එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට අද (5) දැනුම් දුන්නේය. 3 years ago
මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද පැවසීය. 3 years ago
පුංචි ඡන්දෙට ජනපති සහය නොදෙයි මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (4)නිල වශයෙන් දැනුම් දුන්නේය. 3 years ago
ශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්රසිද්ධියේ එම සාක්කා ලබා ගනිමින් සිටියි. 3 years ago
පාඩු ඇතත් ඛනිජ තෙල් - ශ්‍රී ලන්කන් බෝනස් දීලා පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. 3 years ago
රට බීම මිල ඉහළට මත්පැන් බදු අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 20කින් ඉහළ නංවා තිබේ. 3 years ago
නොදැන කළ වැරදිවලට සමාව ඉල්ලයි බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් මරණ දඬුවම ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත. 3 years ago
‘‘කැබිනට් යෝජනා පිළිගන්නේ නෑ‘‘ විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය. 3 years ago
පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්‍රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත 3 years ago
හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වෙයි හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වී තිබේ. 3 years ago
වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පෙරවරුවේ පැවසීය. 3 years ago
වේරහැර රථගාල මැරයන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago