ටෙලිකොම් ගැන කාරක සභා වාර්තාව කුණු කූඩෙට ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ. 09 June 2023
වෘත්තිය පුහුණු ක. ස. ගේ මරණයට පොලිසිය හතක් අල්ලයි නාරහේන්පිට,ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කලමනාකාර සහකාර නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ හත් දෙනෙක් රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 09 June 2023
මුදල් කමිටු සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 June 2023
අයේෂාට එක්සත් රාජධානියේ විනිසුරු පදවියක් ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික නීතීඥවරියක වන 34 හැවිරිදි අයේෂා ස්මාර්ට් මහත්මියට එක්සත් රාජධානියේ ක්‍රවුන් අධිකරණයේ විනිසුරු පදවියක් හිමිව තිබේ. 07 June 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර දී කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය 07 June 2023
හිටපු ජනපති ශ්‍රීලංකන් පතුරු ගහයි ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 June 2023
තිස්ස ප්‍රා.ලේට තනතුර එපා වේ රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය ලංකාදීපයට පැවැසුවාය 05 June 2023
පූජාව අස්සේ කපුවාට ගිනි ඇවිලේ අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයකුගේ සිරුරට ගිනි ඇවිලේ මෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි. 05 June 2023
යොහානි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන ලබයි ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය. 04 June 2023
ජනපතිවරණයකට සූදානමක්? ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 June 2023
18ට වැඩි හැමෝටම බදු ගොනුවක් ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. 02 June 2023
රුපියල ගැන අනතුරු අඟවයි ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. 01 June 2023
ඉන්ධන මිල අඩු වැඩි වේ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද රාත්‍රී පැවසීය. 31 May 2023
පොලියට ගත් මුදලට දියණිය හිලව් කරලා සිය බිරියද හවුල්කරගනිමින් නිවසේ පවත්වාගෙන ගිය බූරුපොළට පොලිකරුවකුගෙන් ලබාගත් මුදල වෙනුවට තම පාසල් යන 16 හැවිරිදි දියණිය විකිණු බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලීසියේ ළමා කාන්තා කාර්යංශය කියයි. 31 May 2023
සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 30 May 2023
උසස් පෙළ ප්‍රතිඵල මාස හයකට පසු දෙන්න යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය. 30 May 2023
මස් මාළු බිත්තර මිල වේගයෙන් ඉහළට වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 29 May 2023
සද්ධා රතන හිමි රිමාන්ඩ් ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය. 29 May 2023
නතාශා එදිරිසූරිය රිමාන්ඩ් ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය. 28 May 2023
බුද්ධාගමට අපහාස කළැයි ජයනි නතාෂා ගුවන්තොටේ දී අල්ලයි ’’ මෝඩාභිමානය ’’ නැමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් ඉදිරිපත් කළැයි ලැබුණු පැමිණිලි අනුව ජයනි නතාෂා එදිරිසූරිය නම් කාන්තාව සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි. 28 May 2023
මංගල ගමනට සූදානම් වු මනාලියට ඇසිඩ් ප්‍රහාරයක් විවාහ උත්සවයට සුදානම් වෙමින් සිටි මනමාලියට ඇසීටි ප්‍රහාරයක් එල්ලවීමෙන් එම තරුණියක බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි . 27 May 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි තබයි අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 26 May 2023
දුරකතන කනේ ගහගෙන ගිය තරුණයෝ දෙකක් දුම්රිය බිලි විනෝද චාරිකාවක යාමට සූදානම් ව දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි. 25 May 2023
ආණ්ඩුව ජනක පන්නයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මතවිය. 24 May 2023
මන්ත්‍රී අලි සබ්රිට ලක්ෂ 75 දඩ, බඩුත් රාජසන්තකයි නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බව රේගු ආරංචි මාර්ග කියයි. 24 May 2023
මන්ත්‍රී අලි සබ්රිගෙ ගමන් බෑගයේ දුරකතන 91ක් නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් භාවිතා කරමින් මෙරටට ගෙන ආ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 91ක් ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් ෙ සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 23 May 2023
මන්ත්‍රි අලි සබ්රි රහීම් රන් සමඟ මාට්ටු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි. 23 May 2023
කොමිස් නැති නිසා චීන ව්‍යාපෘති පමා කළාද? බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි බලධාරීන් එම යෝජනාවන්ට අදාල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රමාද වීම නිසාවෙන් බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 22 May 2023
රටට ආදරේ කවුද? 24 බලා ගමු මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනාවක් එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාදැයි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අප අහනවා. මිනිස්සුන්ගේ ඔළුවට තව තවත් බරක් දෙන වැඩකට අත උස්සන්න පුළුවන් කාටද ? පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා බලාගන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසු 22 May 2023
කසිප්පු හොයන්න ගිහින් වෙඩි තියලා:සිසුවෙක්ට තුවාල කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක් එල්ල කළ වෙඩි පහරකින් ගම්පොළ පන්විලතැන්න නිවසක සිටි පාසල් සිසුවකු වෙඩිවැදී ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 21 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026