
(අංජුල මහික වීරරත්න)
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2024-3- 31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන් හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම,
විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා ඓතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එකවර ගෙවා මිලදී ගැනීමේ පැකේජ ප්‍රවේශ පත්‍රයක් ගුවන්තොටුපොළේදීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම,
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර අලවිය ද මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එකවර ගෙවා ලබාගන්නා පොදු ප්‍රවේශ පත්‍රයක් ලෙස ගුවන්තොටුපලේ දීම මිලදී ගැනීමට අවශ්‍ය සලසා දීම එම වැඩසටහනට ඇතුළත් වේ.
ඉදිරි වසර තුනේ තුනේදී තුනේදී සංචාරකයන් මිලියන පහක් ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කය මත අග්‍රාමාත්‍යවරයා,සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සැලකීම ඉතාම වැරැදි තීරණයක්. අවසානයේ නීති විරෝධී ඉන්දියානුවන් පලවා හැරීමේ නිදහස් සටනේ යෙදීමට අපට සිදුවේවි...!
අපට කොරෝනා ප්‍රශ්නේ ඇතිවෙන්න කලින් වැඩිම සංචාරක ආදායමක් ලබාදුන් බටහිර යුරෝපේ සහ මධ්‍යම යුරෝපයේ රටවල් වන ජර්මනිය, ස්විස්ටර්ලන්තේ, ප්‍රංශය, ඔස්ට්‍රියාව, එංගලන්තේ මේ කණ්ඩායමට ඇතුලත් නොකළේ කුමන කාරණයක් නිසාද? ඇමැති සහ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුමක් නැති බවත් ඔවුන් මේ කරනවා සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කර නැතිබවත් පෙනී යනවා. කොත්තු රොටි කන ඉන්දියන් කාරයින් නොව හොඳට වියදම් කරන සල්ලි තිබෙන සංචාරකයින් අල්වා ගැනීමට ඇමක් වශයෙන් මෙවැනි සහන භාවිතා කරන්න ඕනේ... කලාපයේ අනෙක් රටවල් වන තායිලන්තේ, වියට්නාම, මලදිවයින මේ සහන බටහිර යුරෝපේ රටවලට එදා සිට අද දක්වාම ලබාදෙනවා...!
ගුවන්තොටුපල පර්යන්තයේ සිට කොළඹ කොටුවට පොදු ප්‍රවාහන බස් සේවයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.. ගුවන් මගියෝ බඩුමලු උස්සාගෙන ඇවරි වත්තට යන්න ඕනේ... ඔය කියන ටිකට් එකට ඩොලර් බර ගණනක් අයකරනවා ඇති..., සුද්දෝ ටිකට් අරන් ගුවන්තොටුපලේ සිට කොටුවට යන්න බස් සේවයක් නොමැතිබව දැනගෙන, ලංකාවට හොඳටම බැනලා youtube වීඩියෝ දැම්මොත් එන සුද්දෙක්වත් එන්නේ නැහැ... කරුණාකර ඔය ටිකට් විකුණන්න කලින් එම ක්‍රියාවලියට අඩාල යටිතල පහසුකම් ටික හදාගෙන මාසයක් දෙකක් ක්‍රියාත්මක කර බලා ටිකට් විකුණන්න...!
ටොයිලට් ආණ්ඩුවට රජ මඟුල්. බුරුතු පිටින් මෙහෙ ඇවිල්ලා (මගී නැව් ප්‍රවාහනය පටන් ගත්තේම ඕකට තමයි) වෙළඳාම්, රක්ෂා, ආදි මෙකී නොකී දේවල් කරන්න දැන් තවත් ලේසියි. දැනටමත් මේක 29 වැනි ප්‍රාන්තය වගේ වෙලා...
නැවක් දුන්නා. දැන් වීසා නොමිළේ. පාලම විතරයි අඩු...!
පිළිවෙත නම් නරක නැහැ. එහෙත් තායිලන්තයේ සිට එන කාන්තාවන් මේරටේ සම්බාහන ආයතන වල වැඩ කරන්න ගතහොත්... තමා අපිට රැකියාවන් අහිමි වෙන්නේ...!
තායිලන්තයේ සුන්දරියෝ එනවට කැමති මැති ඇමතිවරුන්ට නම් සුබ ආරංචියක්...?
ඉන්දියාවෙන් එන්නේ සංචාරකයෝ නෙවෙයි... සංචාරක වීසා මත රැකියාවලට එන අය...
ඉන්දියාවෙන් යම් පමණකට සංචාරකයන් එනවා. නමුත් ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය යන රටවල් වලින්නම් සංචාරකයන් එන්නේ නෑ....බොහොම කලාතුරකින් තමයි එන්නේ... තායිලන්තයෙන් එන්නෙ ගණිකාවන්...
ඒ වුණාට අපිට එහෙම යන්න දෙන්න ඒ රටවල් නිකන් වීසා දෙන්නේ නෑ.
වීසා එක ගන්න ගෙවන ගණන ගැනත් හූල්ලන අයව සංචාරකයෝ විදිහට ගෙනත් මොනවා කරන්නද? එද්දි වේලපු චපාති අරන් ඇවිත් මෙහෙදි වතුරේ පොඟවනවා වගේ වැඩක්...
මේ අයගේ මොලේද බන් මේ කැබිනට් එකේ ඇමැතිලාට බද්ද කරලා තියෙන්නේ..? ඌරන්ගේ, එළුවන්ගේ, කුකුළන්ගේ, රිළවුන්ගේ වගේ සත්තුන්ගේ මොලේ නම් වෙන්න බැහැ...
Port city එක ඇතුළේ සැප දෙන්නත් කට්ටිය එපායෑ. අනේ වාසනාවන්...!