හෙන ගොං කතාවක්. හැබැයි පුදුමේ කියන්නේ ලයික් වැඩිපුරම වැටෙන්නේත් ඒ වගෙ ගොන් කතාවලට... රටේ ජනතාවට බලපාන ප්‍රශ්නයක්, ගෙදර ප්‍රශ්නයක් අතර වෙනස තේරුම් ගන්න බැරි බමුණා කියන්නේ හරකෙක් තමයි ඉතින්...

:       0       2

BamunuarachchiWednesday, 29 December 2021 08:33 AM

රටේ ප්‍රශ්නයි ගෙදර ප්‍රශ්නයි බොහෝදුරට එක හා සමානයි. තාත්තා සමහර ප්‍රශ්න අම්මට කියන්නේ නැත.. හේතුව අම්මා කලබල වෙන නිසා. දෙමව්පියන් සමහර ගෙදර ප්‍රශ්න දරුවන්ට කියන්නේ නැත. පවුලේ සමහර ප්‍රශ්න ගෙදරින් පිටට කියන්නේ නැත. ඒ නිසයි බෞද්ධ සාහිත්‍යයේ විශාකාවට ගෙයි ගිනි පිටතට දෙන්න එපා කියලා අනේපිඬු සිටුතුමා අවවාද කළේ. තම රාජකාරී කරන ස්ථානවල ඇතිවෙන රහස් පිටත යාම වැළැක්වීම සඳහායි ඒ ඒ ආයතනවලට නිල ප්‍රකාශකවරු පත්කර ඇත්තේ. පොතක් පතක් කියවා නැති, රජයේ හෝ වැදගත් තැනක රැකියාවක් නොකළ හැත්තට මේ එතික්ස් ගැන අවබෝධයක් නැත. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් එතික්ස් කියලා. ඉංග්‍රීසි දන්නවා නම් ගූගල් කරලා කියවලා දැනුමක් ගනිල්ලා මැට්ටනි...

:       0       0

BamunuarachchiWednesday, 29 December 2021 08:42 AM

බෞද්ධ සාහිත්‍යයේ විශාකාවට ගෙයි ගිනි පිටතට දෙන්න එපා කියලා අනේපිඬු සිටුතුමා අවවාද කළ බව දන්නවද? වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වුණා නම් බත් මුට්ටිය ලිපේ තිබෙනවාට වඩා යමක් ඉගෙන ගන්න තිබුණා..

:       0       0

Naushi Friday, 24 December 2021 05:53 PM

සර්ගේ ගොන් වැඩ ටිකට එහෙයි, හොඳමයි සර් කියාගෙන හිටියොත් ඔක්කොම හරි වගෙයි...!!!

:       0       15

කිරි පුතා Thursday, 23 December 2021 06:09 PM

මේකේ නම මොකද්ද කියලා දන්නේ නෑ. ලංකාවෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළේ මැලේසියන් ගස්ලබු, මැලේසියල් ඉරිඟු රටට ගෙනැල්ලා අපේ දේ නැති කරලා දාපු එක. කෘෂිකර්ම උපාධි තියෙන කෙනාට වඩා හොඳයි අපේ පොළව, පරිසරය ගැන දන්න පාරම්පරික ගොවියා...

:       30       85

AkilaThursday, 23 December 2021 10:24 PM

ඔයා දන්නේ නැතිව ඇති කොස් ගසත් ලංකාවට ගෙනාවේ මැලේසියාවෙන්... අපේ අය මහලොකුවට පම්පෝරි ගහන කොස්, දෙල් මේ ඔක්කොම පිටරටකින් ලංකාවට ගෙනත් වවපු දේවල්, බලාගෙන ගියාම අපේ කියලා දෙයක් තිබිලාම නැහැ...

:       0       0

චන්දිම ෆොන්සේකා Thursday, 23 December 2021 06:30 PM

මේ විදියට බැලුවාම මේ ආණ්ඩුවේ පිස්සු මිනිස්සුත් එක්ක හරියට වැඩ කරන්න මොකාටවත් බැහැ. අපරාදේ ඔබ මේ ගොන්නුන්ගේ වැඩ කරන්න ඇවිත් අපහසුවට පත්වුණා. මට මතකයි ඒ කාලේ ඔබ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කොට දක්ෂයින් අතර අති දක්ෂයකු ලෙස ආචාර්ය වරු පවා කතාවුණා. ඊළඟට ඔබ ආචාර්යවරුන්ටත් කලින්ම මහාචාර්යවරයෙකු වුණා. මේ දේශපාලන යක්කු ඕවා කොහේ දන්නවාද?

:       0       0

යෝගා Thursday, 23 December 2021 07:09 PM

අස්වැන්න අඩුවෙන එකයි, ආහාර හිඟවෙන එකයි එකක් නෙවෙයි දෙකක්. ඔබතුමාට ගෙදර යන්න වුනේ ඔය පටලවා ගැනීම නිසයි..

:       33       72

පැරකුම් Thursday, 23 December 2021 07:36 PM

වියත් මගෙන් ආවා නම් අනිත් අය වගේ එහෙමයි සර් කියාගෙන ඉන්නේ නැතුව පණ්ඩිතකම් කරන්න ගියාම ඕක තමයි වෙන්නේ...

:       37       30

සෙනෙවිරත්න Thursday, 23 December 2021 08:22 PM

විධායක බලයේ තරම, මොනතරම් උගතෙක් වුවත් එය අදාල නැත. තම හිතලු හෝ දවල් හීන සැබෑ කරගැනීමේ විපාකවලට ජාතියක් සේ අසරණව මුහුණ දිය යුතුව ඇත...

:       58       34

Prabha Thursday, 23 December 2021 08:48 PM

ආණ්ඩුවට ඕනේ එහෙයියෝ මිස දැනුමක්, තේරුමක් තියන අය නොවේ. මේ අපි අත්විඳින්නේ ඒ වගේ එහෙයියන් ගත් තීන්දුවල ප්‍රතිඵල තමයි.

:       41       43

NuwanFriday, 24 December 2021 02:14 AM

මෙයත් ඊයෙ වෙනකම් එහෙයියෙක් තමයි. කාබනික වොයිස් කට් කාටවත් මතක නෑ. දැන් වීරයින් වෙන්න හැදුවාට...

:       0       1

Dilsha Thursday, 23 December 2021 08:52 PM

අතළඟ නෙවෙයි, අපි දැන් ඉන්නේ ආහාර හිඟයක...

:       4       67

උපාලි Thursday, 23 December 2021 10:41 PM

මෙහෙම අනාවැකි කියන්නට නම් කෘෂිකර්මයේ ලේකම් වෙලා ඔයා බම්බු ගැහැව්වද?

:       0       0

අගුපිලගේ Friday, 24 December 2021 06:32 AM

මෝඩයින්ට මුන්දැ කියපු දේ තේරුම් ගන්න බැරිවුණා. මුන්දැ මෙහෙම කිව්වාම කුඩා හෝ ඉඩක් තිබුණු කෙනෙක් අඩුම තරමින් මිරිස් පැලයක්වත් සිටුවනවා. එය අනාගතයේ ආහාර හිඟයට පිළියමක් වෙනවා.

:       0       0

Shan Friday, 24 December 2021 01:28 PM

රක්ෂණ නියෝජිත මහින්දානන්දට වැඩිය මහාචාර්ය කෙනෙකුට තේරෙනවා කියලා පිළිගන්නවත් බැරි තරමට අපේ සමහර අය කඩේ යනවා. ඇත්තටම ලංකාවේ මෙන්න මේ වගේ දේශපාලකයෝ වන්දනා කරන අය කන්න නැතුව ඉන්නම තමයි ඕනේ..

:       0       11

Soma dubayi Saturday, 25 December 2021 10:16 AM

නිකන් බොරු කියන්න එපා මහත්තයෝ .කිසිම හිඟයක් නැහැ

:       3       1

fairoos Sunday, 26 December 2021 12:37 PM

සර්ට කඩේ යන වහල්ලු ඉන්නකම් රටට අබසරණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගවයාට තර්ජනයක්
2025 මැයි මස 11 8 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 163 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 232 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 43 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1459 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 218 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 781 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1402 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site