
(සුජිත් හේවාජුලිගේ )
ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙම බද්ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව බවද ඔහු සඳහන් කළේය.
විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයන්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සමහර දේපළ හිමියන්ගේ ඉඩකඩම් ඇතුළු දේපළ නිසි පරිදි ගණනයවී නැතැයි පෙනී ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් යෝජනා ගණනාවක් මුදල් අමාත්‍යාංශයට ලැබීය ඇත. එම යෝජනා පිළිබඳව ද අමාත්‍යාංශයේ ඉහළ අවධානය යොමුවීඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා තමයි උඩින්ම ඉන්නේ...!
ලොකු දේපළ කියන එන නිර්වචනය කරන්න ඕනෙ ප්‍රමාණය කෙතරම්ද කියලා... එහෙම නැතිව ලක්ෂ 10 යේ පටන් මොවුන් බදු ගහන්න පටන් ගනීවි. හොර හැත්ත...
මුලින්ම පන්සල් වලින් ගන්න ඕනෑ...
දේපල වලින් එන ආදායම මත පනවන්න...
ඉඩ කඩම් නඩත්තු කිරීමට යන මුදලවත් සොයා ගැනීමට නොහැකිය අපට...!
ඇතැම් නිර්ආගමික හෝ අන්‍යාගමික පුද්ගලයින් පළමුව දැක ඇත්තේ පන්සල ය. ඒ ඔවුන් සාංගික දේ ගැන නොදන්නා තරම ය.
එහෙනම් පටන් ගන්න වෙන්නෙ මැදමුලන, දියවන්නාවෙ 225, ඒ 225ට උදව් වෙන කලු සල්ලි වියාපාරික ප්‍රජාව, සහ පාතාල කලු සල්ලි හිමියන්.
ඔය බොරු, වැඩක් නැහැ ජාතික ධනය හොරා කාපු දේශපාලුවන්ගෙ ඒ් මුදල් අයකර ගත්තොත් ලංකාවෙ සියළුම ණය බරෙන් නිදහස්.
මේක නම් විශ්වාස කරන්න අමාරුයි... විශාල වශයෙන් දේපළ තියන අයට කිව්වාම රනිල්ගේ පන්තියේ අයට තමයි ඕක වදින්න ඕනේ, ඒත් ඒකත් කොහොම හරි ඒ ගොල්ලෝ බේරිලා පොඩි මිනිහාගේ දේපල වලටම බද්ද ගසාවි...!
IMF එක කියන කියන ඒවා කරන්න නම් අපි මොකටද පඩි දීලා නුඹලාව තියාගෙන ඉන්නේ...!
අනේ, මයිල් බුලා ..
එතකොට අර අයිතිකාරයෙක් නොමැති මල්වානේ මන්දිර, ඕස්ට්‍රේලියාවේ තිබෙන පැන්ඩෝරා අක්කාගේ දේපළ එංගලන්තයේ තිබෙන අලුත්ගමගේගෙ මන්දිර වලටත් බදු ගහනවද?
නිසි පරිදි ගණනය වෙන්නේ නැත්තේ ආදායම් බදු එකේ ඉන්නේ හොරු නිසා, අලුත් බදු ගැහුවත් පොහොසත් වෙන්නේ ආදායම් බදු එකේ ඉන්න හොරු මිසක් රජයට ලැබෙන කෙහෙල් මලක් නොමැත...
එතකොට මෙතැන ඉතා පැහැදිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි දැන් රට පාලනය කරන්නේ...!
ලොකු වැඩේටයි, පොඩි වැඩේටයි වැසිකිළි ගියාමත් බද්දක් ගහවි මේ යන විදිහට...
2025 වෙනකල් ඉන්නද කල්පනාව...? ඊට කළින් කේන්දර පොජ්ජ බලාගත්තොත් නේද හොඳ?
පරම්පරා ගාණකට ඇති වෙන්න කෝටි ප්‍රකෝටි ගණන් හොරාකාලා යහමින් හරිහම්බ කරගත්තු දූෂිත පවුල් පාලනේ අයගෙන් මුලින්ම පටන් ගතයුතුයි...!
ඔබලා 225 පත්වූයේ IMF ඡන්දයෙන්ද, ලංකාවේ ජනතාවගේ ඡන්දයෙන් ද? රට ගොඩ නගන්න වැඩපිළිවෙලක් නැතිව IMFකියන දේම කරනවා නම් උඹලා මොකටද ජනතා නියෝජිතයෝ වශයෙන් පාර්ලිමේන්තු ගියේ. රනිල් නම් ජනතා ඡන්දෙන් පැරදිලා JR මාමගේ ගේ ව්‍යවස්ථා උගුලෙන් හා ඇමරිකා අරගල සහායෙන් ගොඩ ගිය කෙනෙක් නිසා ජනතාව ගැන නොබලා ඇමරිකාව හා IMFඑක කියන දේ කළාට කමක් නෑ...!