
(අංජුල මහික වීරරත්න)
එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා අද (30) පැවසීය.
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු සඳහන් කළේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදීය.
ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය. දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම අයවැය යෝජනාවලිය මගින් වැටුප වැඩි කිරීමක් කරන බවට රජයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ ඊයේ ජනාධිපතිවරයා කළ සඳහනත් සමඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1000% කින් උද්ධමනය නැඟලා, සොච්චමක් පඩි වැඩි කරනවා. අපි ඒ ගොනා කැලේට පැන්නුවා පිංජනෝ. රජයේ සේවකයෝ විතරද ජීවත් වෙන්න ඕනෑ. කර්මාන්ත දහස් ගණනක් වැහිලා. කීයක් වැඩි කළත් ඔබලා අලි පොහොට්ටු පූට්ටුව පන්නනවා සත්තයි...!
වැඩිකරන වැටුප දෙන්න සල්ලි අච්චු ගහනවද?, බදු ගහනවද? රුපියල් 10,000 කින් වැඩි වුනොත් 10,000 x 1,500,000 = රු. 15,000,000,000 හැම මාසෙකම අලුතෙන් හොයන්න වෙනවා.
රජයේ සේවයේ දුෂණ සහ නිසි ආකාරයෙන් සේවය ලබාදෙන්නේ / වන්නේ නෑ. අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවකයන් රජයේ සේවයේ සිටිනවා. කිසිදු රජයේ අයතයකින් රජයට අදායම් ලැබෙන්නේ නෑ. වුර්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඔබසියාලු දෙනා සේවය කරන රජයේ ආයතන මගින් රජයට මුදල් උපයා නොදෙන්නේනම් ඔබලාගේ වැටුප් ලබා දෙන්නේ කෙසේද ? මහබැංකුවේ මුදල් තිබුනොත් ලැබේවි, නැතිනම් රජයේ සේවකයන්ට කරන්න තියෙන්නේ ගරුත්වය තියාගෙන රැකියාවෙන් ඉවත්වෙලා පුද්ගලික අංශය බැදෙන්න. නැතිනම් පිටරටකට යන්න. කඩාවැටුණු ආර්ථිකයක් තියෙන රටවල රජ්‍යසේවයට බැදෙන්න පෙර දෙවරක් සිතා බලන්න.
රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා බඩුමිල ඇතුළු බදු වැඩිකරන්න එපා. උපයන විට ගන්න බදු වැඩිකරන්න...
එතකොට විශ්‍රාමිකයන්? ඔවුන් ජීවත් විය යුතු නැතිද?
තවත් සීනි බෝලයක්..., මේ පඩි වැඩිකිරීමෙන් සිදුවන්නේත් රාජ්‍ය සේවකයා හා ජනතාව හිටියාටත් වඩා නරක තත්වයකට පත්වීමයි.
බදු ගහන හැටියයයි ,බදු මිල වැඩි කරන හැටියටයි තෙල් ,ගෑස් විදුලිය මිල ඉහල දමන රටම දන්නවා පින් ජනාධිපතිට රට ගැන ජනතාව ගැන ලොකු කැක්කුමක්, ආදරයක් තියනවා කියලා.එහෙම නැතුව ජෙප්පන්ට බයේ එහෙම නොවෙයි හොඳේ
වැඩ නොකරනම රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි වීමක් .වැඩ වර්ජන .අවුරුද්ද පුරාම නිවාඩු ?මුන්ව නඩත්තු කරන්නෙත් අපි
පඩි වැඩි කරලා ටැක්ස් ගහපල්ලා .අනේ බූරුවෝ .මේවා නෙමෙයි විසඳුම් .නිෂ්පාදන කරපල්ලා .එතකොට බදු වල ගැන අඩු වෙනවා .මේ වැඩෙන් වෙන්නේ හැමදේකම සංඛ්‍යාත්මක බව ඉහල යනවා විතරයි
රජයේ සේවකයාට හිපිප් හුරේ! හිපිප් හුරේ!! හිපිප් හුරේ!!! .
විශ්‍රාමිකයින් ගැනත් සලකා බලන්න කියා ඉල්ලා සිටිමි. අවුරුදු 10කට පෙර විශ්‍රාම ගිය අය ගැන විශේෂයෙන් බැලිය යුතුයි...