(සුජිත් හේවාජුලිගේ )
ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසට ගොස් ඔහුගෙන් අද (26) දහවල් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මේ අවස්ථාවට රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරු කණ්ඩායමක්ද පෙනී සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සී අයි ඩී ය එනකොට බැල්කනියෙන් පැනලා ගියා නම් ඉවරයිනේ...!
අත්අඩංගුවට ගන්නකොට ටිකක් රෑ වෙයි...!
විශේෂ වරප්‍රසාද ළඟට ගිහින් කටඋත්තර ගන්න. මෝරු හැමදාම බේරෙනවා පොඩ් අය අහුවෙනවා. මේ ආණ්ඩුව ඉන්නකම් ඔය පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ නැහැ..!
අහිංසක රෝගීන් මුලාකරන වංචා කළානම් නීතිය කුමක් වුවත් පව් ඵල දෙනවා...
මේක බොරු සංදර්ශනයක්ද? හරි නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව ගෙන්න ගන්න ඕනේ. මෙහෙම තමයි එදා ශිරන්තිගෙනුත් කට උත්තර ගත්තේත්. නමුත් ඔහුට එරෙහිව ගත්තු පියවර කුමක්ද?
නිකන් නාඩගම් විතරයි...!
කොහොමද හොරාගේ බය...?
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා!! හෙණ පහළ වේවා! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින " කොන්ද පණ නැති " නිලධාරීන්ගේ තවත් " පණ නැති ...." වැඩක් !!! රටේ ජනතාව සියලු දෙනාම සමාන බව මේ මෝඩයින්ට අමතක වෙලාද? රජයට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන අයට දන්වනවා... අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්න කියලා, ආණ්ඩුවේ කුණු රෙදි හෝදන පට්ට හොරුන්ගේ ගෙවල්වලට ගිහින්, ඔවුන්ගේ කකුල් අල්ලලා වැඳලා හොරුන්ට ඕනෑදෙයක් ලියාගන්නවා. මේ "වානරයා" පට්ටම පට්ට හොරෙක් බව කවුද නොදන්නේ? මීට කලින් මේකාට නඩු කීයක් තිබුණද හොරකම් වලට, වල්කම් වලට සම්බන්ධව... ජී.අයි බට හොරකම් කරලා, ටයර් වර්ගයක් හොරකම් කරලා.. ටෙලි ඩ්‍රාමාවලට අවසර දෙන්න නිළියෝ ඉල්ලලා...
ප්‍රශ්න විතරයි, පස්සේ නිදොස්කොට නිදහස්...!
නිදොස්කොට නිදහස් කරයි...!
රිමාන්ඩ් එකේ ඉන්න අයට ඇයි මහත්වරු කියන්නේ?
CID එක ගෙදර ගිහින් ප්‍රශ්න ප්‍රකාශ සටහන් කරගත්තා කියන්නේ ආයේ අහන්න දෙයක් නෑ
දේශපාලනයට පැමිණි අවංකව විනිවිදව වැඩකරගෙන යාමට" නොහැකි නම්" මෙවැනි ගැටළුවලට මුහුණදීමට සිදුවේ..!
මේවා මාධ්‍ය සංදර්ශන... මෙයාට විරුද්ධව නඩු වැටෙන්නෙත් නැහැ... වැටුණත් අන්තිමට නිදොස්කොට නිදහස්... පහළ තැනින් වතුර බැහැලා යාවි...
විත්තිකරුවෙක් වෙනවාට වඩා කලින් පැමිණිල්ලක් දාලා පැමිණිලිකාරයෙක් වෙන එක හොඳයි. මේක පට්ට උපායක්...!