IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක්

(නිමල කොඩිතුවක්කු)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහනේ වෙනස් කම් කිහිපයක් අද (1) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ  කළ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 05.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසිය.

එමෙන්ම සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමි දුම්රිය මගී ජනයාගේ පහසුව සඳහා සෙනසුරාදා දිනයද ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

සතියේ දිනයන්හී රාත්‍රී 08.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය ගමනාන්තය අලුත්ගම දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

 



අදහස් (1)

මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක්

සමන් Monday, 01 January 2024 08:40 AM

ඇයි සාගරිකා බෙලිඅත්තේ ඉදන් එන්නේ. මාතර, අකුරැස්ස ජනතාවට කොළඹ දක්වා හිටගෙන එන්න පුලුවන් දැන්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site