(එස්. ඩි. කොඩිකාර )
අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොටපොල ප්‍රදේශයේ දී රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අද (2) සිදු වූ ත්‍රි රෝද රථ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව කොස්මෝදර පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බෙවර්ලිය ඉහළ කොටස, බෙවර්ලිය ,දෙනියාය ලිපිනයේ පදිංචි (61) හැවිරිදි තංගවේළු ගනේෂන් නැමති දෙදරු පියෙකි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිය ඥාතියකුගේ නිවසක වැඩ කටයුත්තක් සඳහා ගොස් නැවත නෙළුව මාර්ගය ඔස්සේ දෙනියාය ප්‍රදේශයේ සිය නිවස බලා සිටින අතරතුර කොටපොල ප්‍රදේශයේ දී රියදුරුට නින්දයාමෙන් අනතුර සිදුවී ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (2) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd