(සුජිත් හේවාජුලිගේ )
බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
පොහොට්ටුව හැදුවේ විමල් උදය ඇතුළු පිරිස මිසක් බැසිල් රාජපක්ෂ නොවන බවත් ඔහු මෙරටට පැමිණියේ එම පක්ෂය ලියාපදිංචි කිරීමට පමණක් බවත් මන්ත්‍රීවරයා කීවේය.
පොහොට්ටුව සෑදීමට මුල් වුණේ වෙනත් පිරිසක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතේ දුකට එතකොට කවි කියැවෙනවා...
රටම විකුණා කන්න උපන් අය...
මේ විජේදාස කියන්නේ 18, 19 සහ 20... ඔය සේරටම අත උස්සපු කෙනා. ඔය කියන පොළඟාට පාර්ලිමේන්තුවට එන්න මාර්ග සලසා දුන්නෙත් ඔයා නේද? පොළඟා වගේම භයානකයි... පොළඟට මාර්ග සලසා දුන්නු ඔයා වගේ අය...!
හරියට බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කන් වගේ. මැක්කන් හයියෙන් හපනකොට බල්ලට රිදෙනවා. බල්ලා කහනකොට මැක්කෝ හැලෙනවා. ඊට පස්සේ ආයෙත් මැක්කෝ බල්ලාගේ එල්ලෙනවා. මැක්කෝ කවදාවත් බල්ලා දාලා යන්නේ නෑ. මේ වගේ හොර තක්කඩි රටට මහා සාපයක්...!
හැමදාමත් කළේ අනුන්ගේ හුඹස්වලට රිංගලා හුඹස තිබුණු සමගිය විනාශ කරන එකනේ...
හොරකම් කරපු අය බේරාගන්න මෙතුමා ඇමැති කාලේ කටයුතු කළා යැයි පසු කාලයේ ආරංචි පැතිර ගියා මතකයි. කල්යල් බලා තමන් නිවැරදි බව කීමට වෙර දරනවා වගෙයි පෙනී යන්නේ.
පොළඟා නෙවෙයි, උරුලෑවා කිව්වා නම් තමයි හොඳ...
දේශපාලනයට ද්විත්ව පුරවැසිභාවය සුදුසු නැත. ව්‍යාපාර (පවුල්) වල ආරවුල් ව්‍යාපාර පනතෙන් විසඳ ගත්තොත් හොඳයි. රටක ව්‍යවස්ථාව එක්ක සෙල්ලම් කරන එක හොඳ නැහැ...
පසුගිය ආණ්ඩුවේ ඉඳගෙන හොර නඩය බේරලා දැන් බුරනවා. මේ වගේ අය මේ රටේ දේශපාලනයෙන් අතුගා දැමීමට මේ රටේ ජනතාව වගේ බලාගන්න ඕනෑ කළේ දැන් ඇවිල්ලා... එසේ නැතිවුණොත් මේ කාලකණ්ණි පාලන රැළ හැමදාම මේ රටේ රජ කරනවා.
අනේ හොඳට තිබුණු අපේ රට... රටම පොළොංගු කෑවා වගේ කෙටි කාලෙකින් විනාශ වුණු හැටි...
එතකොට දැන් මේ රටම කෑවේ පොළඟද? පොළඟගේ එකවුන්ට් එකටද ඔක්කොම දාන්නේ? නියම ඇඟ බේරාගැනීම... !
ඒ කතාව නම් සහතික ඇත්තක් බව පේනවා...
පොළොංගු තුඹස්වලට රිංගන්නේ නැහැ කියලයි අපි දන්නේ.. රිංගුවායැයි කියමුකෝ ඇතුලේ ඉඳලා පිටවෙලා යාවි... නමුත් තලගොයා රිංගන්නේ තුඹසට අයිතිකාරයෝ (වේයො) ආහාරයට ගන්න. වේයන් ආහාරයට ගත්තාම අන්තිමට ඉතිරි වෙන්නේ හිස් තුඹස පමණි. හදපු අයත් නැහැ. රිංගපු තලගොයාත් නැහැ. හරියට එජාපයට වෙච්චි දේ වගෙයි. කොහොමත් රාජපක්ෂ පරපුරේ කෙනෙක්ම ඒ පරපුර විනාශ කරන්න හැදීම හොඳ වැඩක් නොවෙයි.
අන්තිමට මේ ඔක්කොමලාම එකතුවෙලා රටත් කනවා... අපිවත් කනවා.
වේයෝ... ගැලපෙනම නම. වේයෝ සාටක එල්ලාගෙන රට කෑවා. අලුතෙන් පැමිණි පොළඟෙක් නැත. ඔහුද වේයෙකි...
"අස්වී ගියත් මැති ඇමැතින් අපගෙ රටේ ... සාරය රසට උරලා බිව් මකර කටේ ... වාදම අනේ ! සිටගෙන පෙරලුනු එපිටේ.. කියනා අයුරු පුදුමයි සහයෙන් දෙකටේ... "
මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කල පොහොට්ටු,යූඇන්පී,ශ්‍රී ලංකා,සමසමාජ,කොමිනිස්,නවසස අදී කුජීත පක්ශ සහ ගනයියන් එකෙක් වත් ආයෙ පාර්ලිමේන්තුවට යවන්න එපා