(තිලකරත්න දිසානායක)
ජනතාව නොමග යවමින් වෙළඳාම් සිදුකළ වෙළඳුන් 32 දෙනෙකුට එරෙහිව අද (02) නීතිමය පියවර ගත්බව පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
කූට අන්දමින් වෙළඳාම් සිදු කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි මත පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය කැලණිය , බියගම සහ ගෝනවල යන ප්‍රදේශයන්හි දී සිදුකළ වැටලීම්වලදී වංචනික ලෙස කටයුතු කළ වෙළඳුන් 32 දෙනෙකුට මෙලෙස නීතිමය පියවර ගත් බව දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
ඔසුසල් , ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල් , සිල්ලර වෙළඳසැල් , බේකරි නිෂ්පාදන අලෙවිසැල් , එළවලු වෙළඳසැල් සහ භෝජනශාලා පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී එම වෙළඳසැල් වල තිබී කල් ඉකුත් වූ ඖෂධ, කල් ඉකුත් වූ තීන්ත අලෙවියට තැබීම , එළවලු සහ ආහාර පාන වල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම , පෙති කපා අසුරා ඇති පාන්වල කල් ඉකුත් වූ දිනයන් නොමැතිවීම, මිල සහ කාණ්ඩ අංක සඳහන් නොකර පාරිභෝගිකයින් මුලාවට පත් කරමින් වෙළඳාම් කිරීම යන කරණු මත මෙම වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගත්බව කළුතරආරච්චි මහතා පැවසීය.

COMMENTS
කඩවතටත් ඇවිල්ලා බලන්න. හැම තැනම ඔහොම තමා.
ඔය විදිහටම ජනතාව රවට්ට රවට්ට බලයට පැමිණ හොරකම් වංචා දූෂණ කර කර රට විනාශ කර කර තමන්ගේ මඩිය විතරක් තරකරගන්න කූට දේශපාලුවටත් ඔහොම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමා ප්‍රශ්නේ.
මේ වෙළඳසැල් ප්‍රසිද්ධ කල යුතුය