(සුජිත් හේවාජුලිගේ,නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ(24) කරුණු වාර්තා කළේය.
මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
කොමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවී රසායනික අවි ප්‍රහාරයක් සිදුකර හරක් කටා සහ කුඩු සලිදු මුදාගෙන පලායෑම මෙම සැලසුමේ අරමුණ බවද එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇත.
මෙම ප්‍රහාරය සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත්තේ එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය.
මේ සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක රැකවල් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඉන්නේ cid එකේ? ඔවුන් එනවා කියලා දන්නවා නම් කරන්න තිබුණේ ආවාට පස්සේ හරක් කටා එක්කම රොත්තම කුඩු කරලා දාන්න...
කියන්නේ ඔහෝම තමයි.. ඕවා ඔක්කොම ප්‍රබල දේශපාලුවන්ගේ සැලසුම්...!
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මේ හරක් කටෙක් තියාගෙන මෙච්චර දඟලන්නේ හරි සරල දෙයයිනේ කරන්න තියෙන්නේ. ඒක මම කියන්න අවශ්‍ය නැහැනේ... පැනයන්න උත්සාහ කළොත් මොකද කරන්නේ කියලා...
බලන්න, බලන්න අර ඇමතියි, පුතයි පිටිපස්සේ ඇතිද කියලා...! මම එහාට මෙහාට පැන පැන ඉන්නේ...!
ඔය වගේ තොරතුරු ප්‍රසිද්ධ නොකර, වැඩේ වෙනකොට ඔය කාලකණ්නි දෙන්නත් එක්කම චකබ්ලාස් කළා නම් වැඩේ ඉවරයි...
අර නීතිය දන්න උන්නැහේලත් පොර බදනවා ඇති ගවමුඛව බේරාගන්න. මොකද ගමේ වගේ සත් ගුණවත් උත්තමයෙක් නීතියෙන් බේරගෙන සමාජගත කළාම සමාජයට පුදුම යහපතක් නොවැ. සල්ලි කොළයක ඔතලා අසූචි දුන්නත් බුදින මිනිසුන්...
දැන්නම් පොලිසියේ තිර පිටපත් ලියන කෙනාගේ තාත්වික ගතියක් ඇත්තේම නැහැ...
තව මොන නඩු ඇහිලිද? ආයුධ හොයන්න එක්ක යන්නේ නැතිව. ඔය කමෙන්ට් කරන Sachith වගේ අයට උදව් කරන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා.
විශාල කරදරයක් වුණානේ මේක...
ඔවා නිකං ප්‍රබන්ධ කථා. ඔච්චර කොටි සාමාජිකයින් රඳවාගෙන හිටියා... ඒ අයව වත් නිදහස් කරගැනීමේ ගරිල්ලා වෑයමක් අපි දැක්කේ නැහැ. හැබැයි මෙය නම් රඳවා තබාගෙන පසුව මරා දමන එකට අර ඇදීමක් විදියටයි මට නම් හිතෙන්නේ. ඔය හරක්කටාලගේ පිටිපස්සේ ඉන්නවා ඇත්තේ දේශපාලකයෝ, නැත්නම් ව්‍යපාරිකයෝ. ඔච්චර ඉතින් අපේ රටට පිටරටින් රොහල්වල විෂ සහිත රසායනික අපද්‍රව්‍ය ගෙනාවේ කව්ද?
ලංකාවේ මිනීමැරුම් අපරාධ කාරයෙක් අහුවුනම පොලිසියට ප්‍රශ්න කරන්න පමණක් මාස 3ක් ගතවෙනවා. නඩු ගොනු කරන්න අවුරුදු 3ක් පමණ යනවා... නඩුව අහන්න අවුරුදු 20-30 ගතවෙනවා. අපරාධ කාරයා මාස 3 ඇතුලේ ඉඳලා එළියට ඇවිත් තව තව අපරාධ කරනවා. මුදල් හොයනවා, නිලධාරීන්ට පගාව දෙනවා, සාක්කි කාරයෝ බය කරනවා, නැතිනම් මරලා දමනවා, අන්තිමට ඔහු නඩුවෙන් නිදහස්... සමහරුන්ට දරුණු ගණයේ අපරාධ වලට සම්බන්ධ නඩු 7-8 තිබෙනවා... නමුත්, සාමාන්‍ය විදිහට රටේ ජීවත් වෙනවා... මොකක්ද මේ විහිළුව? බලධාරීන්ට අවශ්‍ය නම් විනිසුරුවරු ප්‍රමාණය වැඩිකරලා නඩු කඩිනමින් ඉවර කරන්න පියවර ගන්න පුළුවන්... නමුත් ඔවුන් එහෙම කරන්නේ නැහැ...
දැන් බොහෝ අයට හරක් කටාව එලොව යවන්න උවමනා වෙලා තියෙනවා, ඒ අතරේ හරක් කටාත් එක්ක ඩීල් දැම්ම දේශපාලුවෝ, පොලිසියේ හා රජයේ ලොක්කන් යයි හිතාගෙන වැඩකරන හොර තක්කඩියන්ද ඉන්නවා. නමුත් දැන් තියෙන ප්‍රශ්නය තමයි ආයුධ පෙන්වන්න එක්කගෙන ගිහිල්ලා මරනවා වගේ බාල බොළඳ වැඩ ලංකාවේ විතරක් නොවෙයි ලෝකයෙත් විවේචනයට හා අප්‍රසාදයට පත්වෙලා තිබෙන නිසා ඒක කරන්න අද මේ දූෂිත පොලිසියට බැරිවෙලා තියෙනවා. ඒ නිසා වෙනත් උපක්‍රමයක් තෝරන්න වෙලා තිබෙන බවක් තමයි දැන් පෙනෙන්න තියෙන්නේ, එක තරමක් වියදම් සහිත හා මහන්සි වියයුතු වැඩක් වුණාට මුල් ඒවාට වැඩිය බොලද බවක් තමයි පෙනෙන්නේ. ඔය හරක් කටාව මරන්න ඕනයි කියලා බෙරිහන් දෙන සම හරක් දැන හෝ නොදැන උදව් කරන්නේ එවුන්ට තමයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින හරක් කටාව මුදවා ගැනීමට කණ්ඩායමක් ආවා ඔහුව බේරාගෙන යන අතරතුර ඇතිවූ වෙඩි හුවමාරුවකින් හරක් කටා ඇතුලු සියලූම දෙනා ජීවිතක්ෂයට. හරිම සිම්පල්. ෂෝට් ඇන්ඩ් ස්වීට් . මානවේට කුදලාගන්න කියහං
බල්ලට ගිය රට
මොනවා කරනවද මන්දා ඕක ඇතුලේ තියාගෙන එලියට එක්ක යන්නේ නැතුව