
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මංගල සාදයකට එක්වි සිටි තරුණියක් මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගැනීමෙන් පසු හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි සිටි විසි හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියක් බව කියයි.
දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතු වලින් පසු විවිධ සමාජ කටයුතු වලට දායක වී සිටි බව කියයි.
තරුණිය පුත්තලම නගරයට ආසන්නයෙ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වි මෙම ආහාර වර්ගය ආහාරයට ගැනිමේන් පසු ආසාත්මිකතාවයට පත්වි ඇති බවත් කියයි.
එසේ ආසාත්මිකතාවයට පත්වු තරුණිය විනාඩි කිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත්වි පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු බවත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බව රෝහල් බළධාරීයකු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත කාලයේදී මේ ආකාරයට මරණයට පත් වූ දෙවැනි තරුණිය මැයයි. මේ ගැන විමර්ෂණයක් කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. අසාත්මිකතාව ආහාර නිසා පමණක් නොව ආශ්වාස කරන වාතයෙන් පවා ඇති වේ. සමහර බිත්ති පින්තාරු කිරීමට ගන්නා තීන්ත වල සුවඳ සමහරෙක්ට අසාත්මිකතාව ඇතිවීමට හේතු විය හැකිය. එසේම වැසිකිලි වලට යොදන සමහර සුවඳ වර්ගත් මෙසේ වීමට හේතු විය හැක. මේවා ගැන නිසි විමර්ෂණයක් නොකොළොත් තව මරණ සිදුවිය හැක. අපේ රටේ මරණ පරීක්ෂණවලදී සිදුවන්නේ කුමක් හෝ හේතුවක් දී එදා දිනය ගතකර ගැනීමයි. මේක ඉතාම කණගාටුදායක දෙයක්. ඇත්තටම් මේ මරණ වළක්වා ගත් හැකි ඒවායි...
හරක්මස් වලට ඇනපිලැක්ටික් ෂොක් එකක් හැදෙන්න ඇති...
ටයිටල් එක තමා වැඩේ. මස් කෑවොත් මැරෙනවා වගේ අදහසක් එන්නේ... අපේ අල්ලපු ගෙදර ඉන්න නිර්මාංශ අංකල් මේ දැං හෙන චූන් එකේ මට දේශනයක් දුන්නා. ඒ අය මස් මාළු කන අය එක්ක තරහයි. නිවන් සුව...!!!
දේශපාලුවෙක් හොරකම් කෙරුවම..මිනීමැරුවම නමක් ගමක් පොටෝ එකක් දාගන්න බැරි උනාට මේ වගේ දෙයක් උනාම හරි අපූරුවට නම ගම ජාතකේ හොයල දාන්න තරම් මාධ්‍ය සදාචාරය නම් හරිම ඉහලින්ම තියෙනවා .ඒකත් හරියට මස් කාපු නිසා මරණයට පත් වෙලා වගේ අදහසක් එන විදියට හෙඩිමක් දාලම..
මස් කාපු නිසාද කියලා හරියටම කියන්න පුළුවන් මරණ පරීක්ෂණනෙන් පස්සේ. හාට් ඇටැක් ද කියන්න බෑ... අපි නොදන්නා බොහෝ විෂ අප අවට අපි පරිහරණය කරනවා අර අනුර මහතා කීවවගේ. ඇඟේ ගාන සබන්, ෂැම්පු වගේ දේවල්. ආහාරවල ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ... එතුමියට නිවන්සුව පතමු!.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් එන්නත් අනුමත කළ අවස්ථාවේදී එයට විරුද්ධ ව වෛද්‍ය විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කෙරුණා. එක් මහාචාර්යවරයකු නොකියා කීවේ ප්‍රතිශක්තිය දුර්වල වී මෙම මරණය වැනි අවස්ථාවලට ඉදිරියේදී සමාජයට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන බවකි. බාල බෙහෙත් මාතෘකාව යටතේ සමාජය ප්‍රකෝප කිරීමේ යෙදී සිටින අය මේ ගැනත් සිතා බැලිය යුතුයි. ප්‍රතිශක්තිය දුර්වල වීමේ උදාහරණයකට මෙසේ සඳහන් කිරීම වටී... පැපොල රෝගය සෑදුණු අයෙකුට නැවත එම රෝගය නොසැදෙන බව සමාජයේ පිළිගැනීමයි. එහෙත් මෙම තත්වය යටතේ එම රෝගය නැවත බෝවී ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර නොලදහොත් මොළයේ අසාත්මිකතාවයන්ට ද ගොදුරු වී ජීවිත අවදානමකට ද පත්විය හැකිය. අසනීප වූ විට නොපමාවම වෛද්‍ය ප්‍රතිකාරයන්ට යොමුවන්න. හෙටට කල් නොදමන්න...