
(සුජිත් හේවාජුලිගේ)
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මූලික කරගෙන ජනාධිපතිවරයා යන ගමන නිවැරදි බවත් එය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට හොඳ කලදසාවක් අත්වනු ඇති බවත් සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විහාරස්ථානයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.
කුමන හොඳ දේ කළත් ඒවාට අකුල් හෙළන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මේ රටේ ඉන්නවා. වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨ එකක්. එතුමා ඒ වැඩපිළිවෙළ ඇරඹුවේ පිරිසිදු චේතනාවෙන් . ඊටත් අකුල් හෙළන පිරිසක් මේ රටේ ඉන්නවා.
" රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරන සහ බලය ලබා ගැනීමට ඉවසීමක් නැති පිරිසක් මේ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා සංඝ රත්නයේ වගකීම් වන්නේ රටේ පාලකයින්ට යායුතු මග පෙන්වාදීම, ඔවුන් නිවැරදි මාවතට යොමු කිරීම සහ ධර්මානුකුල උපදේශනයයි...
එහෙමයි අපේ හාමුදුරුවනේ.. හාමුදුරුවන්ට ඉතින් දානෙ වේල අඩුවක් නැතුව හම්බ වෙනවනේ..!
අනේ අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේ ලංකාවේ නෙවෙයිද? ස‘ තමයි හොඳටම කරලා තියෙන්නේ...
ඔය වගේ කතා කියන කොට පාලකයා හරි මගට ගන්නේ කොහොමද? තව තව අමාරුවේ වැටෙන එක නේද හාමුදුරුවනේ වෙන්නේ...?
එහෙමයි හාමුදුරුවනේ...! රට ස්වයංපෝෂිත වී දෝරෙ ගලනවා.. පන්සලට බිල්ඩිමක්වත් හදලා දෙනවා කිව්වා වත්ද?
මිනිස්සුන්ට කන්න නැහැ. දේපාලඥයින්ම පාපෝච්චාරණය කරමින් යනවා. ජනාධිපතිම කියනවා දැනුම මදියි කියලා. එත් යනමග හරිලු...
මිනිස්සු වසවිස කන එක නවත්තන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ තොග වෙළෙන්දෝ ඔය හැම එළවළුවක්ම පලතුරක්ම කල්තබා ගන්න වසගහන එක හොයලා නතර කරන එක... රසායනික පොහොර කියන්නේ වස නෙමෙයි..
ආගම, ජාතිය, රට යන තුනම විනාසයි එහෙනම්...
ගමන්මග නිවැරදි නම් දැනට ඇති තත්වය ඇතිවන්නේ කොහොමද හාමුදුරුවනේ?
කකුල් දෙක ළඟට ආපු කෙනාට වෙන දෙයක් කියන්න බැහැනේ...
අනිවාර්යයෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ ගමන්මග ඉතාම නිවැරැදියි.. ලංකාව ලෝකයේ දියුණු බලවත් රටක් බවට පත්කරන්න එතුමාට පුළුවන්...
පැය 24 කින් කාබනික වගාවට යොමුවීම ප්‍රායෝගික නැහැ. ඒකෙන් වෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය පහත වැටී මිනිස්සුන්ට කන්න බොන්න අවශ්‍ය සහල්ටික නැතිවෙන එකයි.කාබනික වගාවට යා යුත්තේ පියවරින් පියවර.
මිනිස්සු පිටි, ගෑස්, භූමිතෙල්, පොහොර, සීනි, හාල් පෝලිම්වල දුක් විඳිනවා අපේ හාමුදුරුවෝ පාලකයන්ට හොඳ කියලා නූල් බඳිනවා. අපි වෙනුවෙන් කවුරුත් නැහැනේ කතා කරන්න...
අපි ගන්න වැටුපෙන් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්... මේ මගේ ගියොත් අපි හාමතේ මැරේවි.
රට විනාශ කරන පිරිසක් නිර්මාණය වී අැත..
පවුල්වලට අපල එවුන්ව මහණ කරලා ඊට පස්සේ ඔවුන් මුළු රටටම අපලයක් වෙනවා.
අනේ හාමුදුරුවනේ මෙන්න වැන්දා . දේශපාලනය කරන අයට කඩේ යන්නේ නැතුව බණක් භාවනාවක් කරගෙන ඉන්නවද. බලන්නකො වෙන ආගම් වල ඉන්න නායක තුමන්ලා ඉන්න අපූරුව.
මෙවැනි වන්දිභට්ටකම් වලින් රටක් ගොඩ නැගෙන්නේ නැත. වන්නේ තව තවත් විනාශය කරා යාමයි...
ආණ්ඩුව කඩේ යන අයට නම් සෞභ්‍ය දෝරේ ගලනවා.
නිවැරදියි නිවැරදියි ඒ නිසානේ වගාවට නියමිත ශාක පෝෂණය සහිත පොහොර හිඟ වෙලා නිකම් ගොම පිදුරු පොහොර විතරක් ලැබෙන්නේ, ගොයම් ගස් පිදෙන්නේ නැත්තේ, ගෑස් වල සංයුතිය වෙනස් වෙලා පීඩනය වැඩි වෙලා පිපිරුවත් ලොක්කෝ යහතින් ඉන්නේ, බදු වංචා ගැන වගේ වගක් නැත්තේ, හාල් මාෆියා මහ මොල්ලුනට හිතුනු සිතුනු ගානට මිල වැඩි කරන්න පුළුවන් වෙන්නේ, ඒක නිසානේ ඔබ වහන්සේලා දිවා රාත්‍රී මිනිසුන් ගැන හිතන නිසානේ.
විදේශ රටවලින් ණය අරන් V8 එකක් දෙනවා කිව්වාද?
ඔබතුමා තව වසර 10ක්වත් ඉන්න.
මම දන්නා විදියට මහා සංගරත්නයේ කාර්ය වන්නේ රජුන් තැනීමට වඩා රජුන්ගේ පාලකයන්ගේ වැරදි පේන්න දීලා නිවැරදි උපදේශනය සැපයීමයි .නැතිව ඔක්කොම වැහෙන්න ඔවුන්ව මුරුංගා ඇත්තේ තිබීම නොවේ
අපේ රට මේ සා විනාශ වෙන්න හේතුව මේ වගේ මුග්ධ ප්‍රකාශ මේ වගේ අයවලුන් විසින් කිරීම. මොවුන් කරන්නේ රට තව තවත් අගාධයේ පතුලටම යාම වේගවත් කිරීමයි
මේ බමුණුආරච්චි නම් බමුණෙක්ම තමයි.මෙලෝ රහක් නැහැ.
ජාතිය, රටේ පැවැත්ම ගැන හිතන අයට ජනාධිපතිගේ ක්‍රියාමාර්ග තේරෙනවා. එදාවේල ටුවර්ස් යන, අද කෑවොත් ඇති කියා හිතන ගොබ්බයින්ට මේක තේරෙන්නේ නැහැ. 1960 ගණන්වල වුනෙත් මේ ටිකමයි. සිංහල ජාතියටම කවදාවත් හරියන්නේ නැත. හම්බයින් හා දෙමළුන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා. දමිලයින්ට ගුරුවැටුප් ප්‍රශ්න නැත. රසායනික පොහොර ප්‍රශ්න නැත. ගෑස් ප්‍රශ්න නැත. ප්‍රශ්නය නැතිවීමට ප්‍රධාන හේතුව ජෙප්පන් නැතිවීමයි. කාලකන්නි ජෙප්පන් යම් තැනකද එතැන ප්‍රශ්න ඇත...
ආගමක් දහමක් නැති කොමියුනිස්ට් ජෙප්පං හිතා ඉන්නේ උං සියල්ල දත් කියලා. මේක බෞද්ධ රට බොලවු. තොපි 1971 දී ඊළඟට 88/89 දී රටේ හිටපු බුද්ධිමත් තරැණ කැළ බොරුවෙන් මුලා කරලා තොපේ පැවැත්මට ඒ අය විනාශ කෙරෙවුවා. ආයෙමත් හදන්නෙ ඒකම කරන්න නේද?
බඩගින්න දැනෙන්න රැකියාව නැති වුණාම ජනතාවගේ අතේ සල්ලි නැතිවී කෑම වේල ගන්න බැරි වුණාම දැන් ගෑස්ටික නෑ... කිරිපිටි නෑ.. බඩුමිල දරාගන්න බෑ.. ඒ වුණාට හැමතැනම රජකරනවා...
මිත්‍රවරුනි කරුණාකර මාව දැනුවත් කරන්න, නිවැරදි දේ කුමක්ද, මම නිවැරදි කවුදැයි මම නොදනිමි...!
Bamබමුණුආරච්චි, 1960 මොකද වුණේ.?
මුළුමනින්ම විනාසේ කරා යන ගමන නිවැරදි තමයි.
ජනතාව වියරු වැටී ඇත