(අජිත්ලාල් ශාන්තඋදය)
අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා පෞද්ගලික බස් රථ ධාවනය කරන හිමිකරුවෝ අද (03) ප‍්‍රවාහන සේවාවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ඇරඹූහ.
මේ නිසා අවිස්සාවේල්ල - රත්නපුර, ඇහැළියගොඩ- රත්නපුර අතර දිවෙන පෞද්ගලික බස් රථ සියල්ල ද අවිස්සාවේල්ල - ඇහැළියගොඩ සහ කුරුවිට - රත්නපුර අතර දිවෙන පෞද්ගලික බස් රථ කිහිපයක් හැර වැඩි ප‍්‍රමාණයක් ද ධාවනය නොවිණි.
කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මෙම බස් වර්ජනය ඇරඹීම නිසා පාසල් සිසුන්, රජයේ සහ පෞද්ගලික අංශවල සේවයට යන පිරිස් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අසීරුවට පත්ව සිටිති.
මේ සම්බන්‍ධයෙන් සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප‍්‍රියන්ත බටවල මහතාගෙන් විමසූවිට ඔහු පැවසුවේ මෙම බස් හිමියන් බස් වර්ජනයක් පවත්වන බව දැනුම් නොදුන් බවයි.
අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගයේ පෞද්ගලික බස් හිමියන් ඉල්ලීමක් කරමින් රත්නපුර සිට කෑගල්ල දක්වා ගමන්ගන්නා බස් රථ සහ කෑගල්ලේ සිට රත්නපුර දක්වා ගමන් ගන්නා බස් රථ අවිස්සාවේල්ල නගරයට නොගොස් ඇහැළියගොඩ පනාවල හරහා දෙහි ඕවිට මාර්ගයේ ධාවනය කරන්නැයි ඉල්ලා සිටි බවද සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.
“පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තනතුරු දරා දැනට ඒ තනතුරු අහිමිවූ සමහරුන්ට අයත් බස් රථ මාර්ග බලපත් නොමැතිව ධාවනය වන බවත් ඒවා නවත්වා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.
පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුලූ පළාතේ රාජ්‍ය සහ පොලිස් ප‍්‍රධානීන් 02දා රත්නපුර නව නගරයේ සබරගමු පළාත් සභා කාර්යාලයට කැඳවලා එම මාර්ගයේ බස් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. මේ මාර්ගයේ සියලූම බස් රථ 70කට වැඩියි. සාකච්ඡාවට ආවේ 6දෙනයි. බලපත‍්‍ර නොමැතිව ධාවනය වන පෞද්ගලික බස් පොලිසිය මගින් ඇල්ලූවා. මාර්ග බලපත් ලබාගන්නා තුරු ධාවනය නොකරන ලෙස අවවාද කළා.
බස් හිමිකරුවන් ඉල්ලන්නේ කෑගල්ලට යන සහ කෑගල්ලෙන් රත්නපුරේට එන පෞද්ගලික බස් අවිස්සාවේල්ල හරහා ධාවනය කරවන්න එපා කියලා. ඒඉල්ලීම මගීන්ට කරන ලොකු අසාධාරණයක්. බස් සේවාවන් පවත්වාගෙන යායුත්තේ මගීන්ගේ පහසුවට මිසක් බස් හිමියන්ගේ උවමනා එපාකම් ඉටු කරන්න නෙවෙයි. ඒ ඉල්ලීමට කොහෙත්ම ඉඩ දෙන්න බෑ. මේ බස් හිමියෝ සාකච්ඡාවට එන්නේ නැතුව හිතුවක්කාර අන්දමින් බස් ධාවනය නවත්වලා තියෙන්නේ.
මේ වෙනකොට අවිස්සාවේල - රත්නපුර මාර්ගයේ මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලංගම බස් රථ යොදවලා තියනවා. දිගටම බස් වර්ජනය කලොත් විකල්ප පියවරක් මගීන් වෙනුවෙන් ගන්න වේවි” යැයි සබරගමුව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප‍්‍රියන්ත බටවල මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අවිස්සාවේල්ල - රත්නපුර පෞද්ගලික බස් රථ හිමිකරුවෝ වර්ජනයක