(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
නීති විද්‍යාල විද්‍යාල ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන්නේ දැඩි විභාග කොන්දේසි යටතේය.
මෙම මන්ත්‍රීවරයා සටහන් තොගයක් ළඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
ඒ අනුව අදාල මන්ත්‍රීවරයා මෙම පරීක්ෂණය වළක්වා ගැනීම සඳහා දේශපාලඥයන් පසුපස යමින් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව තමාටත් යම් යම් ආරංචි ලැබෙමින් පවතින බවයි.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්
ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිස
සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මන්ත්‍රී නීති විභාගයේදී කොපි ගහලා
ravin Friday, 27 October 2023 10:58 AM
ඔන්න දැන්නම් තවත් සහතිකයක් ලැබුණා. පොදුජන පිළිගැනීම වන 225ම සුදු ඇඳගෙන ඉන්න හොරු...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 October 2023 11:35 AM
මීට කලින් වතාවකදීත්, එක්තරා බේබි කෙනෙකු මේ වගේම කොපිකොට නීතිඥ විභාගය සමත් වූ බවට රට පුරා මහත් ආන්දෝලනයක් පැවැතුණා. ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් පශ්චාත් උපාධියක් ඉල්ලීමේදී හොර සහතික වලට තම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නොදෙන බව ඔහු වෙත දැන්වූ බවත් ප්‍රවෘත්ති මැවුණා. පාර්ලිමේන්තුවේදීත් ඔහුගෙන් විපක්ෂ මන්ත්‍රී වරයෙකු අපරාධ නීති සංග්‍රහයේ පළමු වගන්තිය ගැන විමසුවත්, ඔහුට එයට හෝ පිළිතුරු දීමට නොහැකි වුණා. මෙන්න මේකයි මේ රටේ සැබෑ තත්වය...
ක්රිෂ්ණා Friday, 27 October 2023 12:05 PM
මෙයාගේ තාත්තත් මහින්ද වුණා නම්...!
Perera Friday, 27 October 2023 12:08 PM
අපි හිතුවා මෙයාට බුද්ධිය දිග වුණු නුවණක් තිබුණා කියලා...
මහසෙන් Friday, 27 October 2023 12:26 PM
නම එහෙම දාන්න එපා හොඳේ. අපි ප්‍රහේලිකාව පුරවා ගන්නම්... පමණක් වාර්තා දැක්කා ඔය කියන කෙනා සූස්තර පුංචෙක් කියලා. එහෙම නම් බලා ගන්න බැරියැ එයාගේ පක්ෂයේ වෙන්න ජනාධිපති බබා කියන දේ. මොකද ඒක තමා ලංකාවේ පිවිතුරු, හොරු නැති, බොරු නැති පක්ෂය..!
HELAYA Friday, 27 October 2023 12:38 PM
අසූචි කප්පරක් කාපු කෙනාට ගඳ දැනෙන්නේ නැහැයිලු... මහජන දේපළ කොල්ලකන මොවුන්ට මේවා සිම්පල්...!
sam Friday, 27 October 2023 01:38 PM
පොඩි මයිනා නීති විභාගෙ ලියපු හැටි අනුගමනය කරල.
Hafeel Friday, 27 October 2023 03:06 PM
දැන් මෙයා කියාවි බේබීට පුළුවන් නම්, ඇයි මට බැරි කියලා....!
ගමේ එකාලා Friday, 27 October 2023 04:28 PM
ඕවා මොනවද? තාත්තා, පුතා දෙන්නාම හොරට ලියලා විභාගේ පාස්වුණා කියලා නම් දරාපු දේශපාලුවෝත් ඉන්නේ...
Bamunuarachchi Friday, 27 October 2023 05:19 PM
මෙයා වෘත්තියට ඇතුල් වෙන්නම හදලා තිබෙන්නේ වංචාවෙන්. මෙයා වංචාවල ඉපදිච්චි කෙනෙක්ද කොහේද?
Oscar Friday, 27 October 2023 07:41 PM
තරාතිරම නොබලා මේ ඔලමොට්ටලයාව පාර්ලිමේන්තුවෙන් පන්නලා දාන්න ඕනේ... පින් බත් ගිලින අයට හරියට විභාගයට පෙනී හිටින්න බැහැ. හොර සෙට් එක පන්නලා දාන්න මහජනයා හරියට එක්ස් රේ ගහන්න ඕනේ...!
Krishan Friday, 27 October 2023 08:18 PM
ඔය කියන දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සජබේ නායකත්වය දරන කෙනා වුණාට බුද්ධික නැති නිසා තමයි ඔය විදියට චාටර් වුණේ ඔය කෙනා වෛද්‍යවරයෙක් වුණෙත් එතැනට එන්න විභාග පාස්වුණෙත් උසස්පෙළ සමත් වුණෙත් ඔය ආකාරයටමද යන්න ගැටළු ජනතාවට ඇති වෙනවා... එක පාර ගැහුණු කෙස් එක රේකෝඩින් එක දිගට යවාගෙන චාටර් වුණා විභාග ළංවෙනකොට මාතර බෝධිය ළඟ ආශිර්වාද බෝධිපූජා පවත්වනවා විභාගයට යන අයට එහෙත් එහෙම කෙනා ගැන දෙවියන් බලලා නැහැ... දැන් එකම දේ ආණ්ඩුවට පැනලා ඔය සිද්ධියට ගහගන්න එක තමයි වෙන විසඳුමක් නැහැ... බුද්ධිය නැතිකමට..!
පුරවැසියෙක්... Friday, 27 October 2023 09:28 PM
හිතන් හිටියෙ හොඳ, අවංක දේශපාලනඥයෙකු ලෙසයි. බැලුවම මෙයත් අර මට්ටමේම තමයි නේද ?
නිහාල් Friday, 27 October 2023 10:11 PM
ඔක්කොටම කලින් විභාග පරීක්ෂකලා ටික උල තියන්න ඕන.
සෙනෙවිරත්න Friday, 27 October 2023 10:41 PM
අයියෝ මෙහෙමත් ලැජ්ජනැති උන්, මේ යකා දොස්තර විභාගෙ සමත් නැහැ, දේශපාලනය ,මාධ්‍ය කර කර ඒවගේ උසස් විභාගයක් කරන්න බැහැනේ අනෙක ඒවට ඝන දෙවියො අතදාන්නෙත් නැහැ,ලෙඩ්ඩු අනතුරේ නිසා. ළමුන්ට මිත්‍යාව බෙදල දෙන ඝනදෙවි සුූත්තර පුංචගෙ සුදු රෙදි ගලවන එක අදාල අයගෙ වගකීමක් ,රටේ අනාගතය උදෙසා ,
පැරකුම් Saturday, 28 October 2023 12:57 AM
මට මතක හැටියට අපි ඉස්කෝලෙ යන කාලේ ගාල්ලේ පනාගමුවේ වංචාවල හිටිය පතිරණ කෙනෙක්. මම එයාගෙන් අහලා කියන්නම්...
චතුරි Saturday, 28 October 2023 01:18 AM
රට කාලා වතුර බීපු නාකි මයිනා... අද රටේ නායකයා වෙලා හිටියා නම්... තව ගොඩක් නූගත් නඩේ කට්ටිය නීති විභාගය සමත් වෙලා. නාමල් බේබි නමට නීතීඥයින්ව. අහපු නඩුවකුත් නැහැ... ඒ වුණාට වැටුප නම් එනවා. මොවුන්ට දඬුවම් දෙන්න ඕනෑ ප්‍රසිද්ධියේ... දැන් රටේ ලොක්කා නිතීපති තුමාව මාරුකරයි. නැතිනම් විශ්‍රාම අරියි. රටකට ගිය කලක්. උගත්කමත් හොරාකන හොර නඩේ...!
thanu Monday, 30 October 2023 08:09 AM
බඩගින්නට කොස් ගෙඩියක් කඩපු එකාගෙ පොටෝ නම, ගම, පරම්පරාව පෙන්නනවා.. ඇයි මේවගේ අයගේ නම්වත් නැත්තේ?