(සුජිත් හේවාජුලිගේ )
බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
පොහොට්ටුව හැදුවේ විමල් උදය ඇතුළු පිරිස මිසක් බැසිල් රාජපක්ෂ නොවන බවත් ඔහු මෙරටට පැමිණියේ එම පක්ෂය ලියාපදිංචි කිරීමට පමණක් බවත් මන්ත්‍රීවරයා කීවේය.
පොහොට්ටුව සෑදීමට මුල් වුණේ වෙනත් පිරිසක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වේයො හදපු තුඹසට පොළඟෙක් රිංගුවා
ජුණ්ඩප්පුවා Sunday, 13 March 2022 05:32 PM
හිතේ දුකට එතකොට කවි කියැවෙනවා...
abSunday, 13 March 2022 06:01 PM
සෑම තුඹසකටම රිංගා වැඩි කලක් කිසිම තුඹසක සිටීමට වරම් නොලබන සහ අර්බුද ඇතිකර ගන්නා මේ පොළඟා නැවත නොපෙනෙන තුඹසක් පිළිබඳව සිහින දකිමින් සිටියි...
Sunil Sunday, 13 March 2022 06:12 PM
රටම විකුණා කන්න උපන් අය...
Hafeel Sunday, 13 March 2022 06:16 PM
මේ විජේදාස කියන්නේ 18, 19 සහ 20... ඔය සේරටම අත උස්සපු කෙනා. ඔය කියන පොළඟාට පාර්ලිමේන්තුවට එන්න මාර්ග සලසා දුන්නෙත් ඔයා නේද? පොළඟා වගේම භයානකයි... පොළඟට මාර්ග සලසා දුන්නු ඔයා වගේ අය...!
වාසුදේව Sunday, 13 March 2022 06:31 PM
හරියට බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කන් වගේ. මැක්කන් හයියෙන් හපනකොට බල්ලට රිදෙනවා. බල්ලා කහනකොට මැක්කෝ හැලෙනවා. ඊට පස්සේ ආයෙත් මැක්කෝ බල්ලාගේ එල්ලෙනවා. මැක්කෝ කවදාවත් බල්ලා දාලා යන්නේ නෑ. මේ වගේ හොර තක්කඩි රටට මහා සාපයක්...!
රවීන්ද්‍ර Sunday, 13 March 2022 08:22 PM
'වාසුදේව' කියන්නේ වැදගත් දේශපාලන චරිතයක්.... තමුන්ගෙ ඇත්ත නමින් පෙනී හිටින්න කොන්දක් නැත්නම් xyz වගේ නමකින් කමෙන්ට් කරන්න....
Hafeel Monday, 14 March 2022 05:26 AM
අනේ වාසුදේවට වැදගත් දේශපාලන චරිතයක් කියලා කියනවා නම්, වැදගත් කියන වටිනා වචනයටත් වටිනාකමක් නැහැ. වාසුදේව එදා චන්ද්‍රිකාගේ යුගයේ හොරකම්, දුෂණ, වංචාවලට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළා සහ එදා පි.බී. ජයසුන්දරට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයටත් ගියා. නමුත් මහින්ද එක්ක එකතු වුණායින් පසුව ඔහු වෙනස් වුණා. අද ඔහු ඉන්නේ පට්ට දුෂිතයින් එක්ක. අද දූෂණ, වංචා වෙනුවෙන් හඬ නගන තරමට පහත්වෙලා...
Ajith Sunday, 13 March 2022 06:35 PM
හැමදාමත් කළේ අනුන්ගේ හුඹස්වලට රිංගලා හුඹස තිබුණු සමගිය විනාශ කරන එකනේ...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 13 March 2022 06:45 PM
හොරකම් කරපු අය බේරාගන්න මෙතුමා ඇමැති කාලේ කටයුතු කළා යැයි පසු කාලයේ ආරංචි පැතිර ගියා මතකයි. කල්යල් බලා තමන් නිවැරදි බව කීමට වෙර දරනවා වගෙයි පෙනී යන්නේ.
Ruhunu Sunday, 13 March 2022 06:50 PM
පොළඟා නෙවෙයි, උරුලෑවා කිව්වා නම් තමයි හොඳ...
menna Sunday, 13 March 2022 07:18 PM
දේශපාලනයට ද්විත්ව පුරවැසිභාවය සුදුසු නැත. ව්‍යාපාර (පවුල්) වල ආරවුල් ව්‍යාපාර පනතෙන් විසඳ ගත්තොත් හොඳයි. රටක ව්‍යවස්ථාව එක්ක සෙල්ලම් කරන එක හොඳ නැහැ...
Kalpa Sunday, 13 March 2022 07:37 PM
පසුගිය ආණ්ඩුවේ ඉඳගෙන හොර නඩය බේරලා දැන් බුරනවා. මේ වගේ අය මේ රටේ දේශපාලනයෙන් අතුගා දැමීමට මේ රටේ ජනතාව වගේ බලාගන්න ඕනෑ කළේ දැන් ඇවිල්ලා... එසේ නැතිවුණොත් මේ කාලකණ්ණි පාලන රැළ හැමදාම මේ රටේ රජ කරනවා.
siri Sunday, 13 March 2022 07:37 PM
අනේ හොඳට තිබුණු අපේ රට... රටම පොළොංගු කෑවා වගේ කෙටි කාලෙකින් විනාශ වුණු හැටි...
pakeer Sunday, 13 March 2022 07:54 PM
එතකොට දැන් මේ රටම කෑවේ පොළඟද? පොළඟගේ එකවුන්ට් එකටද ඔක්කොම දාන්නේ? නියම ඇඟ බේරාගැනීම... !
naleen Sunday, 13 March 2022 08:14 PM
ඒ කතාව නම් සහතික ඇත්තක් බව පේනවා...
චමින්ද Monday, 14 March 2022 06:15 AM
පොළොංගු තුඹස්වලට රිංගන්නේ නැහැ කියලයි අපි දන්නේ.. රිංගුවායැයි කියමුකෝ ඇතුලේ ඉඳලා පිටවෙලා යාවි... නමුත් තලගොයා රිංගන්නේ තුඹසට අයිතිකාරයෝ (වේයො) ආහාරයට ගන්න. වේයන් ආහාරයට ගත්තාම අන්තිමට ඉතිරි වෙන්නේ හිස් තුඹස පමණි. හදපු අයත් නැහැ. රිංගපු තලගොයාත් නැහැ. හරියට එජාපයට වෙච්චි දේ වගෙයි. කොහොමත් රාජපක්ෂ පරපුරේ කෙනෙක්ම ඒ පරපුර විනාශ කරන්න හැදීම හොඳ වැඩක් නොවෙයි.
DDWednesday, 16 March 2022 12:48 AM
කොහොමත් රාජපක්ෂ පරපුරේ කෙනෙක්ම තමයි ඒ පරපුර විනාශ කරන්නේ . (රාජපක්ෂ නොවන අයට රාජපක්ෂලා විනාශ කළ නොහැක).
Bunny Preena Monday, 14 March 2022 08:48 AM
අන්තිමට මේ ඔක්කොමලාම එකතුවෙලා රටත් කනවා... අපිවත් කනවා.
පිටිගල මිලානෝ Monday, 14 March 2022 01:57 PM
වේයෝ... ගැලපෙනම නම. වේයෝ සාටක එල්ලාගෙන රට කෑවා. අලුතෙන් පැමිණි පොළඟෙක් නැත. ඔහුද වේයෙකි...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 March 2022 02:12 PM
"අස්වී ගියත් මැති ඇමැතින් අපගෙ රටේ ... සාරය රසට උරලා බිව් මකර කටේ ... වාදම අනේ ! සිටගෙන පෙරලුනු එපිටේ.. කියනා අයුරු පුදුමයි සහයෙන් දෙකටේ... "
මෝ Tuesday, 15 March 2022 03:42 AM
මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කල පොහොට්ටු,යූඇන්පී,ශ්‍රී ලංකා,සමසමාජ,කොමිනිස්,නවසස අදී කුජීත පක්ශ සහ ගනයියන් එකෙක් වත් ආයෙ පාර්ලිමේන්තුවට යවන්න එපා