අනුමැතිය නොමැති ලිහිසි තෙල් අලෙවි කළ 8 කට නඩු
පෙට්රෝලියම් සමාගමේ අනුමැතිය නොමැති ලිහිසි තෙල් සහ ග්රීස් වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන් බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ සහ හපුතලේ යන නගරවල ඉන්ධන පිරවුම්හල් සහ වෙළඳසැල් හිමියන් 08 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්රික් කාර්යාලය පියවර ගෙන තිබේ.