
(සිරංගිකා ලොකුකරවිට සහ චන්ද්‍රසිරි ගුණසේකර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතරලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේශිකා මධුමි (30) සහ ඇගේ මව එදිරිමුණි රීටා හැරියට් ද සොයිසා (56) යන දෙදෙනාය.
මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරිනි.
මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා ලංකා බැංකුවේ සුබ සාධන වෑන් රථයෙන් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි.
(ඡායාරූප: චන්ද්‍රසිරි ගුණසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි රිය අනතුරුවලට ප්‍රධාන හේතුව, හයිවේ එකේ කොට කොටා යන ලොරි... එහි අවම වේගයක් නැහැ..!
මම ලංකාවට වෙලාවේ දැක්ක ඔය අදිවේගී මාර්ගයේ කිසිම ආලෝකයක් නැතිව නවත්වලා තියෙන රථ , එක්කෝ ඉතාම හෙමින් පදවන ලොරි රථ.. පාරටත් විදුලිය නැති නිසා හරිම බයානකයි වෙන රටවල ලොරි රථවලට වටේම විදුලිය කරලා තියනවා වාහනේ සහ දුර තියා අදුර ගැනීමට
මේ සිදුවීමේදී වෑන් රථය පිටුපසින් වැදිලා තියෙන නිසා වෙන්න පුළුවන්.. පළමු දේ වෑන් රථයේ රියදුරාට නින්ද යෑම... එවැනි අනතුරු ගණනාවක් පහුගිය දිනවල අහන්න ලැබුණා. විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල මෝටර් රථ ධාවනයේදී නින්ද යෑමේ සම්භාවිතාවය ඉතා ඉහළ බැවින් නිසි විවේකයක්... ගමන අතරතුර රියැදුරාට ලැබිය යුතුයි...
අධිවේගී මාර්ගවල උපරිම වේගයක් වගේම අවම වේගයකුත් අවශ්‍යයි. ආරක්ෂිත ලාම්පු නැති වාහනවලට අවසර නොදිය යුතුයි ලාම්පු නැතිව හොරෙන් එන වාහනවලට විශාල දඩයක් ගැසිය යුතුයි. ප්‍රශ්ණයට විසදුම එයයි.
මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා ලංකා බැංකුවේ සුබසාධන වෑන් රථයෙන් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි...!
සුබසාධන වෑන් රථවලින් පවුලේ අයවත් අරගෙන යනවාද අනේ අපේ බදු මුදල්...!
ලංකාවේ අධිවේගී මාර්ගවල අනතුරු නිතරම වගේ අහන්න ලැබෙනවා. මේවා වළක්වා ගන්න නිසි පියවරක් ගතයුතුයි...!
ප්‍රවෘත්ති වලට කියැවුනේ මැයගේ ස්වාමිපුරුෂයා මැයට ෆෝන් කළබව. එසේ කතා කරකර ආවා නම් මේක පුදුම නැහැ...!