
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් මෙම සිද්ධිය නොමැති වුවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් අමාත්‍යවරයා කීය.
යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම එතුමාගේ මතය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කළේය.
තමන් ඇතුළු අමාත්‍යවරු තිදෙනා වැරැද්දක් නොකිරීම හේතුවෙන් ඉල්ලා අස්වුවහොත් වැරැද්දක් කළ බවට පිළිගැනීමක් බවට පත්වන බවත් පැවසූ අමාත්‍යවරයා තමන් කළේ හරි දේ යැයි ස්ථාවරය අදටත් දරණ බවත්ය.
ඵිවිතුරු හෙළඋරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ කළ විශේෂ විමසුමකදී අද එසේ පැවසීය.
‘යුගදනවි’ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු අධිකරණයේ නඩු පැවරීම වැරදි වැඩක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (27) පවසා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේරම බොරු කාරයෝ. නම්බුකාර කමක් තියෙනවා නම් කයිවාරු ගහන්නේ නැතුව ඉල්ලලා අස්වෙන්නයි තියෙන්නේ. රාජපක්ෂ නාමය නැතුව ඡන්ද 10ක් වත් ගන්න බැරි එකේ එහෙම කරන්නේ කොහොමද?
අලුත් නාඩගමක් වගේ... ඉල්ලා අස්වෙන්න බැරිද? අස්කරන්න ඕනෙද?
තවත් නාටකයක් එසේ ආරම්භ වූ වගයි.
නරකද මචං පුංචි බණ්ඩා වගේ ආදර්ශයක් දුන්නා නම්...!
මේකත් අර ආදාහනයද, භූමදානයද නාටකය වගේ එකක්...!
මිනිසුන්ගේ ඉවසීම බාල්දු කරන්න එපා බයියෝ
සාටකේ එල්ලිලා ආවේත් ගොඩයන්න පුළුවන් බව දැනදැනනේ.. සුලු පක්ෂයකින් ආවා නම් යනඑනමන් වත් නැතුව යන බව දන්නවා....
මේ ඔක්කොම ඉවත් වුණොත් රටට යහපතක් වේවියි මෙතෙක් කල් මේ අයගේ පවුල්වලට විතරයිනේ යහපතක් වුණේ...
මේ අයට යන්න තැනක් නෑ.. පල් බොරු, තුට්ටුදෙකේ හේතු පෙන්නනවා ඇමතිකමේ ඉඳගෙන සැප ගන්න. බොරු නාඩගමක් නැටුවා අපි ජනතාව සමගයි කියලා පෙන්නන්න. මේ අය මේ නටන්නේ කථාවෙලා...
මේ ඇහුණාද? ඉවත් වෙන්න නෙමෙයි මකබෑවිලා ගියත් අපිට කමක් නැහැ. හැබැයි යන්න කළින් තිරිකුණාමලේ තියෙන අපේ තෙල්ටැංකි 100 ඉන්දියාවට දෙන්න හදන ගිවිසුම අකුරක් නෑර අපිට හොඳට කියවලා බලන්න ඕනෑ. ඒ නිසා එ්ක හොඳට ප්‍රසිද්ධ කරලා යන දිල්ලියක යනවා නම් හොඳයි. මොකද මේ කාලේ ඉන්න දේශපාලුවන් ගහන ගහන හැම හොර ගිවිසුමකින්ම සියලු වාසිය අනිත් පැත්තට යන විදියටයි ඔවුන්ට කොමිස් ලැබෙන විදියටයි කරන්නේ...
ලැජ්ජාවක් නැති හැටි ... ලැජ්ජා නහරේ කපලා වගෙයි පේන්නේ. කැබිනට් මණ්ඩලයේ ඉඳන් ඊට පිටින්යාම වැරදියි. ඒක නොකියා සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් අඟේ ඉඳන් කන කකා ඉන්නේ නැතිව ආණ්ඩුවෙන් එළියට ඇවිත් කෙළින්ම රජයට එරෙහිව කටයුතු කරන්න පුළුවන් නම්... ඔට්ටුයි බැහැ.
මගේ මතය නම්, ඔවුන් ඉල්ලා අස්විය යුතු නැහැ. මොකද්ද මේ ආණ්ඩුව ඔවුනුත් එකතු වෙලා පත්කරපු ආණ්ඩුව. යුගදනවි සිද්ධියක නිසා පමණයි ඔවුන් අස්විය යුතු නැහැ. හැබැයි පොදුවෙන් මේ ගම්මන්පිල ඇතුළු ජනාධිපති සහ මුළු ආණ්ඩුවම අසාර්ථකයි...
දාලා යන්නේ කොහොමද... ලොකු කතා කිව්වට..? බල්ලා මාක් එකේ හිටියත් හම්බ වෙන පැකේජ් එක අතෑරලා එහෙමත් යන්න පුළුවන්ද? ඊට පස්සේ මේ අපි වගේ ගෑස් පෝලිමේ, කිරිපිටි පෝලිමේ... එළවළු කඩේ චාටර් වෙන්නද කියන්නේ..?
ඒකනේ ජනාධිපතිතුමා තැන් තැන්වල ටෝක් දිදී ඉන්නේ නැතිව එකපාර අයින් කරලා දැම්මා නම් ඉවරයිනේ. මාධ්‍ය සංදර්ශන විතරයි ඔක්කොම දාන්නේ... කොහොමත් මේ ජනාධිපති මාධ්‍ය සංදර්ශන දාලා ජනාධිපති වෙච්චි කෙනෙක්නේ..
මුන්ට ආණ්ඩුව දාලා යන්නත් බැහැ ,මුන්ව ආණ්ඩුවෙන් එලවන්නත් පුළුවන්කමක් නැහැ
මෙයාට පෙන්නන්ඩ ඕන මෙයා ලොකු වීරකමක් කරනවා කියලා. ලොකු අවදානමක් අරගෙන රට ජාතිය වෙනුවෙන් කරන වැඩක් කියලා. ඒක එහෙම නොවෙන හින්දමයි මෙයා ලොකු උත්සහයක් ගන්නේ ඒක මිනිස්සුන්ට පැහැදිලි කරන්ඩ. මේ රගපෑම් මිනිස්සුන්ට නොතේරෙනවා කියල හිතන එකෙන්ම පේනවා මිනිස්සු මෝඩයෝ ගානට දාලා ඉන්න විත්තිය.
ජාතියේ පවට උපන් මැදමුලනේ බලු කුක්කා
එයා අස් කරන්නෙත් නෑ. මෙයා අස්වෙන්නෙත් නෑ. මෙයාලා කබිනට් එකේ ඉඳන් අත උස්සලා එළියට අැවිල්ලා නඩුදානවා. මෙයා නඩුදාපු එක වැරැදියි කියලා කිව්වට අස් කරන්න එයාට හිතක් නෑලු. මෙයා වැරැදියි නම් මෙයාව අස් කරන්නලු. එ්ත් අස්වෙලා යන්න හිතක් නෑ. මොකද මෙයා වැරැදි නෑලු... මොවුන්ගේ නරි නාටක. හරි නම් මේ ඔක්කොම අස්වෙලා යන්න ඕනෑ...
කවුරු වුණත් මේ කියන එකේ ඇත්තක් තියෙනවා. ගෝඨාභයට ඇද ඇද ඉන්නේ නැතිව අස්කරලා දාන එකනේ තියෙන්නේ...
ජනාධිපතිට විතරක් නෙවෙයි, ඡන්දයක් ආවාම ජනතාවටත් පුළුවන් ඔහෙලව කණෙන් අල්ලලා එළවන්න..