IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


භානුක රාජපක්‍ෂ ක්‍රිකට් පිටියෙන් සමුගනියි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්‍ෂ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (5) පෙරවරුවේ දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ පෞද්ගලික හේතූන් මත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වන බව භානුක දැනුම්දී ඇති බවයි.
භානුක විදේශ රටක ක්‍රීඩා කිරීමට යෑමට සූදානම් වන බව දැනගන්නට තිබේ.



අදහස් (16)

භානුක රාජපක්‍ෂ ක්‍රිකට් පිටියෙන් සමුගනියි

siri Wednesday, 05 January 2022 03:28 PM

අපේ රටේ ඉන්න නම්බුකාරකම රැකගත්ත එකම රාජපක්ෂ මෙයා විතරයි කියලා සමහරු කියනවා. ඒ මොකද කියලා මම මේ දස අතේ කල්පනා කරන්නේ...

:       4       43

Kumara Wednesday, 05 January 2022 03:44 PM

අපට තිබුණු ලොකුම සම්පතක්... දුකයි..

:       2       39

Winsly Wednesday, 05 January 2022 04:29 PM

දක්ෂ මොලකාරයින් වගේම දක්ෂ ක්‍රීඩකයෝත් රට හැර යනවා. එ්ත් ඉතින් අපිට බයවෙන්න දෙයක් නැහැ. මොකද හැමදේම පුළුවන් දේශපාලු ඔස්තාර්ලා ටික ඉන්නවනේ...

:       1       35

සංහිද Wednesday, 05 January 2022 06:40 PM

අපරාදෙ... තව කාලයක් ටීම් එකේ ඉන්න ඕනෑ කෙනෙක්.. මොනවා කරන්නද? මෙයා හිටියොත් බිංදුවතී හා කුරුස මල්ලිට ටීම් එකේ තැනක් නැති වෙනවානේ...

:       3       33

Jalthara Wednesday, 05 January 2022 09:57 PM

කිලෝ මීටර් දෙකක් දුව ගන්න බැරුව සමුගන්නවලු. අර චමින්ද වාස් කිසි ගින්නක් නැතුව තවමත් නියම වෙලාවට කි.මී. දෙක දුවනවා.

:       0       0

නිස්සංක Wednesday, 05 January 2022 10:15 PM

සමුගත්තා කියලා ලොකු අවුලක් වෙන එකකුත් නැ. කොහොමත් ටීම් එකේ ප්ලෙස් එකක් ශුවර් නැ මෙයාට. චරිත්, කුසල් , අවිශ්ක, දනුශ්ක ,නිස්සංක ,දනා, ඔසද, කුසල් M, ඇන්ජි, වගේ ප්ලෙයර්ස්ලා නිසා තරගය වැඩි වෙලා තියෙන්නේ.

:       0       0

Chanaka Wednesday, 05 January 2022 10:32 PM

රාජපක්ෂ කෙනෙකුට එපා වෙච්ච පළමු අවස්ථාව;

:       0       0

Thilina Wednesday, 05 January 2022 10:37 PM

මේ තීරණය ඉක්මනින්ම වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ටීම් එකේ හිටපු දක්ශම ප්‍රහාරකයා.. ඕනෑම වෙලාවක ඕනෑම පන්දුවකට හයේ පහරක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ගොඩක් අය ආදරය කල ක්‍රීඩකයෙක් . කරුණාකරලා තමන්ගේ රට වෙනුවෙන් නැනැවත සිතා බලන්න

:       0       0

Rohan Thursday, 06 January 2022 01:32 AM

මම ආසම ක්‍රීඩකයා.

:       0       0

Rashath Udawatta Thursday, 06 January 2022 06:00 AM

සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගමනාන්තය ඕස්ට්‍රේලියාවයි.

:       0       0

Athanasius Fernandopulle Thursday, 06 January 2022 07:08 AM

ඕනෑම ක්‍රීඩාවකට ශාරීරික යෝග්‍යතාවය වගේම දක්ෂතාවයද අවශ්‍ය වෙනවා. ශාරීරික යෝග්‍යතාවය පමණක් තිබුනත් දක්ෂතාවය නොමැති නම් හොඳ ක්‍රීඩකයෙක් වන්නේ නැහැ. ශාරීරික යෝග්‍යතාවයට නීති රීති එක් කිරීමෙන් දක්ෂතා ඇති ක්‍රීඩකයන් මෙලෙස කැපී යාම සුදුසු නොවේ. ශාරීරික යෝග්‍යතාවය තිබෙන්නේ ක්‍රීඩකයන් සඳහා වූවත් ක්‍රීඩකයන් සිටින්නේ ශාරීරික යෝග්‍යතාවය සඳහා නොවේ.

:       0       0

gunarathna Thursday, 06 January 2022 07:45 AM

සල්ලි මත්තේ නැහුණොත් පුතේ අනික් රාජපක්ෂලාට වුණු දේම වෙන්නට පුළුවන්. අර අහිකුණ්ඨකයාගෙයි, නයාගෙයි කතාව වගේ. නයා හිතනවා මම නිසා තමයි අහිකුණ්ඨිකයා සල්ලි හොයන්නේ කියලා. නයා තනිවම නටන්න ගිහිල්ලා නිකන් මිනිස්සුන්ගෙන් මැරුම් කෑවා මතකයිනේ... අමතක කරන්න එපා භානුක කියන නම දැනගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිසා කියලා...

:       0       0

JAYATH Thursday, 06 January 2022 10:11 AM

රාජපක්ෂ නම ගෑවිච්චි ඔක්කොම දේශපාලන හාල්පාරුවන් ටික මේ ලංකාව කියන ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා නම් රටට හොඳ කලක් යාවි...

:       0       0

fairoos Thursday, 06 January 2022 12:28 PM

ඉතාම හොඳ තීරණයක්... ශ්‍රී ලංකා ක්‍රිකට් කාලම තමයි මේ අය පස්ස බලන්නේ.

:       0       0

Roshan Thursday, 06 January 2022 09:01 PM

රටේ වැඩකට ඇති එකම රාජපක්ෂ....

:       0       2

Ranjit Thursday, 06 January 2022 09:12 PM

උපුටා ගැනීමක් "මේ අස්වීම පිටුපස "බෝන් අගේන් කල්ලියක ප්‍රකෝටිපති පාස්ටර් වරයෙකු" ඉන්නවා කියන්නේ ඇත්තද? කලක පටන් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම පාස්ටර්වරයාගේ අනුගාමිකයන් බවට පත්ව තිබෙන බවත්, මෙම පාස්ටර්වරයා විසින් 2022 වසර භානුකට හරි යන්නේ ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පමණක් යැයි උපදෙස්දී ඇති බවත් ඒ අනුව භානුක ළඟදීම ඇමෙරිකාවට යන්නට තීරණය කර ඇති බවත් කියනවා." උපුටා ගැනීම අවසන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site