
(ගයාන් සූරියආරච්චි, කේ. බුද්ධික කුමාරසිරි, ශාන්ත් ප්‍රදිප් කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උග්‍ර විසක් ශරීර ගත වී මියගිය ගණන හතක් දක්වා ඉහළ ගොස් ඇත. අවසන්මරණ දෙක ඊයේ දින වාර්තා වූ අතර සරසවියට මෙවර තේරුණු සිසුවියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු සයනයිඩ්වලට සමාන උග්‍ර වස වර්ගයක් ශරීරගත විමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ආගමික දර්ශනවාදී දේශනා පැවැත් වු බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් මස 28 දින හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ දී උග්‍ර වස වර්ගයක් වර්ගයක් භාවිතා කර සියදිවි හානි කර ගෙන තිබූ බවත් ඊට දින දෙකකට පසු ඔහුගේ අවසන් කටයුතු සිදු කළ දින රාත්‍රී දේශකයාගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ද ඒ ආකාරයට විස ශරීර ගත වී මිය යෑමත් සමග පොලිසිය ලොකු අර්බුදයකට මුහුන දුන්නේය. මේ ආකාරයෙන් හත් දෙනාම කුඩුවර්ගයක් පානය කර ඇති අතර සෑම කෙනකුම මියගොස් ඇත්තේ එකම වර්ගයක් පානය කිරීමෙන් ද යන්න ගැන සෙවීමට රස පරීක්ෂකවරයා පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන විමර්ශණයක් ආරම්භ කරන්නැයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී ඇතැයි ද පොලිසිය පවසයි.
මියගොස් සිටින සරසවි තේරුණු සිසුවිය යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි. 34 හැවිරිදි තරුණයා මහරගම පරණ පාර ප්‍රදේශයේ නවාතැන්පොළකට නවාතැන් ගෙන ඇති බවත් පසුව සවස හයට පමණ පිටව යන බවට නවාතැන් පොලෙහි කළමණාකාරීත්වය දැනුවත් කර තිබුනද රාත්‍රි හත පමණ වන විටත් පිටත්ව නොගිය බැවින් එහි සේවකයින් සිදුකල සෝදිසියේදී අදාල කාමරයෙහි ඇදක් මත සිහිසුන්ව වැටී සිටි තරුණයා දැක ඒ පිළිබඳව මහරගම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු පොලිසිය එහි ගොස් සිදුකල පරීක්ෂාවේදී මියගොස් සිටි තරුණයා කිසියම් වස වර්ගයක් පානය කර සියදිවි හානි කරගෙන ඇති බවට අනාවරණය වූ බව ද මහරගම පොලිසිය පවසයි.
මෙම තරුණයාද ආගමික දේශනා පැවැත් වූ දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසට අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ සිට පැමිණ එම අවමංගල්‍ය කටයුතු සදහා දායකත්වයක් දක්වා ඇති බව පොලිසි කළ පරික්ෂණවලින් හෙළිවි ඇත.
ඔවුන් පිළිබදව අවමංගල්‍ය නිවසේ ඥාතීන් සිදු කළ දැනුම් දීමකට අනුව පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම තරුණයා පොලිස් නිලධාරින්ට පවසා ඇත්තේ මියගොස් සිටින්නේ තමාගේ ශාස්තෘන් වහන්සේ බවත් තමන් ඔහුගේ දේශන මත යමින් ජීවත්වන බවත් පවසා ඇත.
එසේම යක්කල ප්‍රදේශයේ දී වස වර්ගයක් පානය කර සියදිවි නසාගත් බව කියන තරුණිය ද ඇයගේ සහෝදරියක සමගින් ආගමික දේශනා පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සදහා සහභාගී වී සිටියදී පොලිසිය තොරතුරු විමසා එම තරුණියගේ මාපියන් දැනුවත් කර නිවසට ගෙන්වා ගන්නා ලෙස එම අවස්ථාවේදී ම දැනුම් දුන් බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වන පොලිස් පරීක්ෂක චානක උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ පොලිස් සැරයන්වරුන් වන 32928 සිර්මාන්න 60152 සමීර යන නිළධාරීන් අදාල සියදිවි නසා ගත් හය දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර පස්සේ යන ජෙප්පන්ට වෙන දේත් මේක තමා
තාමත් වැදි යුගයේ ජීවත් වෙන මිනිස්සු .සරල බුදු දහම අවබෝධ කර නොගත් අවාසනාවන්තයෝ
භාග්‍යවතුන් වහන්සේ ගේ සත්‍ය ධර්මය ඕන තරම් ඇහෙනවා. විද්‍යාව ඕන තැනක කියවන්න පුලුවන් . ඒත් මිනිසුන් තවම එක එක මානසික රෝගීන් හෝ N.G.O කාරයින් පසු පස යමින් තම ජීවිත විනාශ කර ගන්නවා. ගණිත අංශයෙන් විශ්ව විද්‍යාලයට තේරුණු ළමයෙකුත් ඉන්නවා. කොහෙද බුද්ධිය ?
මේකම තමයි අපේ රටේ දේශපාලකයන් කාලකණ්ණි වෙන්න හේතුවත්... අන්ධ භක්තිය. එකෙක්ට ජාතියේ වීරයා කියනවා. තව කෙනෙකුට අප්පච්චි කියනවා. මේක දීනකම... අම්මාට, තාත්තාට තෙරුවන් සරණයි කියන්නේ නැති අය දේශපාලුවන්ට ආශිර්වාද කරනවා.
බුදුරජාණන් වහන්සේ මෛත්‍රී කරන්න උගන්නද්දීත් කිව්වේ ඉස්සෙල්ලාම තමන්ට මෛත්‍රී කරන්න කියලා. ඊට පස්සෙයි අනිත් අයට මෛත්‍රී කරන්න කිව්වේ. මෛත්‍රී කරන ගමන් අප්‍රමාදීව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ යන්නයි කියලා තියෙන්නේ. ඇයි හත්වලාමේ මෙච්චර පුංචි දෙයක්වත් දන්නේ නැද්ද? අනිත් එක භික්ෂූන් වහන්සේලාගේ හා උපාසක උපාසිකාවන්ගේ ජීවිත කතා කියෙව්වා නම් තේරෙනවා නේද, මෙහෙම දේවල් කවදාවත් වෙලා නෑ කියලා. ඉස්කෝලේ එක වසර ළමයි බුද්ධිමත් මෙයාලාට වඩා...!
වත්මන් මිනිස්සු බුද්ධිමත් වුණාට, ප්‍රඥාවන්ත නෑ. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. බුද්ධිය කියන්නේ අවස්ථාවට අනුකූලව හැසිරීමේදී වාසි දායකත්වයක් ඇති කර ගැනීම. ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ. බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි. ප්‍රඥාව උපදින්නේ සිල්වත් බවින් යුක්තව සිත යම්තාක් දුරට හෝ සන්සුන් වුණාමයි. අද මිනිස්සුන්ට සිල්වත් බවත් නෑ, සංසුන් බවක් නෑ. ඒ නිසා ප්‍රඥාව නෑ. මේ අසරණයින්ට නම් බුද්ධියත්, ප්‍රඥාවත් දෙකම නෑ. මේ වගේ සිද්ධි ලංකාවට අලුත් වුණාට ලෝකේ මේවා බහුලව සිද්ධවෙලා තියෙනවා. ඒ වගේ පිටිපස්සේ මිනීමැරීමේ චේතනාව තියෙන සංවිධාන හෝ පුද්ගලයින් රහසේ ක්‍රියාත්මක වෙනවා. එවුන් අල්ලා නොගත්තොත් තවත් මේවගේ අය බිහිවේවි...!
රටක් වශයෙන් මෝඩ අදහස් දරන මිනිසුන් වැඩිවෙලා. පව් කරනවා තවතවත්...!
මට වුණත් මේ අවස්ථාවේ කරන්න ඉතුරුවෙලා ඇත්තේ එපමණයි.
ඔය උඩම කමෙන්ට් එකේ ලාල් වගේ පුද්ගලයෝ තමයි ඔය...
දිවි නසාගෙන නිවන් දකින්න පුළුවන් කියලා එක මෝඩයෙක් කියද්දී ඒක විශ්වාස කරන අමනයින් රැළක් බිහිවෙයි කියලා හිතන්නවත් බෑ. දැන් කට්ටියම අපායේ තැම්බෙනවා ඇති. පව් අර පොඩි අය... ඔවුන්ට වස පොවලා මැරුව පවත් වෙනම ගෙවන්න වෙයි.
ලාල්ට නම් හොඳට ගෙවනවා වගේ.
අනුන්ගේ විපතේදී තමන් බුද්ධිමත් කියලා ලෝකෙට පෙන්නන්න දඟලන පල් මෝඩයෝ දැකලා මට නම් අර කොහෙන්ද මන්ද හිනායනවා.. මොන ආගම ධර්මයක් ඇදහුවත්, ලංකාවේ එකෙක් නම් ඒකා මෝඩයෙක් මිස, ප්‍රඥාවන්තයෙක් වෙනවාද..? ආගම්වලට දේශපාලන පක්ෂවලට බෙදිලා තමන් පමණක් ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න ජාතිය කොහොමද බුද්ධිමත් වෙන්නේ..? ලංකාවේ මෝඩයින්ගෙන් නියම ප්‍රයෝජනය ගන්නේ දේශපාලකයෝ විතරක් නෙවෙයි, ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ මේ රටේ තක්කඩි, පූජකයින්... අනුන්ට පේන්න ආගම් අදහන මහලොකු කෙරුමෝ... පිට රටවල් ගානේ හිඟාකන්න සිද්ධ වෙලා... තමන් හම්බ කරන මුදලුත් පූජකයින්ට පුදලා හිඟන්නෝ වගේ ජීවත් වෙනවා... මෙතන හීනමානය ප්‍රදර්ශනය නොකර, පුරාජේරුව හා කයිවාරු නොගහා තප්පුලන්නේ නැතිව හිටපල්ලා මෝඩ මිනිසුනේ...
සමහරවිට ඒ අය හරි ඇති. මේ රටේ ජරා, දූෂිත දේශපාලකයින් රට හොරාකා අන්තිමට රට දුප්පත් කළ පසු, නරා දුක්විඳිමින්, හරි හමන් කෑමක්වත් නැතිව ... මැරි මැරී ජීවත්වෙනවාට වඩා පරලොව හොඳයි කියා මේ අය හිතන්න ඇති. තව ටික දවසකින් හොර ඉන්දියන් කාරයින් මේ රට ආක්‍රමණය කළපසු ඉතිරි අපිටත් ඔය මාර්ගයේම යන්න වෙන්න පුළුවන්.
දැන් කාලයේ බොහෝ දෙනෙකුට කල්පනා ශක්තියක් නැහැ. දරුවෝ සාමාන්‍යයෙන් අවුරුදු දෙකේ පමණ කාලයේ සිටම ටියුෂන් පංති යනවා... දරුවන්ට රටේ, තොටේ, සමාජයේ තමන්ගේ නෑදෑ පිරිස ගැන ආගම, දහම දැනුමක් ලබන්න කාලයක් නැහැ... මොන්ටිසෝරි ගියාම සාමාන්‍යයෙන් සාරධර්ම කියලා දෙනවා වුණත් පාසලකට ගියාම සිලබස් කවර් කරනවා හැරෙනවිට වෙනත් කිසිවකු නැහැ... දරුවන්ට දහම් පාසලේ වුණත් පොත කියවනවා පමණයි.. ඉතින් කොහොමද හරි වැරැද්ද තේරුම් ගන්න බැහැ... ඒ අඩුපාඩු තමයි මේ පේන්නේ... ඇත්තටම මෙයාට දේශන තියන්න ශාලා පහසුකම් දුන්නු උන්නාන්සේලා දැක්කේ නැද්ද මෙයා කියාදෙන්නේ මොනවාද කියලා... එහෙම නැත්නම් උන්නාන්සේලාත් ඒවා පිළිගත්තාද කියලා බලන්න ඕනෑ. එහෙමත් නැත්නම් මුදල් තන්හාව නිසා ශාලාව දුන්නද කියලා සොයන්න ඕනෑ...
අපරාදේ, එදා සුගතදාසේ එක්කගෙන ගිහින් ආපු අයට දේශනයක් දෙන්න තිබුණේ...!
මෙවන් ජනතාවක් දේශපාලුවන්ට මුලාවීම අරුමයක් නොවේ.
මෙවන් අමන බූරු රැලක් ඉන්නකල් දේශපාලුවෝ රට කන එක පුදුමයක් නොවේ…!