වනවගා රක්ෂිතයට ගිනි තැබූ අයෙකුට දඩ බණ්ඩාරවෙල අබේගොඩ වනවගා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී වන වගාවකට ගිනි තැබීමේ චෝදනාවට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 22,500 ක දඩයක් ගෙවන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හේන මහතා නියම කළේය. 04 March 2020
විශ්‍රාමිකයෝ ගාලු බස් නැවතුමේ උද්ඝෝෂණයක විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් අරඹනු ලැබූ උද්ඝෝෂණයක් අද (4) ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට දී පැවැත්විණි. 04 March 2020
ගින්නකින් දංකොටුවේ අක්කර 10 ක් විනාශයි දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යෝගියාන පුරන් කුඹුරුයාය ආසන්නයේ පිහිටි අක්කර දහයකට වැඩි කැලෑබද ප්‍රදේශයට කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම හේතුවෙන් එම කැලෑබද ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් ගින්නෙන් පිලිස්සී විනාශවී දැඩි හානි සිදුව ඇත. 04 March 2020
ගංජා මිශ්‍රිත ඖෂධ විකිණු ආයුර්වේද අලෙවිසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි ආයුර්වේද නිෂ්පාදන අලෙවිසැලකින් ගංජා මිශ්‍රකළ, ශක්ති වර්ධන ඖෂධ ඇතුළත් පැකට් 1500ක් සමඟ එම වෙළඳසලේ හිමිකරු අද (03) දින සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු මධ්‍යස්ථානය පවසයි. 03 March 2020
ත්‍රිරෝද රිය පෙරැළී 5 ක් රෝහලේ කාන්තාවක් විසින් පදවන ලද ත්‍රීවීල් රථයක් බදුල්ල ප්‍රධාන මාර්ගයේ අඹවක ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරැළී යාමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. 03 March 2020
ඇල්ලේ කසළ අංගනය ඉවත්කරන්නැයි විරෝධතාවක් ඇල්ල නගරය ආසන්නයේ පිහිටි කසළ අංගනය නගරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් නගරවාසී ජනතාව අද (3) උද්ඝෝෂණයක නිරත වූහ. 03 March 2020
මස්කෙළියේ රක්ෂිතයක පැතිරයන ගින්න පාලනය කෙරේ මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් සහ මරේ දිය ඇලි දෙක අතර පිහිටි පික්ෆිල්ඩ් වතු යායට අයත් රක්ෂිතයේ අද(03) හටගත් ගින්න මේ වන විට තරමක් පාලනය කර ඇති බව වතු අධිකාරි සුජීව මැදවත්ත මහතා පැවසීය. 03 March 2020
කේරළ ගංජා කිලෝ 25 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට කේරළ ගංජා කිලෝ 25 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 03 March 2020
කඩොලාන ශාක කැපූ අයෙකුට දඩ අහංගම දිගරැද්ද කලපුව ආශ්රිත කඩොලාන ශාක 10ක් කැපූ බවට වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(03) රුපියල් 10,000ක දඩයක් නියම කළේය. 03 March 2020
අවිස්සාවේල්ල - රත්නපුර පෞද්ගලික බස් රථ හිමිකරුවෝ වර්ජනයක අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා පෞද්ගලික බස් රථ ධාවනය කරන හිමිකරුවෝ අද (03) ප්‍රවාහන සේවාවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ඇරඹූහ. 03 March 2020
සිසුවියක අපයෝජනය කළැයි සිසුවකු අත්අඩංගුවට දස හැවිරිදි පාසැල් සිසුවියක අපයෝජනය කළ බවට සැකපිට පාසැල් සිසුවෙකු අද(03) අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය කියයි. 03 March 2020
ලක්ෂ 4ක තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට වැලි ප්‍රවාහනය කිරීමේ මුවාවෙන් බලපත්‍රයක් නොමැතිව වැලි යට සඟවා තේක්ක කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද (03 රිදීමාලියද්ද පෙතියාගොඩ දෙහිගම ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 March 2020
හාලිඇල බස් නැවතුම්පළේ මළ සිරුරක් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුම්පොළේ තිබූ පිරිමි මළසිරුරක් අද (3) සොයාගත් බව හාලිඇල පොලිසිය පවසයි. 03 March 2020
රිය අනතුරකින් ලුතිනන්වරයෙක් මරුට බසයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් හංවැල්ල නගරයේදී අද (03) උදෑසන සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ යුද හමුදා ලුතිනන්වරයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 03 March 2020
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට නාවික හමුදාව සහ පොලිසිය එක්ව කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 02 March 2020
පාරිභෝගිකයන් රැවටූ වෙළඳුන් 32 දෙනෙකුට නඩු ජනතාව නොමග යවමින් වෙළඳාම් සිදුකළ වෙළඳුන් 32 දෙනෙකුට එරෙහිව අද (02) නීතිමය පියවර ගත්බව පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ නිලධාරියෙකු පැවසීය. 02 March 2020
වාරියපොළ ශ්‍රී සුමංගල හිමිගේ ගුණ සමරුව අගමැති ප්‍රධානත්වයෙන් වාරියපොල ශ්‍රී සුමංගල හිමිගේ 205 වෙනි ගුණ සමරුව අද (02 ) අගමැති මහින්ද රාජපක්ෂ, කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 02 March 2020
ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පනී : රියදුරු මරුට අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොටපොල ප්‍රදේශයේ දී රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අද (2) සිදු වූ ත්‍රි රෝද රථ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව කොස්මෝදර පොලීසිය කියයි. 02 March 2020
ගිනිඅවි-ජීව උණ්ඩ සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බොර 12 ජීව උණ්ඩ 1ක්, ටි 56 මැගසින් 1ක් හා ටී 56 උණ්ඩ 2 සමඟ සැකකරුවකු අද (2) දහවල් සිනිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි. 02 March 2020
කේරළ ගංජා සමඟ දෙදෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව අද (02) කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන තිබේ. 02 March 2020
යතුරුපැදිය තාප්පයක ගැටී ප්‍රධාන පොලිස් පරීක්ෂක මරුට දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ දී තමා පැදවු යතුරුපැදිය පාරෙන් ඉවතට පැන තාප්පයක හැපීමෙන් මාතර කොට්ඨාස අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊබට් කොළඹගේ මහතා අද (02) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි දික්වැල්ල පොලීසිය පවසයි. 02 March 2020
නව විදුහල්පති මාරුකර යවන්නැයි විරෝධතාවක් දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ වැඩ භාරගත් නව විදුහල්පතිවරයාට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ සිසුහු සහ මව්පියවරු පිරිසක් විද්‍යාලය ඉදිරිපිට අද(02) තෙවන දිනටත් උද්ඝෝෂණයක නිරත වුහ. 02 March 2020
බිලිඳු මළ සිරුරක් ගෙවත්තකින් හමුවෙයි හොරණ, පේරුව ප්‍රදේශයේදී අද උදෑසන (02) බිළිඳු මළ සිරුරක් හමු වූ බව මීගහතැන්න පොලීසිය පවසයි . 02 March 2020
හලාවත නිවසකින් මවකගේ සිරුරක් හමුවෙයි හලාවත, දෙමටපිටිය , අක්කර අට ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත්වු 63 හැවිරිදි දෙදරු මවක් සිය නිවස තුළම මිය ගොස් සිටිය දි අද (2) උදේ සොයා ගත් බව හලාවත පොලිසිය කියයි. 02 March 2020
කරාපිටිය රෝහලේ විස්මිත වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් වකුගඩු බද්ධ කිරීමේ විස්මිත සැත්කමකින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවී සිටි යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජීවිතය බේරාගැනීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ. 02 March 2020
ලක්ෂ 30 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙකු අත්අඩංගුවට කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ 30 ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්‘ මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනකු පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 March 2020
පාසල් සිසුන්ට මත්ගුලි විකිණූ අයෙකු අත්අඩංගුවට පාසල් දරුවන්ට ගංජා මිශ්‍ර මත්ගුලි අලෙවි කළ පුද්ගලයෙකු අද (02) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. 02 March 2020
මෝටර් රථ අනතුරකින් ඉංජිනේරුවරයෙකු මරුට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේදි අද (02) මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී ඉංජිනේරුවෙකු මිය ගිය බව තඹුත්තේගම පොලිසිය කියයි. 02 March 2020
වෑන් රිය ඉවතට පනී : රියදුරු මරුට නවගත්තේගම ආණමඩුව මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් පාරෙන් ඉවතට පැන අසල ගසක හැපී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලද වෑන් රථයේ රියදුරු මියගොස් ඇතැයි බව ආණමඩුව පොලිසිය කියයි. 02 March 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025