(පුෂ්පකුමාර ජයරත්න)
ඉහළ පොලියක් ලබා දෙන පවසමින් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානීජ හා මූල්‍ය වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් මූල්‍ය ආයතනයේ හිමිකරු සහ ප්‍රධාන පිලිකරු ලබන මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි වාරියපොළ මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කළේය.
සැකකරුවන් යුද හමුදා විශ්‍රාමික සැරයන්වරු දෙදෙනෙකි
ජනතාවගෙන් මුදල් වංචා කර වසර දෙකකට ආසන්න කාලයක් සැඟවී සිටිය බව කියන සැකකාර ව්‍යාපාරිකයා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් සැකකාර ව්‍යාපාරිකයා හංහමුණව පිහිටි තම නිවසේ අදාළ මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් ලක්ෂයේ සිට රුපියල් කෝටිය ඉක්මවූ විවිධ ප්‍රමාණයෙන් මුදල් තැම්පතු ලබාගෙන පසුව එම තැම්පතු සඳහා ගෙවිය යුතු පොලිය සහ මුදල් ගනුදෙනුකරුවන් වෙත ආපසු ලබා නොදෙමින් මෙම මහා පරිමාණයේ මූල්‍ය වංචාව සිදු කරගෙන ගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වංචාවට වැඩි හරියක් අහුවුනේත් ත්‍රිවිධ හමුදාවේ සේවය කරපු අය. මූල්‍ය සාක්ෂරතාවය අඩු වෙනකොට මේ වගේ දේවල්වලට ගමේ ගොඩේ මිනිස්සු අහුවෙනකොට ඉගෙන ගත්තු අය කොටස් වෙළඳපොලේ පම්පින් ඇන්ඩ් ඩම්පින් වලට අහුවෙනවා. වැඩි තණ්හාවට ගියා කියන චෝදනාව කරලා බැංකුවල විතරක් සල්ලි දාන්න කියන අයටත්, කියන්න තියෙන්නේ ඒකත් මිනිස්සුන්ගේ හිතේ බය යොදාගෙන රවට්ටලා හූරං කන තව විදිහක් කියන එක. උදාහරණ විදිහට බැංකුවල දෙන පොලිය රජයේ බැඳුම්කරවල ලැබෙන පොලියට වඩා අඩුයි.
මේවා අධික පොළියට මුදල් දීපුවා නීති විරෝධී ගණුදෙනු. රජයේ බැංකුවල නොදැම්මා නම් සත පහක් දෙන්න ඕනෙ නෑ. මේවට කාලය නාස්ති කිරීමත් අපරාධයක්... ඊට පස්සේ ජනතාවගේ බදුමුදල් වලින් මේවා පියවන්න ඉල්ලනවා...