ලක්ෂ 50 රක්ෂණය ගන්න යාළුවා ලවා බිරිය මරයි රුපියල් ලක්ෂ 20ක මුදල් කොන්ත්‍රාත්තුවක් මිතුරකුට ලබාදෙන බවට පොරොන්දු වී ඔහු ලවා බිරිඳ කැබ් රථයකට යටකර ඝාතනය කිරීමට සැලැස්වූ බව කියන එම කාන්තාවගේ 24 හැවිරිදි සැමියා පිටිගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 04 May 2023
පුටින් ඝාතන තැත වළක්වා ගනී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බව රුසියාව අද (03) චෝදනා කළේය. 03 May 2023
කුඩු අංජුට ප්‍රංශයේ වයින් සමාගමක් රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. 02 May 2023
අලුත් මනමාලයාට පරණ පෙම්වතියගෙන් පිහි පහර අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී ඊයේ (1) සවස දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව මැදවච්චිය පොලිසිය පවසයි . 02 May 2023
මැංගුස් සටන යුද්දයකින් අවසන් කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය කියයි. 01 May 2023
විදුලිය කෝටි 367ක දීමනා හොර පාරෙන් ගෙවලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 May 2023
ගෑස් මිල තව දින කීපයකින් පහළට? තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. 01 May 2023
ඉන්ධන මිල අඩු කරයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කිරීමට තීරණය කළේය. 30 April 2023
කුඩු අංජු ගැන ඔත්තුව බිරියගෙන් ප්‍රංශ පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක් යැයි කියන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් ‘රත්මලානේ කුඩු අංජු’ මෙරට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (30) පැවසීය. 30 April 2023
පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සුන් වේ යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 29 April 2023
පොලිස්පති පුටුවට ලොකු පොරයක් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇත. 29 April 2023
මාරුවට එරෙහි අජිත්ගේ ලිපියට පරීක්ෂණයක් දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට යවන ලද ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට නියමිතව ඇත. 28 April 2023
කරන්නාගොඩට ඇමෙරිකාවේ දොර වැසෙයි වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇත. 27 April 2023
මහර රැඳවියන් 11කට වෙඩි තැබීම අපරාධයක් ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට අද (26) නියම කළේය. 26 April 2023
අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගු කරයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාව අද (26) පස්වරුවේ අවලංගු කර ඒ මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 26 April 2023
අජිත් රෝහණ ස්ථාන මාරුවට පයින් ගසයි වහාම ක්‍රියාත්මකවන පරිදි තමන්ව ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී ඇත. 26 April 2023
ගිනිගත් නැවේ කප්පම් කරුගේ නම එළියට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 April 2023
රජ මැදුර - ලේකම් කාර්යාලය අගනුවරට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 April 2023
හබරණ කුඹුරට බැස්ස තානාපතිනිය ගොවින්ගේ ගැටලු හදුනාගෙන ඉදිරියේදි එම ගැටලු සම්බන්ධයෙන් ග්‍රිලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තුවන බව ඇමරිකානු තානාපතිණි ජූලී ජේ චන්ග් මහත්මිය පැවසුවාය. 24 April 2023
ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව අරන්? ’එක්ස්ප්‍රස් පර්ල්’ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් ’බරපතළ අපරාධකරු’ වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි. 24 April 2023
සැමියා මරන්න කොන්ත්‍රාත් දුන්න බිරියයි - හොර මිනිහයි මාට්ටු අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට තම හොදම මිතුරාගෙ ගෙල කපා මරා දැමිමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ආණමඩුව පොලිසිය අද (23) අත් අඩංගුවට ගත් බව කියයි. 23 April 2023
මෛත්‍රීට කැඩුණු අත හදාගන්න බැරි වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයට නැවත එකකර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 23 April 2023
තහනම පැත්තකට දමයි:අමාත්‍යංශයට පිරිසක් බඳවා ගන්න යයි රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ,ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. 22 April 2023
සැමියා බිරිය පැහැරගනී මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 21 April 2023
කෝටි ගණනට සිංහල දරුවන් යුරෝපයට පටවයි ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් මහතා ප්‍රකාශ කර ඇත. 20 April 2023
බර අනුව බිත්තරේට මිලක් බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 20 April 2023
කාදිනල් අගවිනිසුරුද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 19 April 2023
යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයාගෙන ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. 18 April 2023
අගහිග කම් අහස උසට පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි. 18 April 2023
රාජිතට දෙනවනම් රෝහිතටත් දෙන්න සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ඇමැති තනතුරක් දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 17 April 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026