(සමන් පාලිත නායක්කාර)
බණ්ඩාරවෙල අබේගොඩ වනවගා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී වන වගාවකට ගිනි තැබීමේ චෝදනාවට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 22,500 ක දඩයක් ගෙවන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හේන මහතා නියම කළේය.
මෙසේ දඩ මුදල් ගෙවන ලෙස නියම වූයේ මිරහවත්ත මාතැටිල්ල පදිංචි ඩබ්ලිව් එම් සුනිල් රාජපක්ෂ නමැති අයෙකුටය.
බණ්ඩාරවෙල අබේගොඩ වනවගා රක්ෂිතයට ගිනි තැබීම හේතුවෙන් එහි හෙක්ටයාර් 2.5 ක ප්‍රමාණයක් විනාශ වූ බව අධිකරණය හමුවේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළේය.
හපුතලේ අඩවි වන නිලධාරී පියල් පෙරේරා මහතා මෙම පැමිණිල්ල උසාවිය හමුවේ ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd