IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක්

කොවිඩ් 19 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.

''අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි'' යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 'ඇස්ටාසෙනකා' යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි.

'කොවිඩ් 19' සඳහා 'ඇස්ටාසෙනකා' සමාගම නිපදවූ 'ඔක්ස්ෆර්ඩ්-ඇස්ටාසෙනකා' ප්‍රතිශක්තිකරණ එන්නත, ලොව වැඩි දෙනකුට ලැබුණු එන්නතකි. රුධිර කැටි ඇතිවීමේ අවධානමක් පෙන්නුම් කර ඇත්තේ ද මෙම එන්නතය.

මහා බ්‍රිතාන්‍යයේ වැඩි පිරිසකට ලබා දී ඇත්තේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සහ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත, ඉන්දියාවේ 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම හරහා නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' යන වෙළෙඳ නාමය යටතේය.

''ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කරගෙනයි අප අලුත් එන්නතක් නිපදවීම ආරම්භ කළේ. කෙසේ නමුත් මෙම අලුත් එන්නත ඔමික්‍රෝන්වලට පමණක් සීමා කරන්න අප බලාපොරොත්තු වන්නේ නැහැ. ඉදිරියේ දී බිහිවන සියලු කොවිඩ් 19 විකෘති ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයටයි අප මෙය නිපදවන්නේ'' යැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය සැන්ඩි ඩග්ලස් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (1)

’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක්

Norman de silva Thursday, 23 December 2021 07:10 AM

තවත් විහිළුවක්...අපිට මේක එපා වෙලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site