(ප්‍රේමතිලක පෙරමුණ)
හොරණ, පේරුව ප්‍රදේශයේදී අද උදෑසන (02) බිළිඳු මළ සිරුරක් හමු වූ බව මීගහතැන්න පොලීසිය පවසයි .
පොලිස් හදිසි ඇමතුම් ඇමතුම් (119) ඒකකයට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී මෙම මළ සිරුර හමු වී ඇති අතර මළ සිරුරේ කොටස් ස්ථාන දෙකකදී පොලිසිය විසින් සොයාගෙන ඇත
මෙම ප්‍රදේශයේ නිවසක ඇති කරන සුනඛයකු විසින් බිලිඳු මළ සිරුරේ හිස සහිත කඳ කොටසක් රැගෙන විත් තිබෙනු දැක ඇති නිවෙස් හිමියා විසින් පොලිසියට වෙත දැනුම් දී ඇත. ඒ අනුව මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එම් ජේ ආරියවංශ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේ දී ලැබුණු තොරතුරු අනුව ඝාතනය කළ බිළිඳාගේ කොටස් දමා තිබූ පැරණි වැසිකිළි වළක් සොයා ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැක කටයුතු කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ සිදු කරමින් පවතී .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd