(ප්‍රසාද් රුක්මල් සහ විජේරත්න රත්නායක)
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුම්පොළේ තිබූ පිරිමි මළසිරුරක් අද (3) සොයාගත් බව හාලිඇල පොලිසිය පවසයි.
මෙම මළසිරුර හාලිඇල කිවින්ස්ටවුන් වත්තේ සෙරෙන්ඩිබ් කොටසේ පදිංචිව සිටි පී. බවානන්දන් (32) නැමැත්තෙකුගේ බව හඳුනාගෙන ඇත.
මොහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බවත්, නිවාඩු ලබා ඊයේ (2) රාත්‍රියේ කොළඹ සිට හාලිඇල බලා පැමිණඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.
කොළඹ සිට බදුල්ල බස්රථයකින් පැමිණ ඇති මොහු අලුයම හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ බදුල්ල බස්රථ නැවතුම්පොළ අසළදී බසයෙන් බැස නිවසට යාමට සැරසෙද්දී මෙසේ මරණයට පත්ව ඇති බවත්, මොහුගේ ඇඳුම් බෑගයක තිබී හෘද රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය සායන පොතක් ද තිබී හමුවිනැයි පොලිසිය සඳහන් කළේය.
මොහු බසයෙන් බැස යාමට සූදානම් වෙද්දි මෙසේ හදිසියේ රෝගී වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හාලිඇල බස් නැවතුම්පළේ මළ සිරුරක්