IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


යතුරුපැදිය තාප්පයක ගැටී ප්‍රධාන පොලිස් පරීක්ෂක මරුට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ දී තමා පැදවු යතුරුපැදිය පාරෙන් ඉවතට පැන තාප්පයක හැපීමෙන් මාතර කොට්ඨාස අපරාධ අංශ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊබට් කොළඹගේ මහතා අද (02) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි දික්වැල්ල පොලීසිය පවසයි.

 පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සිටි ඒ මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලැබ ඒ වන විට ගත වී තිබුණේ දින දෙකක කාලයකි.

තම පොලිස්  ස්ථානයේ උප පොලිස් තනතුරට උසස්වීම් ලැබු සහෝදර නිලධාරියෙකුගේ නිවසට ගොස් ආපසු සිය නිවසට යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබුණි.

දික්වැල්ල වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු ප්‍රධාන පොලිස් පරීක්ෂක කොළඹගේ මහතා මිය යන විට 45 වැනි වියේ පසු වු තිදරු පියෙකු විය.
අනතුරින් බරපතල තුවාල ලබා ඔහු බතීගම රජයේ රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් තිබුණි.
 
 මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත දික්වැල්ල පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජී.සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

යතුරුපැදිය තාප්පයක ගැටී ප්‍රධාන පොලිස් පරීක්ෂක මරුට

Senarath Monday, 02 March 2020 09:36 AM

එතුමාට නිවන් සුව අත්වේවා !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 835 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1780 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site