(නිශාන්ත කුමාර)
පාසල් දරුවන්ට ගංජා මිශ්‍ර මත්ගුලි අලෙවි කළ පුද්ගලයෙකු අද (02) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද නවයේ කණුව ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වයස අවුරුදු 54 ක පුද්ගලයෙකි.
වෙළඳසැලක් තුළ තබාගෙන ගංජා මිශ්‍ර මත්වන ගුලි විශේෂයක් පාසල් දරුවන්ට අලෙවි කරන බවට පොලිසිය ලද තොරතුරක් මත රිදීමාලියද්ද පොලීසියේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබූ මත්ගුලි ද පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු අද (02) මහියංගන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd