
(රංජන් කස්තුරි)
කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී අද රාතී‍්‍ර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඒ අනුව සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වල බදු ඉවත් කරන බවද මුදල් අමාත්‍යවරයා කීවේය.
ජනවාරී මාසයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට විශ‍්‍රාමිකයින්ට සහ ආබාධිත සෙබ`ථන්ට මාසිකව රුපියල් 5,000/-ක විශේෂ දීමනාවක් ලබාදෙන බවද අමාත්‍යවරයා කීවේය. සමෘද්ධීලාභීන්ට දැනට ලබාදෙන රුපියල් 3500/-ක මාසික දීමනාව රුපියල් 1000/-කින් ඉහළ නංවන අතර රුපියල් 3500/-ට වඩා අඩුවෙන් ලැබෙන සමෘද්ධී සහනාධාරයද සමානුපාතිකව වැඩිකරන බවද ඔහු පැවසීය.
පොහොර ප‍්‍රශ්නය හේතුවෙන් වී අස්වැන්න සීයයට 20ත් 30ත් අතර ප‍්‍රමාණයකින් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එම පාඩුව පියවීම සඳහා ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25/-ක අමතර මිලක් ලබාදෙන බවද ඔහු කීය.
ඒ අනුව ඉදිරියේදී වී කිලෝවක් රුපියල් 75/-ක සහතික මිලකට මිලදී ගන්නා අතර සහල් මිල ඉහළ යෑම වළක්වාලීම සඳහා අමතර මුදල් භාන්ඩාගාරය දරණ බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.
දිවිනැඟුම වැඩපිළිවෙළ නැවත ක‍්‍රියාවට නැංවෙන අතර වගාකරන ගෙවතු සඳහා දිරිදීමනාවක් ලබාදෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව පර්චස් 20ට අඩු ගෙවත්තකට රුපයිල් 5000/-ක් ලබාදෙන අතර පර්චස් 20ට වැඩි අක්කර 01ට අඩු ගෙවත්තකට රුපියල් 10,000/-ක දිරි දීමනාවක් ලබාදෙන බවද ඔහු කීය. වගාව සාර්ථක වු බව පෙන්නුම් කළහොත් එම දීමනාව නැවත ලබාදෙන බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව සෑම වතුකම්කර පවුලකටම මසකට තිරිඟු පිටි කිලෝ 15ක් කිලෝව රුපියල් 80/-ක සහන මිලකට ලබාදෙන බවද ඔහු පැවසී්ය.
සේවක අර්ථ සාදක අරමුදලේ ලියාපදිංචි සෑම වතු කම්කරු පවුලකටම එම තිරිඟු පිටි සහනය හිමිවන බවද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
ඒ අනුව ජනතාවට සහන සැළසෙන එම පැකේජය සඳහා වසරකට රුපියල් බිලියන 229ක් වැයවෙන බවද මුදල් ඇමතිවරයා කීවේය.
රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000/-ක දීමනාව ගෙවීමට වසරකට රුපියල් බිලියන 87ක් විශ‍්‍රාමිකයින් සඳහා රුපියල් බිලියන 40ක් ගෙවතු සහනාධාරය සඳහා රුපියල් බිලියන 31ක් ආදී වශයෙන් වැයවෙන බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.
ජනතාවට සහන ලබාදීමට වැයවෙන මුදල් සොයාගැනීමට බදු ඉහළ නැංවීමක් නොවන අතර ඒ සඳහා වෙනත් ක‍්‍රම උපයෝගී කරගන්නා බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
අපනයන ආදායම ඉහළ නංවා ගැනීම, විදේශ රැකියා නියුක්තිය වැඩි කරගැනීම, සංචාරකයින් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීම ආදී ක්‍රම මඟින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්‍ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් මේ වසරේදී රුපියල් කෝටි 200ක ආදායමක් අපේක්‍ෂා කරන අතර රාජ්‍ය ආයතන වල වියදම් කපා හැරීමට අපේක්‍ෂා කරන බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
ඉකුත් 2021 වසරේදී රාජ්‍ය ආයතන වල වියදම කපාහැරීම මඟින් රුපියල් කෝටි 05කට අධික මුදලක් මහා භාන්ඩාගාරයට ඉතිරිකර ගැනීඹට හැකි වු බවද ඔහු කීය.
ජනතාව ආර්ථික පීඩාවෙන් මුදවා ගැනීම සඳහා පස්මහා බැලුම් බලා හොඳම කාලයේදී සහන ලබාදීමට රජය තීන්දු කළ අතර ඊයේ (03) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවු බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඡායාරූපය ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහුවත් අච්චු සල්ලි කොළ. හිටු කියලා......... හිත රැවටුනා නේද කොළ ගොඩ දැකලා....... 5000ක් ලැබූ පමණින් ජිවන වියදම අඩුවේද....... රට ගැන හිතපියව් හරකුනේ දැන්වත් ඇස් ඇරලා.....
ආව්.. මරුනේහ්...
පඩි කොච්චර වැඩි කලත් කමක් නෑ ඔය රාජ්‍ය සේවකයන්ගෙන් හරියට වැඩක් ගන්න. වැඩිපුර ඉන්නේ වැඩ මගහරින අයිස් කඳන්.
ජවිපෙට ඡන්දෙ දෙන්න යාන්තම් හිත හදා ගත්තා විතරයි. දිගටම රැල්ල ඒ පැත්තට තිබුණොත් තව වැඩි කරයි.
විපක්ෂේ හරකුන්ට 5000 මීපැණි ලෙස කියවනේ.... පාලනේ හරකුන්ට 5000 කප්රුක ලැබුනා ලෙසනේ..... පක්කලියන් උඩ පනිමින් කමෝන් ලොක්ක කියන්නේ..... සිලි සිලි බෑග් එකත් ලොකු වැඩිය 5000ටම බඩු ගන්න........
ඉතා හොඳ වැඩක්.
මේවට අහුවෙන්න එපා.
කට කනේ තිබුනත් මේ අපේ බැසිල් අයියාගේ,,,,,, හදවත දන්නවා පුරවැසියන් රැවටුනු බවනේ.... වම් සාක්කුවෙන් දකුණු සාක්කුවට දැම්මානේ..... පසුවයි දන්නේ වම් සාක්කුවේ 5000ක් අඩු බවනේ...
ඔන්න එනවා අල්ලසක්. දැන් ඉතින් ඕක අරගෙන මෝඩයෝ වෙන්න එපා.
නෝට්ටු මුද්‍රණය කරල නම් මේ වැඩේ කරන්න එපා. මොකද උද්ධමනය ඉහල යන නිසා. ගෙවතු වගාවට ආධාර දීම නම් හොද දෙයක්. මේ ගමනම මේවට මුදල් හොයාගන්න ක්‍රමයත් කිව්වනම්…..
මහජනයාගෙන් මුළු ජීවිත් කාලයම යැපෙන අයට තවත් රුපියල් 5,000 ක්. ඒ පන්දාහත් ගෙවන්න වෙන්නේ මහජනයාට තමයි. බැසිල්ගේ අතින් නොවේ.
කබ්රාල් තුමාගේ ප්‍රින්ටරේට නිදහසක් තියෙන එකක් නෑ එහෙනම් ඉස්සරහට.
මේ රටේ අනාගත දරුවෝ ලෝකෙට ණයකාරයෝ නොකර දැන්වත් යන්න.
මේ වැඩේටත් සල්ලි අච්චු ගැහුවා නේද? ආණ්ඩුවට ආදායම් නැතිව මෙවැනි සහන දෙන්න වෙන ක්‍රමයක් නම් නැහැ.
බාප්ප හිතුවට වඩා දක්ෂයි වගේ...
අච්චු ගහනවා බෙදනවා මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. රුපියල තවත් බාල්දු වෙන එක විතරයි වෙන්නේ.
සර්, ඕකට වැඩිය හොඳ නැද්ද බඩු මිල අඩු කරා නම්. අපරාදෙ සල්ලි කොළ ගහන්න යන වියදම වත් ඉතුරු කර ගන්න තිබුණා.
ඇන ගන්න දවස වැඩි ඈතක නොවේ.
ඒක මරු. අච්චු ගැහුවා බෙදුවා. තව තවත් මිල වෑඩිවෙනවා.
අවසාන වශයෙන් හොඳ ආරංචියක්.
ඡන්දයක් ලග පාතක වගේ....
15 ලක්ෂයකට 5,000 ගානේ මාසෙකට 5,000 X 1,500,000 = 7,500,000,000 සෙල්ලන්ද කොල්ලො? රජයේ නොවන පවුකාරයෝ ගෙවපල්ලා ඉතින්.
සල්ලි අච්චු ගගහා බෙදනවා ඊටපස්සේ උද්ධමනය හඳටත් එහා යනවා.
ඇමරිකන් මොලේ කොහොමද.
මොළ හතේ පරාක්‍රමේ මේක වෙන්න ඇති.
ඔයිට වඩා හොඳ නැද්ද ඔය සල්ලි ගහන මැෂින් පවුලකට එක ගානෙ බෙදලා දුන්නා නං...? එතකොට ඔයාලාටත් ලේසියිනේ...!!!
බැසියා පුළුවන්නම් කරපන්... හරියට බැරිනම් ගෙදර යන්න...
ඡන්දයක් ළඟ එනවා ඇති. අනේ අපේ දුප්පත් මිනිස්ඩු රවටන හැටි... සල්ලි අච්චු ගහලා රට තවත් බංකොලොත් කරනවා. මෙයාලා අයි.එම්.එෆ් එකට නොයන්නේ මෙන්න මේවා නිසා. එ්කෙන් රටට අහිතකර තනි තීන්දු ගන්න බෑ. මෙයාලාට අවාසි වෙනවා ඒකට ගියොත්... කොමිස් ගහන්න බෑ. ඉන්දියාවෙන්, චීනෙන් ණය ගන්නවා. රටේ සම්පත් විකුණලා මෙයාලගේ 10% කොමිස් එකත් අරන් විටින් විට නොයෙක් නොයෙක් බොරු මහජනයාට කියනවා. මහජනයා කෑ ගහන කොට සල්ලි අච්චු ගහලා දීලා කට වහනවා. ආපහු මහජනයාම මේ ණය ගෙවන්න දඟලනවා. මෙයාලා ෂෝක් එකට අවසානයේ ඇමරිකාවට පනිනවා අපේ සල්ලි අරන්. මෙයාලා හැමදාම පෝසත්... රටයි, අපියි හැමදාම දුප්පත්...
මේක මොලයක්ද බොල...? මේක බමුණුආරච්චි මොලයක්නේ...
ලොක්කා තව ප්‍රින්ටර් එකක් අරගෙන වගේ...
එහෙනම් ගන්න...
රූපවාහිනියටත් දේශපාලන හෙන්චයියෙක් දමලා, හොඳ පුද්ගලයාව අයින් කරලා, මිනිස්සුන්ව ගොනාට අන්දලා ඒ පාර සැරසෙන්නේ ඉන්දියාවට ඕන අපිට ඕන නැති පළාත් සභා තියන්නද?
ළඟදී ටොන් 102 ක "ප්‍රින්ටඩ් මැටීරියල්" වගයක් උගන්ඩාවට ප්ලේන් එකේ යැව්වා කිව්වා නේද? සල්ලි ප්‍රින්ට් කරගෙන එන්න වෙන්න බැරිද?
ඕක අරගෙන ගිහින් කොහෙහරි ගහගන්න...
මැදමුලනේ පොල් කඩපු සල්ලි වෙන්න ඇති බෙදන්නේ. අසුචි නැවෙන් කෑවට වඩා කෑමක් කන්න වෙන්නේ තව මාස 6 කින්. බදු අඩුකරලා රජයේ ආදායම නැති කරගෙන සල්ලි කොළ අච්චු ගහලා බෙදනවා. කම්බා හොරු සෙට් එක රටෙන් පනින්නේ රටේ කටුත් සූප්පු කරලා...
සල්ලි අච්චු ගහල සල්ලි බෙදල දෙනව, මිනිස්සුන්ට තේරෙන්න ඕනෙ එහෙම උනාම මොකද වෙන්නෙ කියන එක, දැන් බඩු මිල වැඩිවීම රුපියල් 5000 ක් දුන්නට විසදන්න බෑ, ගිය මාසෙ උද්දමනය කීයකින් වැඩිඋනාද? මේගොල්ලොන්ට කවදාකවත් රට ගොඩ ගැනීම පිලිබදව අදහසක් නෑ.
මිනිසුනේ දෙන ඒව ගන්න හැබැයි චන්දෙ දෙන්න එපා, මොකද ඡන්ද ගත්ත ගමන් ඡන්දෙ ගන්න පගාව දුන්න සල්ලි හොයාගන්න බඩු මිල වැඩිකරනවා.
කිසිම නිෂ්පාදනයක් නැතිව අතේ තියෙන වටිනාකම ලොකු නෝට්ටුවෙන් කිසිවක් කරන්න බැහැ .මෙහෙම වුනාම ලංකාවෙ මුදල් නෝට්ටු බෝතල් පත්තර කාරයෝ එකතු කරන පත්තර වලට සමාන වෙනවා .
හැමදේම ඉතින් රජයේ සේවකයෝ කියන කුම්මැහි, කුසීත කොට්ඨාෂයට විතරයි. එතකොට රටේ අනිත් මිනිස්සු?
බදු වැඩි නොකර මේක කරන හතානෝගෙ මන්තරය මොකක්ද?
පෙන්ෂන් නොලැබෙන විශ්‍රාමිකයන්ට තියෙන එකම සහනය වූ බැංකු පොලිය තුට්ටුවයි. ඒ මිනිසුන්ගේ ප්‍රාග්ධනය ආණුඩුව භුක්ති විඳිනවා. ඒ ගැන මොකද කියන්නේ?
ජනතාව රවටන්න තවත් උප්පරවැට්ටියක්
ගිය අවුරුද්දේ රටට තිබුන ලොකුම ප්‍රශ්නය කොරෝනා. රටේ නොවැම්බර් මාසේ විතරක් 20000ක් මැරෙනවා කියලා රට විශාලා මහනුවරක් චීන එන්නත වැඩක් නෑ කියලා කිව්වේ. දැන් ඒ ප්‍රශ්නේ එක්තරා මට්ටමකට හරි. සැප්තැම්බර් මාසේ දක්වා මුලු අවුරුද්දටම සංචාරකයෝ ආවේ 38000යි. ඔක්තෝබර් විතරක් 44000යි නොවැම්බර් විතරක් 73000 යි. මේ කොවිඩ් මර්දනය අතින් රජය තරමක් දුරට හරි සාර්තකයි. ජාතක ආරක්ෂාව අතිනුත් සාර්තකයි. මේ දෙකම නිසා සංචාරක ව්‍යාපාරයට සුබයි. වැරදුන ප්‍රධාන තැන පොහොර ප්‍රශ්නය. ඒත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධවල බඩු අඩු වීම හොඳයි
එතකොට EPF නැති ජනතාව කියන්නේ පොහොසත් අයද?
මේ අර පැන්ඩෝරා පෙට්ටියෙන් ටිකක් අරන් ඇවිල්ලද බෙදන්නේ?
මේ පාර හොඳට හිතලා ඡන්දය පාවිච්චි කරන්න. රට ගැන හිතලා ඡන්දය පාවිච්චි කරන්න
ළඟදීම ඡන්දයක් එනවා වගේ.
සහන මල්ලෙනුත් කොමිස් ගහන්න පුළුවන්නේ.
කොහොමද දැන් බැනපු අයට කට උත්තර නෑ නේද? තව ටික කාලෙකින් මීට වඩා පඩි වැඩි කරලා ජනතාවගේ අතමිට සරු කරනවා
රජයේ සේවකයින්ගෙ පඩි වැඩි කරා කියන්නේ, ඊඟ ඡන්දෙදි ඒ ආණ්ඩුවට බඩුම තමා......
සහන මල්ලක් කිව්වම මතක් වෙනවා අපි කුඩා කාලයේ කියවූ උම්මග්ග ජාතකයේ කතා ඇසුරෙන් සැකසූ අග්ගලා මල්ල කියන කථාව එම මල්ල අතැතිව සිටි බමුණාට වෙච්ච දේ වගේ දෙයක් තමයි රටටම වෙන්නෙ.
පෞද්ගලික අංශයේ සේවකයන්ට හුලන්ද.? රජයේ සේවකයන් වැඩ නොකර ගන්න පඩියෙන් බාගයක් වත් ගන්නේ නැති පුද්ගලික අංශයේ සේවකයන් ඉන්නවා සමස්ත රජයේ සේවක ප්‍රමාණයට වඩා.
දැන් ඕවට රැවටෙන්නේ වහල්ලු විතරයි. හොඳ කෑමක් ළඟදීම හම්බවෙයි.
සහන මල්ල පෙන්නලා ජනතාව ගොනාට අන්දවන්න වගේ හදන්නේ..?
එන්න මිතුර ගහමු ගහමු... අපි සල්ලි අච්චු ගහමු.
21 වැනි සියවසේ සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට...
ඇමරිකන් මොලේ තරම
අනික් මිනිස්සුන්ට මොකද වෙන්නේ...?