(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ රෝහිත අබේගුණවර්ධන , එස් එම් චන්ද්‍රසේන, විමලවිර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක , එස් බී දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඇමති ධුර නොලැබීමත්, පොහොට්ටුවේ කෙහෙළිය රඹුක්වැල්ල වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ඇමතිධුර හිතුවක්කාරී ලෙස වෙනස් කිරීමත් මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ,අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු බත්තරමුල්ල නෙලුම්මාවත පක්ෂ කාර්යාලයට පැමිණීම ද නතර කර ඇතැයි දැනගන්නට තිබේ.
මෙම තත්වය හමුවේ පොහොට්ටුව තුළද කණ්ඩායම් වශයෙන් බෙදීම මේ වන විට උග්‍ර වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සාපයක් මේ රනිල් පොහොට්ටු සංධානේ...!
හොරාකාලා පුරුදු දූෂිත දේශපාලුවන්ට ඇමැතිකම් නොලැබුණු නිසා හිතට අමාරු ඇති...!
පොහොට්ටුවේ නෙවෙයි, ඔය 225 දෙනා අතරින් කවුරුවත් සිටිනවද ඇමැති ධුරයක්... හෙබවීමට තරම් සුුදුසු පිරිසිදු දක්ෂ පුද්ගලයෙක්...? සිටින සියලුම දෙනා බත් බැලයින් මිස ශක්තිමත් කවුරුවත් නැහැ.
පණිවිඩයක් දෙන්න කියලා සුදුසු මොහොත එනකම් සිටියේ.. අපි කළ දෙයක් නොවෙයි තරහා ගන්න එපා ඔන්න.. ඔබලාමයි එතුමාවත් ජනපති කෙරුවේ.... කලබල වෙන්න එපා.. හිත් නරක්කර ගන්න එපා.. ඔබලාටත් වෙච්චි දෙයක්.. කියන්නත් මොකක්ද වගේ.... වෙනදේ ගැන හිතන් නැතුව.. දෙන දේවල් ටික අරගෙන.. හිත සතුටින් වෙන දේ ගැන බලාගෙන ඉන්නේ... අපි කළ දෙයක් නොවෙයි, තරහා ගන්න එපා ඔන්න.. ඔබලාමයි එතුමාවත් ජනපති කෙරුවේ.... මේ තුන්සරණේ සරණයි ඔබලාට...
කිපුණාට කමක් නෑ. කාලකන්නි පොහොට්ටුවන්ව කපලාම දාන්න...
මරු සෙට් එකක්නේ ඇමැතිකම් ගන්න බලන් ඉන්නේ 2*2 පොල්ලකින් ඕනෑ ඔවුන්ට ඇමැතිකම් දෙන්න.
මේවා ඔක්කොම අපට පෙන්නන නාඩගන්. එක එක කොටස් වෙන වෙනම නාඩගන් එහෙම නටලා ඒ ගොල්ලන් පොඩි පෙරහැරවල් හදාගෙන අන්තිමේදී මැදමුලන ඉඳලා එන මහ පෙරහැරට එකතුවෙන හැටි අපට බලන්න පුළුවන් වෙයි. අපි නම් ඔව්වාට අහුවෙන්නේ නෑ. ඔයාලා මේ සැරේත් ගොනා කරන්නයි අයෙත් ඔය වෙස් බඳින්නේ...!
ඔයාලාට ඕන දෙයක් කරගන්න. අපට ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හොරු...! ඩීල් කාරයින් සහ යාළුවෝ... ඔය නාටක බලන්න අපි නැහැ.
දැහැටිකූර පාවිච්චියට අරගෙන තමන්ගේ කටයුත්ත කළාට පස්සේ විසිකර දමනවා.. දැන් සිදුවෙලා තියෙන්නේ ඒක තමයි. දේශපාලුවෝ හැම කෙනාම එහෙම නැහැ කියන්න බැහැ... කොහොම නමුත් එජාපයේ ලොක්කෝ ළඟට ඔත්තුකරුවන් දාලා ඇති, විමසිල්ලෙන් නොහිටියොත් ඊළඟ වතාවේ ජාතික ලැයිස්තුවෙන් කෙනෙකුත් නැතිවේවි...!
පොහොට්ටුවේ හිතුවක්කාරී ඇමැති අපේක්ෂක දුෂිතයින්ව දඬුකඳේ ගසා ඉවරයක් කරනු...!
හිතුවක්කාර වුණාට බජට් එකට ඡන්දෙ දෙනවනේ...!
අනේ ඉතිං රට හදන්නනේ මේ හැම දෙයක්ම කරන්නේ... මැති ඇමැතිවරු ඒ වෙනුවෙන් කොයිතරම් ඇප කැප වෙනවාද? අපි මොනතරම් පිංවත් ජාතියක්ද මෙවන් වූ පාලකයින් පිරිසක් ලැබීමට...!
ඔච්චර කිපිලා ඉන්න දෙයක් නෑනේ... ඉතින් සරල දෙයක්නේ කරන්න තියෙන්නේ. ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න.
ඕවා ඔය දෙවැනි පන්තියේ අයගේ බොරු ටෝක්ස්. හොරකන් කරන්න විදිහක් නැති නිසා ඇමැතිකම් හිඟාකකා ඉන්නේ. නොදුන්නා කියලා ඔවුන් බලන්නේ කොහොම හරි නයා පෙන්නලා හරි ගන්නයි. අන්තිමේදී ලොකු ලොකු අය ඉන්නේ එකටයි. හැබැයි ඉතින් ඔවුන්ගේ බඩවල් වල බිත්තර. එකට කෑවත් බොක්ක වෙනස්නේ...
දැන් ඔහේලාට ඕනේ මේ වගේ අයට ඇමතිකම් දෙන්න කියලා උද්ඝෝෂණයක් කරන්නද?
ලොක්කා පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බාම මේ ඔක්කෝටම හුප්පේ...!
මේ කාටවත් මේ කපේදී ඇමැතිකම් දෙන්න එපා... ළඟදීම අපේ ජනතාව ඔවුන්ව දේශපාලන පිටියෙන් ඉවත් කරාවි...
ඔවුන්ව අතුගාලම දාපිය...
එන ඡනාධිපති මැතිවරණයෙන් පසු මේ හැමෝම ගෙදර... මීළඟ ඡනාධිපති අනුර කුමාර දිසානායක. මාලිමාවට අපි හැමෝම ඡන්දය දේමු. අපගේ මවුබිම හොරුන්ගෙන් රැකගමු.
කිසිම ජනවරමක් නැති පින් ජනපතියා ඇතුලු පොහොට්ටුවේ දූෂිත ආණ්ඩුව, පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෝ හැමකෙනාම ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි...
කවුද හොරුන්ගේ ජේෂ්ඨ..?
රට වෙනුවෙන් වැඩ කරන්න ඇමැතිකම් ගන්නම ඕනෙද? ඇමැතිකම් ඉල්ලන්නේ ලැබෙන වරප්‍රසාද ගන්න. මේ මිනිස්සු කවදාවත් රට ගැන හිතලා වැඩකරන්නේ නැහැ.
ඡන්දයක් තියන්නකෝ. එතකොට රටේ මිනිස්සු කවුද ඇමතිලා කියලා පෙන්නලා දෙයි...!
කිසිම ජනවරමක් නැති පින් ජනපතියා ඇතුලු පොහොට්ටුවේ දූෂිත ආණ්ඩුව, පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෝ හැමකෙනාම ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි...
හරියට හිතන එක මේ ගොබ්බයො හිතන්නේ හිතුවක්කාරී කියලා. මම රනිල් fan කෙනෙක් නොවෙයි. එත් හරි දේ හරි කියන්න ඕනේ. මේ වෙලාවේ පොහොට්ටුවේ හෝ පිටත ඉන්න ගොබ්බයින්ට ඇමති කම් දීල වාහන ඇතුළු වෙනත් වරප්‍රසාද දීල වියදම් වැඩිකර ගන්නවාට වඩා හොඳයි ඉන්න කෙනෙක් ලව්වාම අනිත් අමාත්‍යංශවල වැඩටික කරවා ගනීම. ජනතාව හැටියට රටේ වැඩ ටික කෙරෙනවා නම් ඇමතියා මොකා උනත් ප්‍රශ්නක් නැහැ. පළාත් සබා නැති උනාට වැඩටික කෙරෙනවා. එහෙනම් පළාත්සභා සභාපතිලා ඕනේත්නැහැ.