අ‘පුර හිටපු පා.ම ගෙන් කප්පම් ගත් සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
අනුරාධපුර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ඉෂාක් රහුමාන් මහතාගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කර ඉන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගනිද්දි අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටින සැකකරුවෙකු ඇප මත මුදා හරින්නැයි නීතිඥයෙකු කළ ඉල්ලීමක් කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්රාත් නිලත්ත විමලරත්න මහතා ප්රතික්ෂේප කළේය.