(ගයාන් සූරියආරච්චි)
රත්මලාන ප්‍ර දේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපොළ සොරාගැනීමට පැමිණි සොරුන් තිදෙනකුට දුම්රිය ආරක්ෂක නිලධාරින් කළ වෙඩි තැබීමකින් ඊයේ (26) එක් සැකකරුවකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය කියයි.
අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති බවද පොලිසිය කියයි.
රත්මලාන ප්‍ර දේශය් පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඊයේ (26) අලුයම පැමිණි සොරුන් තිදෙනකු දේපොළ සොරකම් කිරිමට පැමිනි අවස්ථාවේදී දුම්රිය ආරක්ෂක නිලධාරින් එය වැළැක්විමට ගිය අවස්ථාවේදි සැකකරුවන් ආරක්ෂක නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ආරක්ෂක නිලධාරීන්ව අත්අඩංගුවට ගනීද දන්නේ නෑ.... ඒකනේ රටේ නීතිය..!