හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අද (25) අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 6 years ago
ඇඳිරිය මැද දැදුරු ඔයේ නාන්න ගිය අයෙක් අතුරුදන් ඇදිරි නීතිය ක්‍රියාත්මකව පැවතියදි හලාවත දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයකු දැදුරු ඔයේ ගිලි අද ( 25 ) පස්වරු අතුරුදන්ව ඇති බව හලාවත පොලිසිය කියයි. 6 years ago
හොරොව්පොතාන මොරකෑව භටයාට කොරෝනා නෑ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා හොරොව්පොතාන මොරකෑව ප්‍රදේශයට පැමිණ සිටි නාවික හමුදා සෙබළාගේ සිදුකල පී.සී.ආර් පරික්ෂනයෙන් ක්රොනා ආසාදනය වී නොමැති බවට තහවරු වූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තහවුරු කරයි. 6 years ago
බළන්ගොඩ නාවික සෙබලුන් තිදෙනාට කොරෝනා නෑ බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ බෝවත්ත හපුගහකුඹුර මොළමුරේ යන ප්‍රදේශයන්හි පදිංචි වැලිසර නාවික හමුදා සෙබලුන් කෝවිඩ් වෛරසය ආසාධිත නොවන බවට පී.සී. ආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. 6 years ago
කසිප්පු ඔත්තුවට වැටලූ ගෙදර කංසා තවානක් බෙලිඅත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළ කසිප්පු පෙරන බවට ලද ඔත්තුවක් අනුව නිවෙසක් වැටලූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එම නිවෙස ඉදිරිපිට තවාන් කර තිබූ කංසා තවානක් සොයාගැනීමට හැකිවූ බව බෙලිඅත්ත පොලිසිය කියයි. 6 years ago
වැලිසරින් රත්නපුර රෝහළට ඇතුළත් කළ සෙබලුන් දෙනෛක් කොළඹට රත්නපුර මහ රෝහළට ඇතුළත් කළ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබලුන් අතරින් දෙදෙනක් කෝවිඩ් ආසාදනය වී ඇති බව පී. ආර්. පරීක්ෂණයෙන් හෙළිවී තිබේ. 6 years ago
කුරුණෑගල රෝහලේ මෘත ශරිරීගාරයේ සේවකයින් තිදෙනකු නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණ සිටි මාවතගම ප්‍රදේශයේ නාවික හමුදා සාමාජිකයෙකු සමග සමීපව ඇසුරු කළ බව කියන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට සම්බන්ධ මෘත ශරීරාගාරයේ සේවය කරන තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. 6 years ago
ඉංගිරියේ ග්‍රාම නිලධාරී කාර්යාලයක් හොරු කඩලා ඉංගිරිය නම්බපාන ග්‍රාම නිලධාරි කාර්යාලයට ජනේලයෙන් ඇතුළු වූ කිසියම් පුද්ගලයෙක් එහි කබඩ් කඩා ලිපි ලේඛන ඇද දමා එය මතට භූමිතෙල් දමා පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි . 6 years ago
ගිනිගත්හේන නාවික සෙබළුන් දෙදෙනෙකු - පවුලේ සාමාජියන් නිරෝධායනයට කොවිඩ් 19 වයිසරය අසාදනය වූ නාවික සෙබළෙකු ගමන් ගත් බස් රථයේ පැමිණි නාවික හමුදා සෙබළෙකු සහ ඔහුගේ පවුලේ ඥාතින් පිරිසක් අද (25) ස්වයං නිරෝධානයට යොමු කිරීමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ. 6 years ago
නාවික සෙබළු 21 ක් පී.සී.ආර් පරීක්ෂණයකට (බිමල් ශ්‍යාමන් ජයසිංහ) වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළු 21 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අද (25) දින අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළදී පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කළ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක කළුතර මහ රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය. 6 years ago
රිදිමාලියද්දේ පදිංචි නාවික සෙබළෙකු බදුල්ල රෝහලට ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ කොරෝනා වයිරසය අසාදනය වූ බවට තහවුරු වූ නාවික සෙබළා සමඟ ඒකම බස් රථයේ පැමිණි රිදිමාලියද්ද, අලුකැටියාව, කුරාලේවෙළ ගම්මානයේ පදිංචි නාවික සෙබළෙකුට උණ රෝගී තත්වයක් ඇතිවීම හේතුවෙන් අද (25) බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය කියයි. 6 years ago
නාවලපිටියේ නාවික සෙබළුන් තිදෙනෙකු - පවුලේ ඥාතීන් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට පැමිණ සිටි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළුන් පස්දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් 23 දෙනෙකු අද (25) සිට දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරීමට නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago