(ඩයනා උදයංගනී)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුකෙරිණ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරු මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ.
ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර පහත පරිදි බෙදී යාම සිදුවේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි 24ක්, ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51ක් හා ලංකා ඉන්දියානු තෙල් සමාගමට සියයට 49ක් කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61ක් හා ඉන්දියානු ලංකා තෙල් සමාගමට ටැංකි 14ක් ලෙස ටැංකි බෙදී යන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙම ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයක් බව එම අමාත්‍යාංශය පවසයි.
මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරෙන බව ද අමාත්‍යාංශය පවසයි.
ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබු අයුරු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඓතිහාසික ජයග්‍රහණයක්ලු...
මේ ගිවිසුම් වල මොන මොන රහස් වගන්ති තියෙනවාද කියාලා කවුද දන්නේ? ගම්මන්පිල කිව්වේ ඕක අත්සන් කරන්න කලින් ජනතාවට පෙන්නනවා කියාලා. කෝ කෝ පෙන්නුවාද? ඔන්න දැන් පේනවානේද ඔය ජාති හිතයිශේ පෙන්නන කපටි නරි ඔක්කොම එකයි කියාලා. සිංගප්පුරුවේ ලි ක්වාන් යු නම් කරන වැඩේ ඉතා නිවැරදිව කරලා වැඩි ප්‍රතිලාභ තම රටට ලබා ගත්තා. අපේ එවුන් එහෙම කරයි කියාලා හිතන්න නම් බැහැ. ඒත් මොවුන් කරන්නේ අපේ ඉදිරි පරපුරට වත් මොලය පාවිච්චි කරලා දියුණු වෙන්න තියන සම්පත් ටික අරහෙන් මෙහෙන් එක එකාට අයිති කර දෙන එකයි. අන්තිමේදී ඔය ටැංකි වලට තෙල් ගන්න වෙන්නෙත් ඉන්දියාවෙන් පමණමයි කියාලා කොන්දේසියකුත් තියේවි.
තියෙන එකෙන් භාගයක් දීලා කියනවා ඒක ලබපු ජයග්‍රහණයක්ලු. යකාගෙ ජයග්‍රහණයක් ඒක
මෝදි කියන්නේ ඉන්දියාවේ හිටියට මතු බුදුවෙන්න පෙරුම් පුරන බෝධි සත්වයෙක් නෙමෙයි. මේ හිඟන ආණ්ඩුව හිඟමනේ ගිහින් සල්ලි ඉල්ලුවාම නිකම්ම නිකම් මේන් කියලා දෙන එකක් නැහැ. මොකද ඉන්දියාව නිකන් අතලෙවකන්න මී කඩන එකක් නැහැ. චීන ගිහින් උතුරු පළාතෙත් හොල්මන් කරන්න පටන් අරගෙන තියන හින්දා...
මම ධන්දෙ දුන්නේ ජාතික දේවල් දෙන්න නෙමෙයි. මෙයාලා කීවා දීපු දේවලුත් පවරාගන්නවා කියලා. මේ මොනවද වෙන්නේ? මම ඡන්දෙ දුන්නේ මේවා බලාගෙන නොවේ.. අපි රැවටුණා පොහොට්ටුවට...
බලය ලබාගන්න ඒ දවස්වල කරපු බොරු දේශප්‍රේමය කොහොමද? අද රටේ සියලු සම්පත් විකුණමින් රට කාබාසිනියා කරනවා.
ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වුණොත් දුප්පත් මිනිස්සුන්ට හොඳයි...
චීනට විකුණපු හම්බන්තොට වරාය නැවත ගන්න ආපු දේශද්‍රෝහීන්... මේක පොහොට්ටුව නොමැතිව වෙනම ආණ්ඩුවක් කළා නම්, අද විමල්, ගම්මන්පිලලා බලු රංචු බුරනවා වගේ පාරට බැහැලා ඇති. මොඩීට කළු දාන්න කියපු දේශප්‍රේමීලාගේ ආණ්ඩුව දැන් බලයේ ඉන්නේ.
රාජපක්ෂලා විකුණන්නේ නැතිව තියාගන්නේ තමුන් පාවිච්චි කරන මාලිගා ටික විතරයි.
රට විකුණමින් පවතී
යහපත් වැඩක්
ස්ට්‍රයික් කරන ලොකු පුතාලා දුවලා ට පැහැදිලි මාර්ගයක් උගන්වන ගමක් හදමුද?ගම කොහෙද ?
අයිතිහාසික ජයක් කියනේ හරියට ඉන්දියාවට ගහලා කෑල්ලක් අල්ල ගත්තා වගේ.මෙහෙමත් නිවටබ් රැලක්
අනාගත පරපුරට කිසිවක් ඉතිරිකරන පාටක් නැහැ.
ගෙඩිය පිටින් නිකන්ම වගේ හම්බන්තොට වරාය දුන්නු එකේ, මෙහෙම හරි කොටසක් ගත්තු එක ලොකු දෙයක්...
තෙල් ටැංකි 99, 85ක් හරි තෙල් සංස්ථාව යටතට ගැනීම සුබ කාරණයක් වුවත්, අවුරුදු 50 ක් වැනි දිගු කාලයක් කියන්නේ ප්‍රශ්නයක්? ඇයි සම්පූර්ණ අයිතිය රජය යටතේ තියාගෙන පාලනය කරන්න බැරි? හැම දේකටම ඉන්දියාවට දෙකට නැමෙන්න අවශ්‍ය නැහැ...