ගර්භනී මවුවරුන්ටත් කොරෝනා එන්නත දෙන්න කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. 5 years ago
වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) පැවසීය . 5 years ago
දිස්ත්‍රික්ක අටක් දැඩි අවදානම් වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 5 years ago
මෙම සති අන්තයේ සිට දින පහක් යළි සංචරණ සීමා කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත. 5 years ago
සතුන් මැරීමේ ආදීනව පෙන්නා දුන් හිමිනමට පහරදී මරලා ඇළේ සිටින මාලුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි උරණ වී 85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 5 years ago
ලක්සල, සළුසල සභාපති කොවිඩ් ආසාදිත වී මියයයි ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ මියගොස් ඇත. 5 years ago
පළමු වසරට ඇතුළත් කර නොගත්තාට සිසුවියට ලක්ෂ පහක වන්දි ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුල් නොකිරීමේ සිද්ධියක් හේතුවෙන්,වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබීමෙන් සිදුවූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අගතියට පත් එම සිසුවියට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත. 5 years ago
දීමනා කැපුවැයි ක්‍රිකට් පාලකයෝ හා ක්‍රීඩකයෝ ගැටෙති වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබේ. 5 years ago
පැලත් එක්ක සැඩපහරට හසු වූ අම්මා පැය හතරකට පසු බේරා ගනී අත්තනගල්ල නගරයේ අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාත්කවුරුත් නැති කන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන යද්දී පැය හතරක මෙහෙයුමකින් පසු දිවි බේරා ගත් පුවතක් නිට්ටඹුව පොලිසියෙන් වාර්තා වෙයි 5 years ago
නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත. 5 years ago
කොරෝනා ආසාදනය වී නිවෙස්වල මිය යන සිරුර රහසිගතව භූමිදානයට කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි. 5 years ago
සරුංගලයෙන් ආ මාරයා තිදෙනකු බිලි ගනී ගාල්ල මකුලුවේ තෙමහල් නිවසක වහලය මතට නැගී සරුගල් අරිමින් සිටි තිදෙනකු වහලයේ තහඩුවක් කඩාගෙන බිමට වැටිමෙන් අද සවස මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago