(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය ඉවර මෙවර නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේ දී කොහොමත් එය ඉවර කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මට ඕන මේක ඉවර වෙන්න. විගණන වාර්තාව අනුව ඔප්පු වූ හොරකම් කරපු තක්කඩි දූෂිත රැළ ගෙදර යවන්න. ක්‍රිකට් එක පල්ලෙහාට දාපු දූෂිත රැලට ඒ වගකීම පවරන්න. ඒක දැන් කරන්න බැරිනම් මීළඟ ජනාධිපතිවරණයේදී හරි කරනවා" යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා පැවසීය.
'ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් කිව්වේ මොකක්ද? දූෂණය නැති කරන්න ඕන කිව්වා. එහෙනම් දූෂණය නැති කරන්න කටයුතු කරන මට එරෙහිව කටයුතු කරන්නෙ ඇයි? මම හැමදාම රොෂාන් රණසිංහ. ඇමතිවරයෙකු විදිහට මගේ ආරක්ෂාව කොහොමද?මගේ ආයතනය වටලන්න විධායකයේ මැදිහත්වීම ගැන කණගාටු වෙනවා. අවශ්‍ය නම් යතුරු ටික ඔක්කොම දෙන්නම්. පරික්ෂා කරන්න. මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. මගේ බිරිඳ දරුවො වෙනුවෙන් මට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න.සරණාගත වීසා එකක් ඉල්ලගෙන වෙනත් රටකට පනින්න මම සූදානම් නැහැ.
සරණාගත රැකවරණ දෙන්න කියලා මම යන්න සූදානම් නැහැ. යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් පැවසීය.
මා මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද? අද ද? අනිද්දා ද? කියලා දන්නේ නැහැ. ඒකට ජනාධිපති ඉඳලා සාගල රත්නායක දක්වා වගකියන්න වේවි යැයි ද අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
"මේවා හැන්සාඩ් එකෙන් කපන්න එපා. 134 ක් ඡන්දය දුන්නේ මේ විදිහට අපෙන් පළිගන්නද?ඒ ප්‍රශ්නය තියෙනවා. සාගල රත්නායක කියන්නේ මොකෙක්ද?මේ විදිහට ගහනවා කැබිනට් නියෝගයක්. මේක දන්නෙ නැහැ කැබිනට් එකේ හිටපු ඇමතිවරු. දූෂණ අක්‍රමිකතා වලක්වන්න ක්‍රීඩා පනතින් ඇමතිට බලතල දීලා තියනවා. බලන්න විගණන වාර්තාව.විගණන වාර්තාවේ දූෂණ බලන්න. අපිට හොරු රකින්න බැහැ. පනතින් දීපු බලය. කැබිනට් එක කියනවා අතුරු කමිටු පත් කරන්න එපා කියල. පත් කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්න ඕන කියනවා.යනුවෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා කීය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මේ සැරේ බැරිවුණොත් ලබන ජනාධිපතිවරණයේදී බලාගන්නවා
Nimal Monday, 27 November 2023 12:54 PM
ජනතාව ඔබතුමා සමගයි...
Rata Perata Monday, 27 November 2023 01:07 PM
අපි නම් දන්නවා .සාගල කියන්නේ සා ගලක් කියලා.එහෙම අයට රනිල්ගේ සැලකුම් වැඩියි
Lal Monday, 27 November 2023 01:27 PM
මූ ඔක්කොම වැඩේ නාගෙන .. දැන් කියවනවා ... වැඩේට වඩා වීරයා වෙන්න දැගලුව ... ඕව මොලෙන් කරන්න ඕන දේවල් ...
Bamunuarachchi Tuesday, 28 November 2023 07:17 AM
Lal තමුසේ හයියෙන් වාඩිවෙන්න එපා මොලේ තැලෙයි.
Saranga Monday, 27 November 2023 01:54 PM
පැහැදිලිවම, පිනා ඉන්නකන් ක්‍රිකට් ආයතනයේ හොරු එළවන්න ලැබන්නේ නැහැ.. සල්ලි කොතැනද තියෙන්නේ පිනාගේ සපෝර්ට් එක එතැනට ලැබෙනවා...!
Perera Monday, 27 November 2023 02:04 PM
මෙයා මේකෙන් ලකුණු දාගෙන ලබන ජනාධිපතිවරණයට එන්න වගේ සූදානම...
City Monday, 27 November 2023 02:31 PM
දේශපාලනයට ඔබ ළදරුවෙක්..!
Nimal ... Monday, 27 November 2023 02:46 PM
කොහොමත් මීළඟ මැතිවරණයේදී ඔය කොයි කොයි අප්පුහාමිලා ගැනත් ජනතාව මීටරෙන් ඉන්නේ. අප්පුහාමිලාගේ සල්ලි වලින්ම සේරම වෙයිද කියලා බලමුකෝ...!
ranfer Monday, 27 November 2023 03:46 PM
ළමා දේශපාලනය...
Sugath Dissanayaka Tuesday, 28 November 2023 03:18 AM
රනිල් ජනාධිපති කරන්න ඡන්දෙ දීපු 134 න් එක්කෙනෙක් නේද? කියන්න වචන නෑ.