IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බිලිඳු මළ සිරුරක් ගෙවත්තකින් හමුවෙයි

(ප්‍රේමතිලක පෙරමුණ) 
 හොරණ, පේරුව ප්‍රදේශයේදී   අද උදෑසන (02)  බිළිඳු මළ සිරුරක්  හමු වූ  බව  මීගහතැන්න පොලීසිය පවසයි . 

පොලිස් හදිසි ඇමතුම් ඇමතුම් (119) ඒකකයට ලැබුණු තොරතුරක් මත  කළ සෝදිසියකදී  මෙම මළ සිරුර හමු වී ඇති අතර මළ සිරුරේ කොටස් ස්ථාන දෙකකදී පොලිසිය විසින් සොයාගෙන ඇත

 මෙම ප්‍රදේශයේ නිවසක ඇති කරන සුනඛයකු විසින් බිලිඳු මළ සිරුරේ හිස සහිත කඳ කොටසක් රැගෙන විත් තිබෙනු දැක ඇති නිවෙස් හිමියා විසින් පොලිසියට  වෙත දැනුම් දී ඇත. ඒ අනුව  මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එම් ජේ ආරියවංශ මහතා  ඇතුළු පොලිස්  නිලධාරීන්  සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේ දී ලැබුණු තොරතුරු අනුව ඝාතනය කළ බිළිඳාගේ කොටස් දමා තිබූ පැරණි  වැසිකිළි වළක් සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැක කටයුතු කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර  පොලිස් පරීක්ෂණ සිදු කරමින් පවතී .

 



අදහස් (0)

බිලිඳු මළ සිරුරක් ගෙවත්තකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 835 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1780 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site